මුදල් පනතට සංශෝධන කිහිපයක් එකතු කිරීම සඳහා ඊයේ  (07) පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී විපක්ෂයේ සිටින මුස්ලිම් පක්ෂ දෙකෙහි

මන්ත්‍රීවරුන්ගේ ද සහය පලවීම හේතුවෙන් වැඩි ඡන්ද 90කින් එම පනත සම්මත වී විය. 

එම සංශෝධනවලට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද  44ක් පමණි. ඡන්ද විමසන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් මගහැර ගොස් තිබු අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ද සභා ගැඹේ නොසිටියේය.
 
මෙහිදී වූ සුවිශේෂී කාරණය වන්නේ පෙරේදා (සැප් .06) හදිසි නීතිය පැනවීම සම්බන්ධව පැවති ඡන්ද විමසීමේදී මගහැර සිටි මුස්ලිම් පක්ෂ දෙකෙහි මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්ෂගේ මුදල් පනත් කෙටුම්පතට සහය පළකිරීමයි 
 
ඒ අනුව, මුදල් පනත සම්මත කර ගැනීම සඳහා ඉෂාක් රහුමාන්, එස්.එම්.එම්. මුෂරාෆ්, අලි සබ්රි රහීම්, ෆයිසල් කාසිම්, එච්.එම් .එම්. හාරිස්, එම්.එස්. තව්ෆික්, නසිල් අහමඩ් යන මුස්ලිම් පක්ෂ වල මන්ත්‍රීවරුන් සහය පළ කළේය. එසේම, සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රීක් මන්ත්‍රී ඒ. අරවින්ද් කුමාර් ද පනතට සහය දෙමින් ඡන්දය ප්‍රකාශ කළේය. 
 
කෙසේවුවද ආණ්ඩුවේ ප්‍රබලයකු වන විමල් වීරවංශ සහ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මුදල් පනත සම්මත කරන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටීමද සුවිශේෂී කාරණයකි. 
 

THE LEADER TV 
 
කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට! 
 
 
 
ස'ගෙ කඩුවට බය වූ වාසු ආපසු හැරෙයි! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්