යාපනයේදී ජනමාධ්‍යවේදිනයකගේ ජංගම දුරකථනය බලයෙන් රැගෙන යන පොලීසිය උසාවි අවසරයක් නොමැතිව
ඕනෑම ජංගම දුරකථනයක් බලයෙන් ගැනීමට තමන්ට අයිතිය ඇති බව ප්‍රකාශ කරනු පහත දැක්වෙන් වීඩියෝවෙන් පෙනේ.
 
ඇයගෙන් ජනමාධ්‍යවේදියකුදැයි විමසන පොලිස් නිලධාරියා, ඇය 'ඔව්' යැයි කී විට බලහත්කාරයෙන් ඇයගේ ජංගම දුරකථකනය රැගෙන යන් අන්දමද එහි සටහන්ව තිබේ.
 


දෙමළ ජාතික ජනතා පක්ෂයේ පාර්ලිමේනිතු මන්ත්‍රී සෙල්වරාජා කජේන්දිරන් සැප්තැම්බර් 23 වැනිදා නල්ලූර්හිදී අත් අඩංගුවට ගනු ලැබූ ආකාරය කැමරගත කළ යාපනයේ මාධ්‍යවේදිනියන් දෙදෙනෙකුගේ ජංගම දුරකතන පොලිසිය විසින් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගන්නා ලදී. “ඒ අයට කිසිම අයිතියක් නැහැ. කිසිම අධිකරණ නියෝගයක් ඒ අයට තිබුණෙත් නැහැ වගේම කිසිම කාන්තා පොලිස් නිලධාරිනියක් ඒ ස්ථානයේ හිටියේත් නැහැ”යි එම අවස්ථාවේ මැදිහත් වූ නීතිඥ සුගාස් කනගරත්නම් ජේඩීඑස් හා කියා සිටියේය. 
 
TNPF பா.உ செல்வராசா கஜேந்திரன் யாழ் நல்லூரில் கைதாகியதை படம்பிடித்த இரு பெண் ஊடகவியலாளர்களின் தொலைபேசிகள் இலங்கை பொலிஸாரால் பறிமுதல் செய்யப்பட்டன. "அவர்களுக்கு நீதிமன்ற உத்தரவில்லாததால் உரிமையில்லை. பெண் பொலிஸாரும் சம்பவ இடத்தில் இல்லை": சட்டத்தரணி கனகரத்தினம் சுகாஸ் JDSக்கு தெரிவிப்பு.
 
Sri Lanka police confiscated mobile phones of 2 female journalists for filming the arrest of TNPF parliamentarian S. Kajendiran in Nallur, Jaffna. "They had no right. They had no court order & there weren't any female officers present at the scene", lawyer Sugas Kanagaratnam told JDS.
 
© JDS
 
 
'CID ලොක්කා දුරකථන හොරා ටැප් කරනවා'- චම්පික රණවක
 
 
මේ අතර ඊයේ ප්‍රශ්ණ කිරීමක් සදහා රහස් පොලීසියට කැඳවන ලද විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජනමාධ්‍ය අමතමින් කියා සිටියේ, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා තමාගෙන් ප්‍රශ්ණ කල සිද්ධියට අදාළ අයගේ ජංගම දුරකතන වල දත්ත එනම් ඔවුන් කළ කතා බහ සහ හුවමාරු කර ගන්නා ලද තොරතුරු අනවසරෙන් ලබා ගෙන ඇති බව තමාට ඒත්තු ගිය බවයි. 
 

 
 

 

 



 

THE LEADER TV 

 
කෙහෙළිය - ජයසුමන මරා ගනී !
 

 
සිරිසේනගෙන් තව උගුලක්
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්