පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ඒම සඳහා එකල සිදු කරන ලද කුමන්ත්‍රණයක් යයි පිරිසක් විසින් මතයක් සැකසීමට උත්සාහ කරන බවට චෝදනා කරන
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, එවැනි කුමන්ත්‍රණවලට හසු නොවන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටියි. 
 
නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලිසිය විසින් පවත්වා ඇති බවත් තවදුරටත් පවත්වන බවත් ආරක්ෂක ලේකම්වරයා ලෙස තමන් වගකීමෙන් පවසන බව ද ඔහු පැවසීය.
 
දැනටමත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා ඇති බවද පැවසූ අමාත්‍යංශ ලේකම්වරයා, බොරු මතවලට නොරැවටෙන්නැයි තමන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.
 
ඔහු මේ බව කියා සිටියේ පොලිස්පතිවරයා සමග ඊයේ (09) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 
 
 
''කාදිනල්තුමා කරපු ප්‍රකාශ ගැන කණගාටුයි''
 
 
අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් පෙරේදා (08) දිනයේ කාදිනල් හිමිපාණන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මෙසේ සඳහන් කළේය.
 
 
''මට ඇත්තටම කණගාටුයි මේ කාදිනල්තුමා නොයෙක් වර විවිධ දේවල් ප්‍රකාශ කරලා තිබුණා ඒක උන්වහන්සේගේ මතය ඒක හරියන්නත් පුළුවන් උන්වහන්සේගේ මතය ගැන විවේඡනය කරනවා නෙමෙයි. ඉතින් ඒක කාදිනල් උන්වහන්සේටත් පුළුවන් මටත් පුළුවන් මෙතුමාටත් පුළුවන්, ජනාධිපතිට අගමැතිටත් පුළුවන්. 
 
නමුත් මම හිතනවා තමන්ගේ මතය ඉදිරිපත් කරන ඕනම කෙනෙක් ඇත්ටම කරුණු හොඳට හොයලා බලලා ඉදිරිපත් කරානම් ඉතාමත් වටිනවා. මරාගෙන මැරෙන බෝම්බකාරයෝ ඇවිල්ලා බෝම්බ පුපුරගෙන මැරිලා ගියා. ඊට පස්සේ මේක සැලසුම් කරපු මිනිස්සු හොයාගන්න විශාල පරිශ්‍රමයක් පොලීසියට දරන්න වුණා. ඒ වගේම අපි ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වෙච්ච අයවලුන් සිය ගාණක් අත්අඩංගුවට අරගෙන නඩුත් දාලා තියෙනවා. 
 
නමුත් උසාවියේදී යම් කිසි කෙනෙක් වැරැද්දක් කළා කියලා ඔප්පු කරන්න දැරිය යුතු පරිශ්‍රමය මෙතකැයි කියා නිම කරන්න බැහැ. එක පොයින්ට් එකක් වැරදුණොත් ඒ පොයින්ට් එක උඩ සම්පූර්ණ කේස් එක අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. 
 
එහෙමනම් අර මිය ගිය මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් කරන හැම කේස් එකක්ම සොලිඩ් කේස් එකක් වෙන්න ඕනේ ඒකට අවශ්‍ය සියලුම දේවල් හොයාගෙන ඕනේ උසාවියට ඉදිරිපත් කරන්න. කාදිනල්තුමා ඒ ප්‍රකාශය කරායින් පස්සේ බුද්ධි අංශ නිලධාරීන් හා පොලීසියේ නිලධාරීන් ගිහිල්ලා ඒ කතෝලික බිෂොප් තුමන්ලාට පැය 4ක විතර කරුණු පැහැදිලි කිරීමක් කළා. අවාසනාවකට එදා කාදිනල්තුමා හිටියේ නැහැ. නමුත් අනිත් බිෂොප් තුමන් සෑහීමකට පත්වුණා මම දන්න තරමට. 
 
සති දෙකකට කලින් අරලියග මන්දිරයේදී මහනායකතුමන්ලා ඇතුළු සංඝරත්නයටත් බුද්ධි අංශ පොලිසියේ සී.අයි.ඩී නිලධාරීන් සෑහෙන වෙලාවක් මේකේ ප්‍රගතිය ගැන කරුණු ඉදිරිපත් කළා. උන්වහන්සේලාත් ඉතාමත්ම සෑහිමකට පත්වුණා කරගෙන ගිහින් තියෙන වැඩවල ප්‍රමාණය ගැන.
 
 
 
ප්‍රශ්නය:
දැන් මේ කල් යාමත් එක්ක තවත් පාර්ශවයකට සිදු වෙන අසාධාරණයක් තමයි හිටපු ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා මේ දෙදෙනා සම්බන්ධයෙන් ඔවුන්වේ මානසික සිත් පීඩා සම්බන්ධයෙන්, ඔවුන්ගේ පවුල්වලට වෙන දේවල් සම්බන්ධයෙන් කොහොමද ඔබතුමන්ලා..
 
 
 
විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න:
 
අපිට අයිති රාජකාරිය තමයි යම් කිසි සිද්ධියක් ගැන සොයලා, පරීක්ෂණ පවත්වලා වගකිවයුතු පුද්ගලයින්ව හා අපරාධකරුවන්ව නීතිය හමුවට ගෙනියන එක. ඔය සඳහන් කරපු මහත්තුරු ගැන පරීක්ෂණ කරලා නීතිය හමුවට භාර දීලා තියනවා. ඊට පස්සේ ඒක අධිකරණයට අයිති වැඩක් අපිට අයිතියක් නැහැ ඇඟිලි ගහන්න.
 
 
 
''හිටපු නීතිපති ගැන CID එක තීන්දු කරාවී..''
ප්‍රශ්නය:
හිටපු නීතිපතිතුමා මේ පාස්කු ප්‍රහාරය විශාල කුමන්ත්‍රණයක් කියලා කිවුවා. හිටපු නීතිපතිතුමාව සී.අයි.ඩී ගෙනල්ලා ප්‍රශ්න කිරීමක් කරන්න පුළුවන් ද?
 
විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න :
 
බැරි කමක් නැහැ. නීතිපතිතුමා ඒ තනතුරෙනි ගිහාම ඔබත් මමත් වගේ සාමාන්‍ය පුරවැසියෙක්. ඔබතුමා ඔය කියපු දේ අපිත් සැලකිල්ලට භාජනය කරලා තියනවා ඒ වගේ ප්‍රකාශයක් කරපු එකක් ගැන. මොකද කවුරු වුණත් ප්‍රකාශයක් කලොත් ඒක සී අයී ඩී එකේ පරීක්ෂණවලට අවශ්‍ය දෙයක්නම් අපි ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. මම හිතන්නේ ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් සී අයි ඩී එක අරගනීවී.
 
 
 
ප්‍රශ්නය:
කිහිපදෙනෙක් ඉන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපතිකොමිසමෙන් නිර්දේශ වෙලා. දැනට ඒගොල්ලෝ ආණ්ඩු පාර්ශවයේ ඉනවා. ඒ නිසාද කල් යන්නේ කියන ප්‍රශ්නේ තමයි කාදිනල් වහන්සේ දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ.
 
 
පොලිස්පති, සී.ඩී. වික්‍රමරත්න:
 
විමර්ශන සම්බන්ධව නීතිපතිතුමාට දැනුම් දුන්නට පස්සේ නීතිපති තමයි තීරණය කරන්නේ ඒ සම්බන්ධව නඩු පැවරීමට. එතනදී රජයේ දේශපාලනඥයේ හෝ රජයේ අය ඉන්නවා කියන කරුණ අදාළ වෙන්නේ නැහැ.
 

 
 
 
THE LEADER TV 
 
විමල්ට එරෙහි විනය පරීක්ෂණයක්!
 
 

 

ඒලියන්ත වයිට්ට වෙච්ච දෙයක්!

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්