ශ්‍රී ලංකාවේ ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිනියක වන චුලා පද්මේන්ද්‍ර කුමාර්පතිරණ හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට පැමිණෙන ලෙස
දැනුම් දීමක් ලැබී ඇතැයි වාර්තාවේ.
 
එහෙත්  ඇයව  CID යට කැඳවා ඇති කාරණය මෙතෙක් අනාවරනය වී නොමැත.
 
මිට මාස කිහිපයකට පෙර නෙළුම් පොකුණ රඟහලේදී පැවැත් වූ 2020 විවාහක රූ රැජින තරගයෙදී ඇතිවූ ගැටුම හේතුවෙන් චුලා පද්මේන්ද්‍ර කුමාර්පතිරණ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුවාය.
 
එහිදී විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි පුෂ්පිකා ද සිල්වාට සුළු තුවාල සිදුකිරීම, බියගැන්වීම, බලපෑම් කිරීම හා අභූත චෝදනා එල්ල කිරීම ඇතුළු චෝදනා යටතේ පසුගිය අප්‍රේල් 08 දා අත්අඩංගුවට ගත් ඇයව පොලිස් ඇප මත එදිනම නිදහස් කෙරුණි.
 
චූලා යනු දශක දෙකකට අදික කාලයක් එක දිගට ලංකාවේ පළමුවෙනි සුපර් මොඩ්ල් ලෙස කීර්තිමත් ඉතිහාසයක් ඇති ඇය, මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස ක්‍රියා කිරීමට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික මෝස්තර නිරූපන තර්ගාවලි විනිශ්චයකාරිණියක් ලෙසත් කටයුතු කර තිබේ.  
 
මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින එකම වෘත්තීයමය catwalk  පුහුණුකාරිනිය ලෙස ඇය Chulpadmendra Catwalk Studioහි අධිපතිනිය ලෙස කටයුතු කරයි.
 
 

THE LEADER TV 
 
චිචීගේ පාට්වලට දයාසිරිට මල පැනලා ! 
 
 
ජනතාව ගහලා එලවන දිනය වැඩි ඈතක නෑ 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්