The Leader News
BREAKING
බටහිර දොර වැසෙද්දී ශ්‍රී ලංකාවට මතුවන අලුත් මාවත●රුවන්වැලි සෑය ස්මාරකයක් ද: බෙල්-හරිශ්චන්ද්‍ර ගැටුම යළිත් කරලියට●අලියා නැගිට්ටවන ඇත් රජු කවුද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය●නැගෙනහිර බහාලුම් පර්යන්තය: අවිනිශ්චිතතාවේ දශකයක ආර්ථික පාඩම●වදනක: නිසරු භාවය, අශිෂ්ට භාවය හෝ තක්කඩි භාවය යනු කුමක් ද…?●සයිබර් වංචා සැකකරුවන් දහසක් දැලේ: නීතිය හමුවට නොපැමිණීමේ අර්බුදය●සෞදි අර්බුදය හමුවේ ලාංකික උම්රා බැතිමතුන් ගැන අවධානයක්●ශ්‍රීලංකන් සයිබර් ප්‍රහාරය වසන් කළාද? විමර්ශන දෙකක්●උතුරු-නැගෙනහිර රක්ෂිත අර්බුදයට අදියර දෙකක කඩිනම් විසඳුමක්●රාජ්‍ය වෙබ් අඩවි 85කට සයිබර් තර්ජනයක්: පද්ධති යාවත්කාලීන කිරීම ඇරඹෙයි●
Top Ad
පුවත්

'රට Lockdown කරන්න'- විමල් ඇතුළු පක්ෂ නායකයෝ ඉල්ලති

T

The Leader Desk

August 19, 2021 • 6:53 AM

'රට Lockdown කරන්න'-  විමල් ඇතුළු පක්ෂ නායකයෝ ඉල්ලති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජපක්ෂගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
  • ආණ්ඩුවේ මෙම හවුල්කාර පක්ෂ 10 පෙන්වා දෙන්නේ, අවම වශයෙන් සති 3ක් රට අගුළු දැමීමෙන් දැනට ඉහළ යන ආසාදිත චක්‍රය බිද දැමීමට හැකිවන බවය.
  • වර්තමානයේ රට විවෘතව තිබුණත්, නිරෝධායනය වෙන සහ රෝගයට බියෙන් තැති ගත් අධික පිරිස හමුවේ රට අකර්මන්‍ය වී ඇතැයි ඔවුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබේ .
  • රෝගය පාලනය කළ විට ඔවුන් විශ්වාසයෙන් නැවත ආර්ථික ක්‍රියාවලිය සමග මුසුවනු ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පාර්ශව 10 ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජපක්ෂගෙන්  ලිඛිත ඉල්ලීමක් කර ඇත.

 
මේ අතර කොරෝනා රෝග සංඛ්‍යා ලේඛන දත්ත හිතාමාතා විකෘති කරන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා  පියවර ගන්නැයි ද එම පක්ෂ නායකයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. 
 
අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ අමාත්‍ය උදය ගම්මන්පිල, ජාතික කොන්ග්‍රසයේ ඒ එල් එම් අතාවුල්ලා, එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්, ශ්‍රී ලංකා කොමියුනිස්ට පක්ෂයේ වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න සහ යුතුකම ජාතික සංවිධානයේ ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන් මේ ලිපියට අත්සන් කර තිබේ.
 
ආණ්ඩුවේ මෙම හවුල්කාර පක්ෂ 10 පෙන්වා දෙන්නේ, අවම වශයෙන් සති 3ක් රට අගුළු දැමීමෙන් දැනට ඉහළ යන ආසාදිත චක්‍රය බිද දැමීමට හැකිවන බවය.
 
 
වර්තමානයේ රට විවෘතව තිබුණත්, නිරෝධායනය වෙන සහ රෝගයට බියෙන් තැති ගත් අධික පිරිස හමුවේ රට අකර්මන්‍ය වී ඇතැයි ඔවුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබේ.
 
 
රෝගය පාලනය කළ විට ඔවුන් විශ්වාසයෙන් නැවත ආර්ථික ක්‍රියාවලිය සමග මුසුවනු ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පාර්ශව 10 ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් ය.
 
එමෙන්ම ඔවුන් ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ , මෙය ජාතික ආපදාවක් බැවින් ඊට මුහුණ දීම සඳහා සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් සැකසිය යුතු බවය.
 
ඊට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේම ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් සකස් කළ යුතු බවට ද ඔවුන් යෝජනා කර තිබේ.
 
 

WhatsApp Image 2021 08 19 at 11.58.44 AM

228074309 2966636713552166 489296121574671218 n
 

 
THE LEADER TV 
 
වසංගත සමයේ හෘද රෝගීන්ට උපදෙසක් 
 
 
මහින්ද දොලවත්ත ලවා ස'ගෙන් කළ ඉල්ලීම! 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...