විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සහාය ලබා දීමත් සමගින් තවත් වෘත්තීය සමිති රැසක් ගුරු සටනට සහාය ලබා දීමට තීරණය කර තිබේ. 
 
දින 80 කට ආසන්න ගුරු-විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සහයෝගය ලබා දීමට එම වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ ගුරු හා විදුහල්පති සංගම් සමඟ 28 දා පැවති සාකච්ජාවකින් අනතුරුවය.
 
ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමය, ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, කම්කරු අරගල මධ්‍යස්ථානය, ජාතික වෘත්තීය සමිති පෙරමුණ, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය, තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ගණනාවක්  ගුරු සංගම් සමග ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් කැමැත්ත පළ කළහ. 
 
  
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් රජයේ අමාත්‍ය අනු කමිටුව ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලීමක් කර ඇතත්, රජයෙන් හෝ මුදල් අමාත්‍යාංශයෙන් මේ දක්වා ඊට ප්‍රතිචාරයක් පළ වී නැත.
 
 
මේ අතර පසුගිය දා ළමයින් සඳහා එන්නත්කරණය ඇරඹිමත් සමග අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ   ළමයින් 200ට අඩු පාසල්  ආරම්භ කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බවයි.
 
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෘත්තීය අරගලයක නිරතව සිටිය දී, ඒ සම්බන්ධයෙන් සංවේදී නොවෙමින්, සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳීමට ඉදිරිපත් නොවෙමින් පාසල් ආරම්භ කිරීමට දින නියම කිරිම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගන්නා පියවරක් නොව ගැටලුව මගහැර යාමේ පියවරක් බව සාකච්ඡාවට එක්වූ වෘත්තීය සමිති නියෝජිතයෝ  දුන්හ.
 
''රටපුරා ඇවිදින මංතීරු හදන්නට මුදල් ඇතත් ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉදිරියේ මගහරිමින් ඔක්තෝබර් පළමුවෙනිදා ට ආණ්ඩුවේ චක්‍රලේඛන නිකුත් කර, අත්‍යවශ්‍යසේවා නියෝග නිකුත් කර, රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවා ගුරුවරු නැතිව පාසැල් පවත්වාගෙන යන්න ආණ්ඩුව තීරණය කරන්නේ නම්, ඒ ආකාරයෙන් වෘත්තීය සමිති මර්ධනය කරන්න ආණ්ඩුව ගන්න උත්සාහයන්වලට පිළිතුරු දීමට ද වෘත්තීය සමිති සුදානම්''යැයි ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය.
 
Prt
 
සාකච්ඡාවට එක්වෙමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව සඳහන් කළේ, සුදුසුකම් සහිත උපාධිධාරී ගුරුවරුන් රජයේ පාසල් පද්ධතියෙන් ඉවත් කිරීම රටේ නිදහස් අධ්‍යාපනය කඩා දමා පෞද්ගලික පාසල්වලට පාර කැපීමේ ආණ්ඩුවේ උත්සාහයේ ම කොටසක් බවය.
 
''ගුරු අරගලයට පිළිතුරු නොදී මගහරිමින් සිටින්නේ නම් ඉදිරියේ දී තවත් අරගල රැල්ලකට මුහුණ දීමට සූදානම් වන්න''` යැයි නාගමුව ආණ්ඩුවට අභියෝග කළේය.
 
රටේ පැවති කම්කරු සටන් අතර දීර්ඝතම අරගලය ගුරු විදුහල්පති සටන  බවත්, ඉතාම යුක්ති සහගත ඉල්ලීමක් පදනම්කරගෙන අරගලය දියත්කරනවා යැයි පෙන්වාදුන් ජාතික වෘත්තීය සමිති පෙරමුණේ ප්‍රධාන ලේකම් උදේනි දිසානායක, ''ආණ්ඩුව යම්හෙයකින් නිසි විසඳුම් නොදී ගුරු-විදුහල්පතිවරුන් මර්ධනය කරන්න උත්සාහා ගන්නවා නම්, එය ආණ්ඩුවේ අවසානය බව සිහිපත්කරවන්නේ'' යැයි ද ඔහු ප්‍රකාශ කළේය.
 
 
''ඔබේ දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නට ඉඩ නොහැර ගුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීමට සවන් දී ඔවුන්ට පිළිගත හැකි විසඳුම ලබා දෙන්න කියා ආණ්ඩුවට බලකරන්න'' යැයි සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සංවිධායක ලේකම් චන්දන සූරියආරච්චි දෙමාපියන් වෙත ආයාචනා  කළේය.
 
 
''දෙමාපියන්ගේ ඡන්දෙන් බලයට පත්වෙච්ච මේ ආණ්ඩුව ගුරු විදුහල්පතිවරුන්ගේ සාධාරණ ඉල්ලීමට කොකා පෙන්වමින් සිටින්නේ, කැබිනට් අනුකමිටු මගින් ගනු ලැබු තීරණ තීන්දු තිබේනම් ඒවා මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කර අර්බුදය විසඳුවා'' කියා  මහජනතාවට ඒත්තු ගන්වන්නේ නැතිව, සත්‍යලෙසම  අරගලයේ යෙදෙන ගුරු -විදුහල්පති වෘත්තීය සමිති සංධානය සමග සාකච්ඡාකර විසඳුම් ලබාදිය යුතුයි'' යැයි ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සහ පොදු දේපොළ හා මානව හිමිකම් මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු රන්ජන් සේනානායක අවධාරණය කළේය.
 
 
 
THE LEADER TV 
 
පාස්කු ප්‍රහාරයේ සිරිසේන නම තියෙන තැන 
 
 
ස' ආපු ගමන් පී.බී. දොට්ට ! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්