පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව

ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට පැමිණ ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

 
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම එකඟතාවය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේම යෝජනාවකට අනුව බව 'අරුණ' පුවත්පත උපුටා දක්වමින් 'ලංකා සී නිව්ස්' වාර්තාකර තිබේ.
 
‘පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමැතිවරුන්ගෙන්ද අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනයක් තුළ අඩු පාඩු මගහැර ඉදිරි වසර තුනේදී එකතුවෙලා වැඩ කරමු ’ යනුවෙන් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.
 
එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුමද අදහස් පළකරමින් සනාථ කර ඇතැයි එම මාධ්‍ය වාර්තාවල සඳහන්  වේ.
 
dfgdfgtyrty 
 
 ඔක්තෝම්බර් 07 වෙනිදා තිබුන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා හැඟීම්බර කතාවක් කල බව 'ද ලීඩර් ' ඊයේ වාර්තා කළේය. 
 
“ජනාධිපතිවරණයෙන් අපි විශාල ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය ඇතුලේ තිබුණේ මේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තු. නමුත් කොවිඩ් වංසගතය නිසා අපි ඉලක්ක කරගත් ඒ බලාපොරොත්තු ඉදිරියට සම්පූර්ණ වශයෙන් ගෙනියන්න බැරි වුණා. සුළු වශයෙන් අපිට අරමුණු කරා ළගා වෙන්න පුළුවන් වුණේ. සමස්ත රජයක් කළ යුතු වැඩ කොටසක් සුළු පිරිසක් එක්ක තමයි කොවිඩ් නිසා ඉටු කරන්න සිද්ධ වුණේ. නමුත් දැන් තත්ත්වය වෙනස්.
 
නව සාමාන්‍යකරණයට හුරු වෙමින් අපි සියලු අභියෝග මැඩ පවත්වාගෙන ඉස්සරහට යන්න ඕන. 
 
පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමතිවරු හැටියට ඔය අයගෙනුත් අඩුපාඩු සිදු වෙන්න ඇති. අපි ඒ පිළිබඳව ස්වයං විවේචනයක් සහිතව ඉස්සරහට යමු. යම් යම් අනවබෝධයන් තුළින් වුණු අඩුපාඩු මඟහැර ගත යුතුයි. එකතු වෙලා වැඩ කරමු දැන්. එක අධිෂ්ඨානයකින් එක ශක්තියකින් අපිට වැඩ කරන්න පුළුවන්. පසුගිය කාලය දෙස බලලා අඩුපාඩු හදාගෙන ඉදිරියට යෑම ඉතා වැදගත්. 
 
ඉදිරි අවුරුදු 3 ජනතාව දුන්න ජනවරම දෙස වගේම ජනතාවට අපි දුන් බලාපොරොත්තු ඉතා නිවැරදිව ඉලක්ක සහගතව පෙරට ගන්න ඕන”. යයි ජනාධිපතිවරයා එම කැබිනට් රැස්වීමේදී පවසා තිබිණ. 
 
ජනාධිපතිගේ මේ දේශනය සියලු දෙනා දැඩි උනන්දුවකින් සවන්දී ඇති අතර ඉදිරි වසර තුනේදී එකාවන්ව පොදු අරමුණකින් යුතුව වැඩ කිරීමට බැසිල් රාජපක්ෂ , විමල් වීරවංශ , ඩලස් අලහප්පෙරුම ඇතුළු සියලු කැබිනට් ඇමතිවරුන් එහිදී එකඟත්වයක් ඇතිකර ගෙන ඇතැයි ද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

 

 

 


 

THE LEADER TV 
 
 

පැන්ඩෝරා යටගහන්න හදපු අලුත්ම ප්ලෑන් එක! 

 

 

ගෙවල් බිඳින එක වගේ ද මල්ලී, රටක් බිඳින එක?

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්