ඉන්ධන අරපරෙස්සමෙන් භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට්විටර් පණිවුඩයත් තබමින් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
 
 
“තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බුදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ.
 
ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරමු.”
 
1214245
 
 
 
දර මිටියට ගිය කලක්
 
Dara Miti
 
අතීතයේ දී මඩුවල කැබලි කරන දර, කරත්ත හරහා නිවෙස් වෙත දර බෙදාහැරීම සුලභ වෙළෙඳාමකි. සාමාන්‍යයෙන් 80-90 දශකවල ගමක දර මඩුවක් යනු අතිශය සාමාන්‍ය දසුනකි. ඒකල දර ලිපක් නැති ගෙදරක් ශ්‍රී ලංකාවේ නොතිබුණු තරම්ය.
 
ඒහෙත් ගෑස් උදුන්, විදුලි උදුන් භාවිතය කරා යොමු වීම වැනි කරුණු හේතු කොට ගෙන දර ලිප් භාවිතයෙන් ජනතාව ඈත් වීම 90 දශකයේ  පටන් ක්‍රමානුකූලව සිදුවිය. ඒමෙන්ම සීඝ්‍ර නාගරීකණය ද ඒ සඳහා ඒක් හේතුවක් විය.
 
දර භාවිතය බොහෝ අවස්ථාවල දී ස්වසන රෝගවලට හේතුවක් ද වන අතර ඒය පාරිසරික ගැටළු ද ඇතිකරන්නකි. ඒමෙන්ම දර භාවිතයෙන් කෑම පිසීම අතිශය වෙහෙසකාරී අත්දැකීමකි.
 
කෙසේවෙතත් මෙරට ප්‍රමුඛතම ඉ-වානිජ්‍ය අඩවියක් වන කප්රුක විසින් දර මිටි ඔන්ලයින් මාර්ගයෙන් අලෙවි කිරීම මේ වන විට ආරම්භ කර තිබීම, ශ්‍රී ලංකාව ගමන් ගන්නේ කුමන දිශාවට ද යන ප්‍රශ්නාර්ථය මතුකරලන්නකි.
 
කප්රුක නිර්මාතෘ දුලිත් හේරත්, මේ පිළිබඳව සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් කියා සිටින්නේ තමන් කිසි දිනෙක ඔන්ලයින් දර වෙළෙඳාමක් ගැන සිතුවේවත් නැති බවයි. නමුත් ඒය මේ වන විට සත්‍ය වශයෙන්ම සිදුවන බව ඔහු කියා සිටී.
 
 0789
 
 
(biz.adaderana.lk)

 

 

 


 

THE LEADER TV 
 
 

ලංකාව අවධානමේ : ඇත්ත කියලා cid ඇවිල්ලා  

 

 
ස'ගේ ආණ්ඩුවේ ගමන්මග තීරකයා පවිත්‍රාද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්