සම්බන්ධ විමර්ශන කටයුතු සියයට 80ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව පොලීසිය පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් ඒ බව සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ, 2026 පෙබරවාරි 13 වනදා වාර්තා වූ මෙම ද්විත්ම මනුෂ්‍ය ඝාතන සිද්ධියට අදාළව දින තුනක් ඇතුළත ප්‍රධාන වෙඩික්කරු ඇතුළුව පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වූ බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තිදෙනෙකු දින 90ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන අතර, සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඉදිරි විමර්ශන සිදුකරමින් සිටින බව ද ඔහු පැවසීය.
තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටින අතර, ඉදිරි දින කිහිපය තුළ වැඩිදුර ප්‍රගතියක් අපේක්ෂා කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




