දීර්ඝ කාලයක්  පුරා උතුරේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස මුහුදු ජලයෙන් පානීය ජලය ලබාගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට
රජය පියවර ගෙන තිබේ.
 
ඔක්තෝම්බර් 06 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වීමට නියමිත බවයි රජය පවසන්නේ.
 
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ, ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් යාපනය, කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.
 
  
මෙහි ප්‍රතිඵලයක් ලෙස යාපනය අර්ධද්වීපයේ පානීය ජල ගැටළුව 50% කට වඩා වැඩි ප්‍රමාණයකින් විසඳෙන අතර මුල් අදියරේ දී පමණක් පවුල් ලක්ෂ 03 කට පමණ මෙමඟින් සෙත සැලසෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
 
 
රජය පවසන පරිදි මෙම ව්‍යාපෘතිය යටතේ මූලික වටයේ දී නාගදීප මුහුදු ජල පවිත්‍රගාරය, තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරය, යාපනය නගර බෙදාහැරීමේ පද්ධතිය ලෙස යෝජනා ක්‍රම 03 ක් ක්‍රියාත්මක වේ.
 
නාගදීප පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් නාගදීපය, ඉලුවතිව් සහ අනලතිව් යන දූපත් වල වෙසෙන නිවාස 1,500 කට ප්‍රතිලාභී පවුල් වශයෙන් පවුල් 6,000 කට නල මඟින් ආරක්ෂිත පානීය ජලය ලබාදීම සිදුකෙරේ.
 
ඒ සඳහා වැයවන මුදල රු. මිලියන 187 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
මෙහි දෙවන අදියර එනම් නාගදීප පිරිපහදු පද්ධතියේ සිට නාගදීප, ඉලුවතිව් හා අනලතිව් දූපත් වලට නල මඟින් ජලය ගෙනයාම සඳහා කිලෝමීටර විසිපහක බෙදාහැරීමේ නල පද්ධතිය එළීම ද මෙයට සමගාමීව ආරම්භ කෙරේ.
 
ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රු.මිලියන 34 ක් බවයි රජය වැඩි දුරටත් පවසන්නේ.
 
"රු. මිලියන 19,000 ක පමණ විශාල පිරිවැයක් දරා ඉදිකරනු ලබන තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරය මෙම ව්‍යපෘතිය යටතේ සිදුකරන දැවැන්තම යෝජනා ක්‍රමයයි. මෙමඟින් නිවාස 12,000 ක වාසය කරන, 60,000 ක් පමණ වන ජනතාවකට නල මඟින් ආරක්ෂිත පානීය ජල පහසුකම් ලබාදීමට කටයුතු සිදුකෙරේ."
 
මෙයට සමගාමීව ඉදිකෙරන තාලෛඩි ජල පිරිපහදු පද්ධතිය නල ජලය ද සැපයෙන යාපනය නගර සීමාව සහ තදාසන්න ප්‍රදේශවලට නල ජලය බෙදාහැරීම සඳහා වන නල ජල පද්ධතිය මඟින් රු. මිලියන 3,160 ක් වැයකර පවුල් 28,000 ක් වෙසෙන 60,000 ක පමණ ජනගහණයට ආරක්ෂිත නල ජල පහසුකම් ලබාදීමට හැකියාව ලැබී ඇති බව රජය වැඩි දුරටත් සදහන් කරයි.
 
මෙම පද්ධතියේ දුර ප්‍රමාණය කි.මී. 271 වේ.
 
මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ජල සම්පාදන අමාත්‍යාංශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සිදුකෙරේ.
 
 
 
THE LEADER TV 
 
පැනඩෝරා’ හුටපටයට බැසිල්ව ගාවන කුමන්ත්‍රණයක්! 
 
 
 
69 ලක්‍ෂයකට අං පැලැන් දූ රාජපක්‍ෂලා 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්