ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ තම ගජ මිතුරන්ට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
වත්මන් පාලනය යටතේ දත්ත මැකීමේ මගඩිය, ඇන්ටිජන් මගඩිය, ඖෂධ ජාවාරම ඇතුළු මගඩි රැසක් ජයටම සිදුවෙන බවත් මේ සියලු ව්‍යසන මැද ජනතාව අති මහත් පීඩනයකින් දුක් විඳින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
 
'විපක්ෂයෙන් හුස්මක්' 25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස්ලක්ෂ අනූදහසක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (09) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 
අල්ලසට දූෂණයට මගඩියට උපරිම ඉඩ  සලසන ආණ්ඩුවක් රටේ ක්‍රියාත්මක වන බවත් විපක්ෂය හැටියට සමගි ජන බලවේගය ආණ්ඩුවක් විසින් කළ යුතු ජනතාවාදී කටයුතු සිදුකරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.
 
මේ ව්‍යසනකාරී මොහොතේත් සංවර්ධන කටයුතු සදහා අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරමින් මහජන ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන  බවත් සැබැවින්ම ජනතාව කෙරෙහි ආදරයක් ඇත්නම් ආණ්ඩුව කළ යුත්තේ  මන්ත්‍රීවරු පෝෂණය කරමින් ඔවුන්ව සංවර්ධනය කිරීම නොව, ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම බවද ඔහු වැඩිදුරටත්  පැවසීය.
 
 Sajith 12 1
 
 
 
 
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසමින්, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මීට පෙර වට 24 ක් තුළ රුපියල් ලක්ෂ හත්සිය දහනවයක (රු. 71,904,000)රෝහල් උපකරණ පරිත්‍යාග කර තිබේ.
 
 
 

THE LEADER TV 
 
විමල්ට එරෙහි විනය පරීක්ෂණයක්!
 
 

 

ඒලියන්ත වයිට්ට වෙච්ච දෙයක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්