මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිරිසක් රැස්වීමකට කැඳවා ඔවුන්ට දෝෂාරෝපනය කරමින් අවමන්
කර ඇතැයි වාර්තා වේ. 
 
අද 'සිලෝන් ටුඩේ' පුවත්පත මේ පිළිබඳ වාර්තාවක් පළකර ඇත. 
 
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දොස් පැවරමින් අවමන් කිරීම ලැජ්ජා සහගත බවයි.WhatsApp Image 2021 08 31 at 3.24.20 PM
 
 
ප්‍රශ්නගත රාජ්‍ය අමාත්‍යවරයාට ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු සඳහා මැදිහත්වීමට කිසිදු නෛතික හා ව්‍යාවස්ථාපිත බලයක් නැත. රාජ්‍ය ඇමති කබ්රාල් මුදල් අමාත්‍යාංශයේ මෙහෙයුම් කාමරයක් පමණක් හිමි, ජනාධිපතිවරයා විසින්ම සියළු කලමනාකරණ බලතල හා අනුබද්ධ ආයතන ඉවත් කළ අයෙකි. 
 
 
 
 
2021 අගෝස්තු 27 දින රාජ්‍ය අමාත්‍යවරයා මහ බැංකු නිලධාරීන්ගේ රැස්වීමක් කැඳවා එහි දී ‘මුල්‍ය මණ්ඩලයේ විෂයගත කරුණු‘ සම්බන්ධයෙන් දේශපාලනික අදහස් දැක්වීමක් සිදු කර ඇත. 
 
මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරුන් කිහිප දෙනෙකු සිය වෘත්තීය සීමාවන් තුල සිට පිළිතුරු සැපයීමේ දී රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට දැඩි ලෙස දෝෂාරෝපනය කර ඇත.  
 
රජය පස්සා දොරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ඇරඹීමට උත්සහ දරමින් සිටිය දී එම උත්සහ ද කඩාකප්පල්වන අයුරින්, නෛතිකව හෝ ව්‍යවස්ථාපිතව මහ බැංකුව සම්බන්ධයෙන් කිසිදු විෂය බලයක් නොමැති රාජ්‍ය අමාත්‍යවරයෙකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වෘත්තීය දැනුමට දේශපාලන බලය යොදාගනිමින් බලපෑම් කිරීම අශෝභන ක්‍රියාවක් හා දුෂණයක් වන්නේය. 
 
යහපාලන රජය සමයේ බැඳුම්කර ගනුදෙනුව සිදු කිරීමට පෙර ද එවකට යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම මෙලෙසම මහ බැංකුවේ මුල්‍ය මණ්ඩල තීරණවලට නිලධාරීන් කැඳවා බලපෑම් කරනු බවට චෝදනා එල්ලවිය.
 
එවකට මහ බැංකු අධිපතිවරයා වූ අර්ජුන මහේන්ද්‍රන් සිය බෑනා සමඟ එක්ව බැඳුම්කර වංචාව සිදු කරනු ලැබූවේ  ඉන් පසුවය.  ආණ්ඩු පක්ෂයේ කොටස් ද, විපක්ෂයේ දේශපාලනඥයින් ද, සිවිල් ක්‍රියාකාරීන් ද එය දැඩිව විවේචනයට කළේය.  
 
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ‘වෛහාරික විගණන වාර්තාවේ‘  (Forensic Audit) නම සඳහන්ව ඇති අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා, එහි පාර්ශවකරුවන් වූ නිලධාරීන්ට බලපෑම් කිරීම කණගාටුවට කරුණකි. 
 
මුදල් විෂය අජින් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයාගේ සියලු බලතල හා වගකීම් ක්‍රීඩා අමාත්‍ය  නාමල් රාජපක්ෂ වෙත ගැසට් මගින්  පවරා ඇත. 
 
හිටපු මහ බැංකු අධිපතිවරයෙකු ලෙස කටයුතු කල පමණින්, කුප්‍රකට ග්‍රීක බැඳුම්කර ගනුදෙණුවේ නිර්මාතෘවරයාට ද වන අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයාට සිය කැමැත්ත අනුව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් කැඳවීමට හැකියාවක් ද නොමැත. 
 
 

THE LEADER TV 
 
තොග මාසයකට : සීනිත් සලාකයට 
 
 
විමල් මෛත්‍රී ආණ්ඩුවෙන් එළියට! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්