පසුගිය 12වන ඉරිදා ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ දී පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිදුකළ දැවැන්ත උද්ඝෝෂණයේ උණුසුම මැකී යන්නට පෙර, යුරෝපයේ තවත් රටවල් කිහිපයකම ශ්‍රී ලංකා ආණ්ඩුවට
එරෙහි උද්ඝෝෂණ මාලාවක් සංවිධානය වෙමින් තිබෙන බව වාර්තාවේ.
ඒ අනුව අද (18) ප්‍රංශයේ පැරිස් නුවරදී සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට 'ප්‍රජාතන්ත්‍රවාද සඳහා ශ්‍රී ලාංකිකයෝ' සංවිධානය කටයුතු කර තිබේ.
මෙම උද්ඝෝෂණය 18වන සෙනසුරාදා සවස 4.00 රිපුබ්ලිකා හිදී පැවැත්වීමට නියමිතය.
වත්මන් ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව හා පාස්කු වින්දිතයන් හට කඩිනමින් යුක්තිය ඉටුකරන ලෙස බලකිරීම සඳහා පැවැත්වෙන මෙම විරෝධතාවයට යුරෝපයේ බොහෝ රටවල් වලින් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගිවීමට නියමිත බව එහි සංවිධායකවරයෙක් පැවසිය.
සටහන :සුමුදු මද්දුමආරච්චි
මිලානෝ /ඉතාලිය


THE LEADER TV
සන්නා මහ රෑ හෙළිකළ යු-ටියුබ් ගණිකාවෝ...!
පොළොං නරුවෝ