මාරාන්තික වසංගතය පාලනය සදහා රට අගුලු දැමිමේදී සිදුවන ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීම
සඳහා යයි පවසමින් වැඩ කරන ජනතාවගේ මුදල් ලබාගැනීමේ සැලසුමක් යළිත් වරක් ආණ්ඩුව විසින්ම යෝජනා කර තිබේ.
 
ඒ වසංගත සමයේ ආධාර වශයෙන්  ජනාධිපති කාර්යාලයේ ඉටුකම ව්‍යාපෘතියේ පළමු අදියර වෙනුවෙන් කෝටි ගණනක මුදලක් රැස්කරගෙන තිබියදීය.
 
ශ්‍රී ලංකාවේ වසගත ව්‍යාප්තිය ආරම්භ වු 2020 වසරේ දී රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුපෙන් කොටසක් ලිඛිතවම ඉල්ලා සිටි ජනාධිපති ලේකම් වෘත්තීය සමිති විරෝධය හමුවේ එම සැලසුම අකුලා ගන්නට සිදුවිය.
 
යළිත් වරක් ආණ්ඩුවේ අමාත්‍යවරුන් දෙදෙනකුම මේ වන විට යෝජනා කර ඇත්තේ වසංගතය පාලනය වෙනුවෙන්  රට වසන්නේනම් වැඩ කරන ජනතාවගේ මාසික වැටුපෙන් කොටසක් පරිත්‍යාග කළ යුතු බවයි.
 
 
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අගෝස්තු 20 සිකුරාදා පෙරවරුවේ සංචාරක අමාත්‍යවරයා යෝජනා කර තිබුනේ රට අගුලු දමන්නේනම් ජනතා නියෝජිතයන් හා රාජ්‍ය, පෞද්ගලික  අංශයේ වැඩි කරන ජනතාවගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කළ යුතු බවයි.
  
"රට අගුලු දා තිබෙන කාලසීමාවේදී මා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ගේ වැටුපෙන් 50% ක්, සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30% ක්, පරිත්‍යාග කරමින් දායකත්වය දැක්වීමට යෝජනා කරමි."
 
එම වැඩපිළිවෙළ සදහා සිය දායකත්වය ලබාදීමට ඇති සුදානමද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාට දැනුම් දී තිබුනි.
 
PR
ප්‍රසන්න රණතුංග
 
 
මද කලකට රට අගුලු ලෑම වෙනුවට සෞඛ්‍යාරක්ෂිත හැසිරීමකට හුරු වෙමින් රට පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයාට යෝජනා කරන සංචාරක අමාත්‍යවරයා පවසන්නේ රට අගුලු ලෑම යෝජනා කරන කිසිවෙක් ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවලට විසදුම් ඉදිරිපත් නොකරන බවයි.
 
අති බහුතරයක් වු කුලී නිවැසියන් සිටින බවද අමතක නොකළ යුතු බව සිහිපත්  කරන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනුම් දෙන්නේ රට වසා දමන්නේනම් මාසික වැටුපක් නොලබන ජනතාව රැක ගැනීම වෙනුවෙන් වැඩ පිළිවෙලක් අවශ්‍ය බවයි.
 
ඒ සඳහා වැඩ කරන ජනතාවගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කිරීමට යෝජනා කරන අමාත්‍යවරයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශයේ සේවකයන් එයින් නිදහස් කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.
 
"මෙම වැඩ පිළිවෙල සකසන විට වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා දැඩි කැපවීමකින් කටයුතු කරන සෞඛ්‍ය ආරක්ෂක ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර හදුනාගෙන ඔවුන්ට විශේෂයෙන් සැලකීමේ හැකියාව ඇත."
 
එම කාලසීමාව තුල වැඩකරන ජනතාව තම ජීවිතය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ගැන අමාත්‍යවරයා අවධානයක් යොමු කර ඇති බවක් ලිපියෙන් දිස්වන්නේ නැත. 
 
අද රාත්‍රී 10 සිට අගෝස්තු 30 වැනි  සඳුදා දින දක්වා රට  දීප ව්‍යාප්ත අගුලු දැමීමක් රජය මේ වන විටත් නිවේදනය කර තිබේ.
 
dfdfdd බන්දුල ගුණවර්ධන | සිසිර ජයකොඩි
 
අගෝස්තු 19 බ්‍රහස්පතින්දා පස්වරුවේ කළුතර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කර තිබුනේ සියලුම රජයේ සේවකයන්, මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් තමන්ගේ මාසික වැටුපෙන් හරි අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවීමේ යෝජනාවක් පැමිණෙන්නේ නම් දින 14 රට වසා දැමීමට තීරණයක් ගත හැකි බවයි.
 
වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සිය පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප කොවිඩ් 19 අරමුදලට බැර කිරීම ජනාධිපතිවරයාගේ දැඩි ප්‍රසංසාවට ලක් වු බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර අගෝස්තු 19 වැනිදා ප්‍රකාශයට පත් කර තිබුනි.
 
 
 
පීබීගේ පුද්ගලික මුදල් ආයාචනය
 
ශ්‍රී ලංකාවේ වසගත ව්‍යාප්තිය ආරම්භ වු 2020 වසරේ වෙසක් පෝදාට පෙර දින ආයතන ප්‍රධානීන් අමතා ජනාධිපති ලේකම් විසින් රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුපෙන් කොටසක් ඉල්ලා තිබුනි.
 
වසංගත සමයේ ආධාර වශයෙන් කෝටි ගණනක් රැස්කරගෙන තිබෙන ජනාධිපති කාර්යාලයේ 'ඉටුකම' ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් එකතු කරගැනීම සඳහා රජයේ සේවකයන්ට බලපෑම් සිදුව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද පසුව පිළිගෙන තිබුනි.
 
 sdg
ආචාර්ය පී.බී ජයසුන්දර
 
 
ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එවකට හෙළිකොට තිබුනේ ජනාධිපති ලේකම් ආචාර්ය  පී.බී ජයසුන්දර රාජ්‍ය සේවකයන් සියලු දෙනා වෙත ඔවුන්ගේ ප්‍රධානීන් හරහා සිදුකළ පුද්ගලික මුදල් ආයාචනයට අනුව විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සේවකයන් වෙත මුදල් ඉල්ලා ලිපි යොමු කර තිබෙන බවයි.
 
"එම ලිපි ලේඛන අනුව වැටුප හෝ ඉන් කොටසක් අඩුකර යැවීම අනිවාර්ය කරුණක් බවට පත් වී ඇති බවත්, ඒ සදහා රජයේ සේවකයන්ට වක්‍රව හා ඝෘජු බලපෑම් ඇති බවටත් මානව හිමිකම් කොමිෂන් සභාවට නිරීක්ෂනය වී ඇත," යි ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය වසරේ නිවේදනය කර තිබුනි.
 
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග රැස්කොට මේජර් ජනරාල් කේ. බී එගොඩවෙලගේ නායකත්වයෙන් පවත්වාගෙන යන COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය අද වන විට රුපියල් 1,827,314,924.65  බව ජනාධිපති කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.
 
සෞඛ්‍ය සේවා, ඖෂධ, පරීක්ෂණ උපකරණ සහ ධාරිතා වර්ධනය ඇතුළු COVID-19 කළමනාකරණය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් දරන ලද වියදම් වෙනුවෙන් එම අරමුදල් යෙදවීමේ එක ක්ෂේත්‍රයක් ලෙස නම් කර ඇත.
 

 

 


 

THE LEADER TV 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 
වකුගඩු රෝගීන්ට වසංගත සමයේ අවදානමෙන් මිදෙන උපදෙස් 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්