එක්සත් ජාතික පෙරමුණේ නායකයන් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා වන ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එය ඉතා සාර්ථක ව අවසන් වූ බව වාර්තා වේ.

ඒ අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිල නිවසේදී ය.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථානුකූලව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ එකඟතාවයෙන් වහාම නම්කරන ලෙසත්, අපේක්ෂකයා නම් කිරීමෙන් අනතුරුව සන්ධාන ගිවිසුම් අත්සන් කිරීම කළයුතු බවත් තිරණය කර ඇත.

UNF lankaතවද සන්ධානයේ ලේකම් ධූරය බහුතරය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට මෙහිදී එකඟවී ඇත.

එසේම සන්ධානයේ ඉදිරි කටයුතුවලදී ප්‍රතිපත්තිමය තීන්දු තීරණ සඳහා 70% ක කැමැත්ත අවශ්‍ය නොවන බවත් එය 51%ක බහුතරයකින් සිදුකළ යුතු බවත්, කිසියම් හෝ කරුණක් මත සන්ධානයේ එක් පාර්ශවයක් සම්බන්ධ විනය ක්‍රියාමාර්ග හෝ සන්ධානයෙන් ඉවත් කිරීමක් සිදුකිරීමට අවශ්‍ය වුව හොත් ඒ සඳහා 70%ක බහුතර කැමැත්ත ලැබිය යුතු යැයි ද මෙහිදී තීරණය කර ඇත.

අද මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරු වන රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ද මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරමින් රවුෆ් හකීම් අමත්‍යවරයා ද, ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ද, එසේම රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි වී ඇත.

අද මෙම සාකච්ඡාව සඳහා සිය පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද, අත්‍යවශ්‍ය රාජකාරීමය කටයුත්තක් හේතුවෙන් දිගම්බරම් අමාත්‍ය ද සහභාගි වී නොමැති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්