The Leader News
BREAKING
Top Ad
පුවත්

‘ලෙකෝ’ සභාපතිට කෝටි 8 ක සැප රියක් ඇනවුම් කරලා?

T

The Leader Desk

November 18, 2025 • 6:05 AM

‘ලෙකෝ’ සභාපතිට කෝටි 8 ක සැප රියක් ඇනවුම් කරලා?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘මාලිමා’ ආණ්ඩුව පත්වීමෙන් පසුව ‘ලෙකෝ’ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතුල සිල්වා ඉවත්කර ජනක අලුත්ගේ පත්කළ බවත් ඉන් පසුව ඔහු ඉවත් කර වර්තමාන සභාපති කනිෂ්ක ජයසේකර පත්කළ අතර ඔහු මීට දින කීපයකට පෙර සභාපති ධුරයේ වැඩ ආරම්භ කළ බවත් සේවකයෝ පවැසූහ.
  • ‘ලෙකෝ’ සමාගමේ මීට පෙර සිටි සභාපතිවරුගේ පාවිච්චියට 2009 සහ 2013 වසරවල සුපිරි වාහන මිලදී ගෙන තිබූ බව කියන සේවකයෝ සඳහන් කළේ එම වාහන වර්තමානයේ ද වඩාත් හොඳ තත්වයේ පවතින බවයි.
  • ‘ලෙකෝ’ සමාගමේ ඉහළ කළමණාකාරිත්වයේ පාවිච්චියට ඊට පෙර සිටි සභාපතිවරු ඇතුළු උසස් නිලධාරීන් මිලදීගත් අලුත් වාහන ඇති බවත් ඒවා පාවිච්චි නොකර මෙම ආණ්ඩුව යටතේ අධික මිල අති සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම අනුමත කළ නොහැකි බවවත් සේවකයෝ පැවසූහ.
  • ‘ලෙකෝ’ සමාගම මේ ආකාරයට මුදල් නාස්ති කළ පසු එම පාඩු පාරිභෝගික ජනතාවගෙන් අයකරගන්නා බව කියන එහි සේවකයෝ ‘ලෙකෝ’ සමාගම සපයන සේවාවල ගාස්තු ඉතාම ඉහළ අගයක් ගන්නා බව ද සඳහන් කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):


රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි සමාගමක් වන ‘ලෙකෝ’ සමාගමේ සභාපතිවරයාගේ පාවිච්චියට ‘බෙන්ස්’ රථයක් තිබියදී මෙසේ නව ‘බෙන්ස්’ රථයක් ඇනවුම් කිරීම රාජ්‍ය මුදල් අවභාවත කිරීමක් බව කියන එහි සේවකයෝ එම සමාගමේ සෙසු නිලධාරීන්ගේ පාවිච්චියට යැයි පවසමින් බීයිඩී වාහන 10කට ආසන්න සංඛ්‍යාවක් ද පසුගියදා මිලදී ගත් බව ද සඳහන් කළහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වීමෙන් පසුව ‘ලෙකෝ’ සභාපති තනතුරට පත්කළ ජානක අලුත්ගේ ගේ කාලයේ මෙම ‘බෙන්ස්’ රථය ඇනවුම් කළ බවත් මෙම ඇනවුම් කිරීමේදී අදාල වාහන ආනයනය කරන සමාගම සතුව ඇති ‘රිදී’ (සිල්වර්) පාට බෙන්ස් රථයක් රුපියල් ලක්‍ෂ 700 ක් හෙවත් කෝටි 7 කට සැපයීමට යෝජනා කළ ද කළු පාට කාර් රථයක්ම ඉල්ලීම නිසා නව රථයක් ආනයනය කිරීමට සිදුවූ බවත් එහි සේවකයෝ පැවසූහ.

‘මාලිමා’ ආණ්ඩුව පත්වීමෙන් පසුව ‘ලෙකෝ’ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතුල සිල්වා ඉවත්කර ජනක අලුත්ගේ පත්කළ බවත් ඉන් පසුව ඔහු ඉවත් කර වර්තමාන සභාපති කනිෂ්ක ජයසේකර පත්කළ අතර ඔහු මීට දින කීපයකට පෙර සභාපති ධුරයේ වැඩ ආරම්භ කළ බවත් සේවකයෝ පවැසූහ.

‘ලෙකෝ’ සමාගමේ මීට පෙර සිටි සභාපතිවරුගේ පාවිච්චියට 2009 සහ 2013 වසරවල සුපිරි වාහන මිලදී ගෙන තිබූ බව කියන සේවකයෝ සඳහන් කළේ එම වාහන වර්තමානයේ ද වඩාත් හොඳ තත්වයේ පවතින බවයි.

‘ලෙකෝ’ සමාගමේ ඉහළ කළමණාකාරිත්වයේ පාවිච්චියට ඊට පෙර සිටි සභාපතිවරු ඇතුළු උසස් නිලධාරීන් මිලදීගත් අලුත් වාහන ඇති බවත් ඒවා පාවිච්චි නොකර මෙම ආණ්ඩුව යටතේ අධික මිල අති සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම අනුමත කළ නොහැකි බවවත් සේවකයෝ පැවසූහ.

විදුලිබල අමාත්‍යංශයේ වර්තමාන ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහු නිල බලයෙන් ‘ලෙකෝ’ සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කරන බව කියන ‘ලෙකෝ’ සේවකයෝ මෙවැනි මුදල් නාස්ති වැලැක්වීමට වර්තමාන ආණ්ඩුවට ද උවමනාවක් නොමැති යැයි මෙවැනි සිද්ධීවලින් පැහැදිළි වන බව ද සඳහන් කළහ.

‘ලෙකෝ’ සමාගම මේ ආකාරයට මුදල් නාස්ති කළ පසු එම පාඩු පාරිභෝගික ජනතාවගෙන් අයකරගන්නා බව කියන එහි සේවකයෝ ‘ලෙකෝ’ සමාගම සපයන සේවාවල ගාස්තු ඉතාම ඉහළ අගයක් ගන්නා බව ද සඳහන් කළහ.

‘ලෙකෝ’ සමාගමේ වර්තමාන සභාපති ඉංජිනේරු කනිෂ්ක ජයසේකර ගෙන් මෙම අති සුඛෝපභෝගී කාර් රථය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ බෙන්ස් රථයක් ඇනවුම්කර තිබුණ ද එම රථය මේ දක්වා ලැබී නොමැති අතර එය සිය කාලයේ ඇනවුම් කළ රථයක් නොවන බවත් තමන් වැඩ භාරගෙන දින කීපයක් පමණක් ගතවී ඇති බවත්ය.

එම රථය ගැනීම පිළිබඳව ගැටලුවක් ඇතැනම් එය පාවිච්චි කිරීමෙන් වැළකෙන බවත් එම රථය නියමිත ක්‍රියාපටිපාටියට ගෙන ඇද්දැයි සොයා බලමින් සිටින බවත් ඔහු කීය.

ඔහු දන්නා කාලයේ සිට සුපිරි වාහන පාවිච්චි කළ පුද්ගලයෙක් වීම නිසා මෙම බෙන්ස් රථය පාවිච්චි කිරීමේ උවමනාවක් නොමැති බව කී කනිෂ්ක ජයසේකර එය වෙනත් කෙනෙකුට අවශ්‍ය නම් දෙන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම ‘බෙන්ස්’ රථය පිළිබඳව එහි හිටපු සභාපති ජානක අලුත්ගේ ගෙන් කළ විමසුමකදී පැවසුවේ ඒ පිළිබඳව දැන් සිටින නිලධාරීන්ගෙන්ම විමසුවහොත් වඩාත් හොඳ බවත් එම රථය ඇනවුම් කළේ කවුද? ඇනවුම් කිරීමට හේතුව කුමක්ද? යන්න වර්තමාන සභාපති නොව ඉන්න අනිත් අයගෙන්ම අහගත යුතු බවත්ය.


(lankadeepa | යොහාන් භාසුර)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...