ගෝඨාභය රාජපක්ෂ සිය පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා ඉදිරිපත්කල අයදුම්පත සම්බන්ධයෙන් ඇමරිකානු රජය කිසිඳු ආකාරයකින් අනිසි බලපෑමක් නොකරන බවත් ඔහුගේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක්

මතු නොවන බවත් එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍යතන්ත්‍රීක නිලධාරියකු ශ්‍රී ලංකා රජයේ ප්‍රධානියකුට දැනුම් දී තිබේ. ඒ, ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් පෞද්ගලිකව සිදු කළ විමසීමකදීය.

ඇමරිකානු රජය ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් නොකරනු ඇතැයි උපකල්පනය කර ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ නොගන්නා ලෙසත් එම ඇමරිකානු නිලධාරියා තරයේ අවවාද කර ඇත. 

යම් ඇමරිකානු පුරවැසියකු සිය පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ඉල්ලීමක් කළහොත් ඔහුට එරට මුල්‍යමය අවභාවිතයක් හෝ බරපතල අපරාධ සම්බන්ධයෙන් චෝදනා නැත්නම් ඔහුගේ ඉල්ලීම ඉටුකිරීම ඇමරිකානු ක්‍රමවේදය බවද එම ඇමරිකානු නිලධාරියා සඳහන් කර තිබේ.

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම කැලිෆෝනියාවේ බටහිර කලාප දිසා අධිකරණයේ පවරා ඇති නඩුවත්, ලිංගික වහල් කඳවුරු පවත්වාගෙන යාම ඇතුලු චෝදනා ගණනාවක් නගමින්, ඔහුට විරුද්ධව එක්සත් ජනපදයේ සාමුහිකව පවරන ලද නඩුවත්, සිවිල් නඩු කටයුත්තක් බැවින් එය පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ ක්‍රියාමාර්ගයට අදාල නොවන බවද එම ඇමරිකානු නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.

ගෝඨා හා ඇමරිකානු අවශ්‍යතා :

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය හා ඇමරිකානු අවශ්‍යතා සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයකු වන ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා මෙසේ පවසයි.

''මේ ආණ්ඩුවෙන් දැන් ඇමෙරිකාවට SOFA අත්සන් කරගත නොහැක. එය කළ හැක්කේ අලුතින් පත්වන හමුදා සහායද ලබාගත හැකි ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයෙකුට පමණි. 2007 මාර්තු වේදී ගෝඨා ACSA අත්සන් කෙරුවේ Fifth Columnist කෙනෙකු ලෙසිනි. එනිසා එවැන්නෙකු රාජ්‍ය නායකයාවීම හා ඇමෙරිකානු අවශ්‍යතාව අතර ප්‍රතිවිරෝධයක් තිබිය නොහැක.''

ගෝඨාභයගේ ඇමරිකානු සම්බන්ධතා !

ඇමෙරිකාවට මෙරට භූමිය, ගුවන් මෙන්ම මුහුදු සීමාව පරිහරණය කිරීමේ අවසරය දුන්නේ මහින්ද රාජපක්ෂගේ සමයේදී අත්සන් කළ ඇක්සා ගිවිසුම මගින් බව ජනතා විමුක්ති පෙරමුණු  මන්ත්‍රී නලින්ද ජයතිස්ස මිට Sofa ඉහතදී පාර්ලිමේන්තුවේදී පැවසීය. 2007 වසරේ ජූලි මාසයේ අත්සන් කළ එම ගිවිසුමට ශ්‍රී ලංකාව නියොජනය කරමින් අත්සන් තැබුවේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට මේ වන විටත් ඇමෙරිකානු ‍යුද නැව් පැමිණෙන්නේ එම ගිවිසුම අනුව විය හැකි බව කී මන්ත්‍රීවරයා, මේවනවිට එම නැව් ගැන කතාකරන මන්ත්‍රීවරුන් ගිවිසුම අත්සන් කළ කාලයේ නිහඬව සිටි බවද කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවති රසායනික අවි සම්මුතිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ එම ගිවිසුම අත්සන් කළ සමයේ ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂගෙන්  තමන් ඒ ගැන විමසීමක් කළ බවයි.

එම ගිවිසුමට තමන් අත්සන් නොකරන නිසා කලබල නොවන ලෙසත්, ආරක්ෂක ලේකම්වරයා හා තානාපතිවරයකු අත්සන් කරන එම ගිවිසුම වලංගු එකක් නොවන බවත් මහින්ද රාජපක්ෂ පැවසූ බවත් නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය.

වීඩියෝ 
ගෝඨා ගේ ඇමරිකන් ගිවිසුම් ගැන ඇත්ත නැත්ත මෙන්න

ගෝඨා ඇමරිකානු ගැත්තකු නොවන බව !

ගෝඨාවාදී කල්ලි කණ්ඩායම් මේදිනවල ඇමරිකානු විරෝධයක් ඉස්මතු කරමින් සිටින්නේ, ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු ගත්තකු බවටත් ඔහුට ඇමරිකාවේ සහය පලවී ඇතිබවටත් දවසින් දවස හෙළිදරව් වෙමින් තිබෙන තත්වයක් තුලය.

ගෝඨාගේ ඇමරිකානු පක්ෂපාතිත්වය හෙළිකෙරෙමින් මෑතකදී සංවාදයට ලක්වූ කැරුණු කිහිපයක් මෙසේය.

# ගෝඨාභය පාර්ලිමේන්තුවට නොදන්වා, ඇමරිකාව සමග රහස් ගිවිසුමක් ගසා ඇතිබව: 

# රොබට් ඕ බ්ලේක්, ගෝඨාට දුන් සහතිකය !

ගෝඨාභය රාජපක්ෂ මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් පසුගියදා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමිනි.

# මිලින්ද මොරගොඩ, රොබට් බ්ලේක්, ගෝඨාභය එකම ව්‍යාපෘතියක් ද? -වාසුදේව නානායක්කාර මතුකරන සැකය :

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් වැනි පාර්ශ්ව එක්ව බරපතළ සැකසංකා මතු කරන දේශපාලන ප්‍රවණතාවක් ඇති කරමින් සිටින බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අවධාරණය කර සිටියේය.


# ඇමරිකානු ගැති රොහාන් ගුණරත්නගේ සම්ප්‍රාප්තිය:

උතුරේ යුද්ධයට එරෙහිව යම් යම් මත ප්‍රකාශ කළ පුද්ගලයෙකු ලෙසත්, ඇමරිකන් ඔත්තුකරුවෙකු ලෙසත්, බටහිර එන්ජීඕ ඒජන්තයෙකු ලෙසත් ගෝඨාභය රාජපක්ෂගේ අනුගාමිකයින් විසින් ම ලේබල් කර සිටි ආචාර්ය රොහාන් ගුණරත්න පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව මෙරට රාජ්‍ය බුද්ධි අංශවල දුර්වලවීම බව හඟවමින් ගෝඨාබය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී බුද්ධි අංශ මෙහෙයවූ ආකාරය ගැන ප්‍රසංශා කළේය.

කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවති 'වියත්මඟ' සම්මන්ත්‍රනයක ප්‍රධාන දේශනය සඳහා ද ආචාර්ය රොහාන් ගුණරත්න මහතාට ආරාධනා කර තිබිණි.   

# ලංකාවට එනවිටත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීම :

ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ  ශ්‍රේෂ්ඨාධිකරණය  හමුවේ ගොනු කළ දිවුරුම් ප්‍රකාශයකට අනුව, ඔහු 2005 දී සිය සහෝදරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ එරටින් සංචාරක විසාවක් ලබාගෙනය. 2005 දී ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔහු ඇමරිකානු පුරවැසියෙකු මිස ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීය.

# කැමැත්තෙන් ඇමෙරිකානුවෙකුව සිටීම:

ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ ලියකියවිලි බාරදී ඇත්තේ 2019 මාර්තු හා අප්‍රේල මාසවලදී බව මේ වෙද්දී තහවුරුවී ඇත.

ගෝඨාභය රාජපක්ෂ 2019 මාර්තු මාසය දක්වාම සිය කැමැත්තෙන් ඇමෙරිකානුවෙකුව සිටීම ගැටලුකාරී බවට සමාජ මාධ්‍ය ඔස්සේ මත පලවී ඇත.

# ගෝඨාභය රාජපක්ෂයේ පවුලේ සාමාජිකයින් සියලු දෙන දැනට ද ඇමරිකානු පුරවැසියන් බව :

මීට පෙර ගෝඨාභය රාජපක්ෂ තමන් ඇමෙරිකානුවෙක්ය යන කාරණාවද සඟවාගෙන සිටීමට උත්සාහ ගත්ත ද අන්තිමේදී එය පොදුජන සංවාද තලයට ආවේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසාය.


සබැඳි පුවත් :
ලංකාවේ තොටුපොළවල බලය ඇමරිකාවට දුන්, ගෝඨා - බ්ලේක් ගිවිසුම මෙන්න..!
''ඇමරිකානු අතපෙවීමක්: තවත් කෝලාහලයක් අතළඟ'' (වීඩියෝ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්