1200 x 80 DMirror
 
 

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට පැමිණීමට සතියක් තිබිය දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව  විරුද්ධවාදීන් මර්දනයට කිරීමට එරෙහිව සිංහල ඩයස්පෝරාවද සිය හඬ යුරෝපයේදී අවදි කර තිබේ. 
සමගි ජන  බලවේගයේ, ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ, සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රංශ ශාඛා එක්ව ප්‍රජාතන්ත්‍රවාදය සදහා ලාංකිකයෝ නමින් විරෝධතාව ප්‍රංශයේ පැරිස් අගනුවර රිපබ්ලික්  චතුරශ්‍රයේදී 18 වැනිදා පවත්වන ලදී.
 
ප්‍රංශයට අමතරව ස්විට්සර්ලන්තය වැනි ආසන්න රටවලින් ද පැමිණි සිංහල ඩයස්පෝරා කණ්ඩායම් ද ඇතුළුව 75 කට වැඩි පිරිසක් සහභාගිවූ මෙහිදී ලංකාවේ ආණ්ඩුව විසින් සිය විරුද්ධවාදීන්ට එරෙහිව ගෙන යන මර්දනයට එරෙහිව සටන් පාඨ හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරනු දක්නට ලැබිණි.
 
 
 
උද්ඝෝෂකයන් මෙහිදී කියා සිටියේ අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  ක්‍රියාධරයන් දිගින් දිගටම සිර කර තබා ගැනීමත්, එසේ රඳවා ගෙන සිටීමේදී  කොවිඩ් රෝගය වැළඳීමත් නිසා ඔවුන් ජිවිත අවදානමක සිටින බවය. 
 
 
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයන් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන සිරගත කරනු ලැබුයේ අධ්‍යාපන මිලිටරිකරණයට හා පෞද්ගලීකරණයට යටත් කෙරෙන කොතලාවල පනතට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙනි.  
 
ලංකාවේ ආණ්ඩුවට විරෝධය දක්වා සිංහල ඩයස්පෝරාවේ උද්ඝෝෂණයක් ඉකුත් 12 වැනිදා ඉතාලියේ බොලොඤ්ඤා නුවර දී පැවැත්විනී.
 
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙළි කරන ලෙස විරෝධතා කරුවන් ඉල්ලා සිටියේ අගමැති මහින්ද රාජපක්‍ෂ සහභාගි වූ සර්ව ආගමික සමුළුවක් ආසන්නයේයි.
 
 
 ප්‍රංශයේ පැවති සිංහල ඩයස්පෝරා විරෝධයේ අවස්ථා කිහිපයක් 
 
 
 
Faranse 2021 th 1.jpg 1
 
 
 

THE LEADER TV 
 
පල දෙන්න පටන් අරන්
 
 
විමල්ලා අවුට්: ආණ්ඩුවෙන් බටහිරට කොළකොඩි..! 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58