The Leader News
BREAKING
Top Ad
පුවත්

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට නායයෑමේ රතු නිවේදන

T

The Leader Desk

December 18, 2025 • 10:45 AM

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට නායයෑමේ රතු නිවේදන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උඩදුම්බර නායයෑමේ මුලික ලක්ෂණ තිබෙන ස්ථාන නායයෑමේ අවදානමක් පවතින බවත්, එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසට ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි.
  • එහි භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර පවසා සිටියේ, මෙම වැසි සහිත තත්ත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට ඉවත්වීමේ නායයෑම් රතු නිවේදන නිකුත් කළ බවය.
  • පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාව සමඟ නායයෑමේ පූර්ව ලක්ෂණ බොහෝමයක් ප්‍රදේශවල දක්නට ලැබෙන බැවින් නිවාස සහ ගොඩනැඟිලිවල ඉරිතැලීම් ඇත්තම් එම ස්ථානවලට නොයන ලෙස ද වසන්ත සේනාධීර ජනතාවගෙන් ඉල්ලා සිටී.
  • එම ස්ථාන නැවත නායයෑමක් හෝ කණ්ඩි කඩා වැටීමකට ලක්විය හැකි බැවින් එම ස්ථානයන් මඟහැර තමන්ගේ ආරක්ෂාව සලසා ගෙන ජීවිත රැකගන්නා ලෙස ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


උඩදුම්බර නායයෑමේ මුලික ලක්ෂණ තිබෙන ස්ථාන නායයෑමේ අවදානමක් පවතින බවත්, එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසට ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි.

එහි භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර පවසා සිටියේ, මෙම වැසි සහිත තත්ත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට ඉවත්වීමේ නායයෑම් රතු නිවේදන නිකුත් කළ බවය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩදුම්බර, ⁠මැදදුම්බර හා මිනිපේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම රතු නිවේදනය අදාළ වේ.

පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාව සමඟ නායයෑමේ පූර්ව ලක්ෂණ බොහෝමයක් ප්‍රදේශවල දක්නට ලැබෙන බැවින් නිවාස සහ ගොඩනැඟිලිවල ඉරිතැලීම් ඇත්තම් එම ස්ථානවලට නොයන ලෙස ද වසන්ත සේනාධීර ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම ස්ථාන නැවත නායයෑමක් හෝ කණ්ඩි කඩා වැටීමකට ලක්විය හැකි බැවින් එම ස්ථානයන් මඟහැර තමන්ගේ ආරක්ෂාව සලසා ගෙන ජීවිත රැකගන්නා ලෙස ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

 

adaderana.lk

වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු හයක් විවෘත යි

Victoria 251218


මේ නිසා වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු හයක් ස්වයංක්‍රියව විවෘත කර ඇත.

ඒ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මහවැලි ගංදෑලේ සිටින ජනතාව මෙි සම්බන්ධව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.

 

WhatsApp Image 2025 12 18 at 3.32.11 PM 1
ඡායාරූප : ජේ .ඒ. එල් .ජයසිංහ සහ චන්දන උඩුවාවල.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...