වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
අන්තිම කැමැති පත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම සදහා පසුගිය ජුලි මස 19 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුනි.
 
එම සංශෝධනයේ අරමුණ වුයේ නොතාරිස්වරයකු ඉදිරිපිට නොවන එහෙත් සාක්ෂිකරුවන් පස් දෙනෙකු ඉදිරිපිටදී පමණක් ලියා අත්සන් තබන අන්තිම කැමති පත්‍ර අත්සන් තැබීමේදී සිදු වන වංචාවන් වැලැක්වීම බවයි රජය පවසන්නේ.
 
එහෙත් සාක්ෂිකරුවන් පස් දෙනෙක් ඉදිරිපිටදී අන්තිම කැමති පත්‍රයක් ලියා අත්සන් තැබීම සදහා වංචා වැලැක්වීමේ ආඥාපනතින්ද විධිවිධාන සලසා ඇති බැවින් එම ආඥාපනතේ සදහන් එකී විධිවිධානද සංශෝධනය කළ යුතු බව හදුනාගෙන ඇතැයි රජය පවසයි.
 
ඒ අනුව යෝජිත සංශෝධන ඇතුළත් කරමින් වංචා වැලැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරිම සදහා අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අගොස්තු  17 අගහරුවාදා රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
 
 
 
 
THE LEADER TV 
කොරෝනා කාලේ ගැබිණි අම්මලා ආරක්ෂා වන්නේ කොහොමද? 
 
 
 
ලෝක්ඩවුන් එකට විරුද්ධ බැසිල් ලු ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්