කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඉරිදා (11) පැවති 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සම්මේලනයේ වේදිකාවේ පසුතලය යොදා තිබුන රාජපක්ෂවරුන්ගේ මැදමුලන මහගෙදර

ආකෘතිය සම්බන්ධයෙන් සිය FB පිටුව හරහා ප්‍රශ්න කළ 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරියගේ මුහුණු පොතේ (FB ) පිටුව දින තුනකට අත්හිටුවා තිබේ.

මෙම වේදිකා ආකෘතිය පිළිබඳව උවිඳු විසින් පෙරේදා (11) පලකළ පොස්ටුව සම්බන්ධයෙන් එදින පස්වරුවේ සිට සමාජ මාධ්‍ය පරිශීලනය කරන බොහෝ දෙනෙකු සංවාදයට එක්ව තිබිණ. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික මන්ත්‍රීවරුන් දක්වා එම සංවාදයට එක්ව සිටියද ඔවුන් කිසිවකුත් ඊට නිසි පිළිතුරක් ලබාදීමට අසමත්ව තිබිණ.

මෙම වේදිකා පසුතලය හා ඒ සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කතුවරයාගේ සටහන ඊයේ (12) උදැසන ITN නාලිකාවේ උදැසන පුවත්පත් විචාරක වැඩසටහනේදී ද සාකච්ජාවට ලක්විය.

 

මෙලෙස සිය FB පිටු අත්හිටුවීමට ලක්වූ දේශපාලන ක්‍රියාකාරිකාරීන් කිහිප දෙනෙකු සිය අද්දැකීම් විස්තර කරමින් 'ද ලීඩර්' වෙත පැවසුයේ, ඇතැම් දේශපාලන කණ්ඩායම් සංවිධානාත්මකව පැමිණිලි කරමින් ප්‍රතිවාදීන්ගේ FB පිටු බ්ලොක් කරවීමට කටයුතු කරන බවයි. එය මේවනවිට සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්වී ඇතැයි ද ඔවුන් සඳහන් කළේය.

එසේ පැමිණිලි කිහිපයක් එක දිගට ලැබුන වහාම කිසිඳු තර්කානුකුල භාවයකින් තොරව එවැනි චෝදනා ලද FB පිටු මුළුමනින්ම අත්හිටුවීමට හෝ දින කිහිපයකට අත්හිටුවීමට FB ආයතනය කටයුතු කරන බවද ඔවුන් පැවසිය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වූ FB සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු මෙසේ පැවසිය.

'' පසුගිය කාලයේ ජනාධිපතිවරයාට එරෙහිව FB එකේ දිගින් දිගටම ප්‍රහාරාත්මක පොස්ටු පළවූ අවස්ථවේදී, ජනාධිපතිතුමාගේ නිලධාරීන් FB ආයතනයේ ලොක්කන්ව ශ්‍රී ලංකාවට කැඳවලා බලපෑම් කලා, FB ලංකාවේ තහනම් කරනවා කියලා. ජනාධිපතිගේ නිලධාරීන්ගේ චෝදනාකලේ ජාතින් අතර ගැටුම් ඇතිවන ආකාරයේ මතවාද FB එකේ දිගටම පලවෙනවා කියලා.

ඊට පිලියමක් විදියට තමන් මින් ඉදිරියට තම කාර්ය මණ්ඩලයට සිංහල කියවන්න දන්නා කිහිප දෙනෙකු බඳවා ගන්නම් කියලා FB ලොක්කෝ සහතික වුනා.

ඒ අනුව FB ආයතනය අයර්ලන්තයේ ඉගෙනුම ලබන සිංහල කට්ටියක් බඳවා ගත්තා. එයාල ඉන්නේ අයර්ලන්තයේ බෙල්පාස් වල. එසේ බඳවා ගත් ගොඩක් අය ජාතිවාදී මතදරණ සිංහල පිරිස් බව දැන් හඳුනාගෙන තියනවා. පසුගිය කාලයේ මුස්ලිම්වරුන්ට පහරදෙන අවස්ථාවලදී එම කාර්ය මණ්ඩලය ක්‍රියාකළ ආකාරය ගැන දැනටමත් පරීක්ෂණයක් ආරම්භ වෙලා තියනවා''

උවිඳුගේ තහනමට හේතුව ?

කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ උවිඳු කුරුකුලසුරියගේ FB පිටුව අවහිර කරලීමේ පැමිණිල්ලට පාදක කර ගෙන ඇත්තේ 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවියේ 2017 අප්‍රේල් මස 25දා පළකර තිබු පොත් විචාරයකට අදාලව එහි පොත් කවරයේ පලවී තිබු ජායාරුපයකි.

ඉන්දියාවේ පහළ වූ ඉහළම ගණයේ බුද්ධිමතෙකු වූ ආචාර්ය බී ආර් අම්බෙත්කාර්ගේ ප්‍රසිද්ධ කෘතියක් වන 'ඇනැහිලේෂන් ඔෆ් කාස්ට්’ (Annihilation Of Caste) නැමති කෘතිය ඕෂධී නයනතාරා ගුණසේකර විසින් සිංහලට පරිවර්තන කර ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබු අතර නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසින් ඒ සම්බන්ධයෙන් ''අම්බෙත්කාර්ගේ කුලය මුලිනුපුටා දැමීම දැන් සිංහලෙන්'' යන ශීර්ෂයෙන් යුතුව සිදුකරනු ලැබූ විචාරයක් 2017 අප්‍රේල් මස 25දා 'කලම්බු ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවියේ පලවී තිබිණ.

එසේ පළකර තිබු විචාරය සඳහා අදාල කෘතියේ කවරයේ ජයරුපයක් ද යොදාගෙන තිබිණ. එහි දැක්වෙන්නේ මිට දසක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ අඩුකුල කාන්තාවන් දෙදෙනෙකුගේ ජායාරුපයකි. (එකල අඩු කුලයේ යැයි ප්‍රකාශිත සමාජයේ කාන්තාවන්ට උඩුකය ආවරණය තහනම්ව තිබිණ).

ඊට අදාලව FB පිටුවේ පළකර තිබු ජායාරුපයේ කාන්තාවකගේ තනපුඩු ප්‍රදර්ශනය වන බවට චෝදනා කරමින් සංවිධානාත්මක පිරිසක් උවිඳුට එරෙහිව FB ආතනයට පැමිණිලි කර ඇත. (නමුත් FB පොස්ටුවේ පෙනෙන්නේ එක් තනපුඩුවක් පමණි.)

මෙසේ උවිඳුට එරෙහිව පැමිණිලිකර ඇත්තේ පොහොට්ටු සම්මේලනය ආරම්භ කිරීමට සුළු මොහොතකට පෙර ඔහු විසින් ඔහුගේ FB පිටුවේ පහත පොස්ටුව පළකිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් තිවුණු සංවාදයක් ආරම්භවී තිබියදීය.

Uvindu Post 1 

කෙසේවුවද FB ආයතනය දින තුනකට උවින්දුගේ FB ගිණුම අත්හිටුවීමට හේතුව ලෙස දක්වා ඇත්තේ, ඔහුගේ FB පිටුවේ නිරුවත් හා ලිංගික ජයාරූප (nudity and sexual activity) පලවී ඇති බවත් එය තම ආයතනයේ ප්‍රතිපත්තිවලට පටහැනි බවත් සඳහන් කරමිනි.

ඒ සම්බන්ධයෙ ට්විටර් පණිවිඩයක් නිකුත්කර ඇති උවිඳු කුරුකුලසූරිය, මෙසේ තම FB පිටුව අත්හිටුවීම, අදහස් ප්‍රකාශකිරීමේ නිදහසට සිදුකල බාධාවක් බව අවධාරණය කර සිටියි.

 @facebook blocked me for 3days for sharing a book review which I shared 2years ago. FB said it's against their standards on nudity&sexual activity! It is the Sinhala translation of DrAmbedkar's book against caste https://t.co/pxhtCmsXcB That's weird! #lka #SriLanka #Censorship

Uvindu twite

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්