ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් විරසිංහ ප්‍රකාශ කළේය.
මෙරට ඉතිහාසයේ එක් වසරකදී විදේශගත ශ්‍රී ලාංකිකයින් රටට එවු වැඩිම මුදල එය බව ද අධිපතිවරයා පැවසිය .
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 879 මුදලක් මෙරටට ලැබිණි.
එම මුදල් ප්‍රමාණයත් සමගම, 2025 වසරේ සමස්ත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 8.1 ක් වාර්තා කළ බව ද අධිපතිවරයා කීය.
වසර 2024 ට සාපේක්ෂව වසර 2025 දී මෙහි සිදු වි ඇති වර්ධනය සියයට 22.8 ක්වේ.
ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම අගය වාර්තා කරමින් එ.ජ. ඩොලර් බිලියන 8.1ක සීමාව ඉක්මවා ඇත.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වලට දිට්වා සුළි කුණාටුවෙන් පසුව ලැබුණු ප්‍රේෂණ වැනි වෙනත් ප්‍රේෂණ ද ඇතුළත් විය හැකි බව ද නන්දලාල් විරසිංහ වැඩිදුරටත් පැවැසිය.
(සටහන | ජේ. මුණසිංහ)




