තමාට දේශපාලන පළපුරුද්ද සීමා සහිත බැවින් අගමැති සහ කැබිනට් මණ්ඩලය එකතුවී සාමූහිකව කටයුතු කරමු යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් විසිවන සංශෝධනය අසාර්ථක බව ජනපති පිළිගෙන ඇතැයි හිටපු
අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (10) පැවසීය.
 
දැන් කළ යුත්තේ විසිවන සංශෝධනය අහෝසි කර 19 වන සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙන යාම බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා, ඒ සඳහා ආණ්ඩුව විපක්ෂය සමග සාකච්ඡා කර රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳීමට එකඟතාවයට පැමිණිය යුතු බවද සඳහන් කළේය.
 
විසිවන සංශෝධනය අසාර්ථක බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනපතිට ප්‍රශංසා කරන බව ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
 
හිටපු අගමැතිවරයා එබව කියා සිටියේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමිනි.
 
 
ඔහු තවදුරටත් මෙසේ පැවසිය. 
 
 
''අද පුවත්පත්වල වැදගත් කාරණයක් වාර්තා වෙලා තියෙනවා. ඇමතිවරු මුණගැසුණු අවස්ථාවේදී ජනාධිපතිතුමා පිළිගත්තා එතුමට දේශපාලන පළපුරුදු සීමාසහිතයි, ඒ නිසා අගමැතිතුමා ඉදිරියට ඇවිල්ල ඒ පළපුරුදු මැති ඇමතිවරු එක්ක සාමූහිකව ඉදිරියට වැඩකටයුතු කරගෙන යමු කියලා. 
 
 
ඒක බොහොම හොඳ ප්‍රකාශයක්. මොකද එතුමා පිළිඅරගෙන තියෙනවා 20 වෙනි සංශෝධනය අසාර්ථකයි කියලා. ඒ සංශෝධනය නිසා කැබිනඩ් ආණ්ඩු ක්‍රමය නැති වුණා. 
ආර්ථිකය සහ කොවිඩ් ඇතුලේ ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවක් තිබුණා.  ඒ වගේම හාල් මිළ සඳහා ආණ්ඩුවෙන් පිට ආණ්ඩුවක් තිබුණා. මොකක්ද එකේ ප්‍රතිඵලය? ගෙදර ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැති වුණා. ගෙදර බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැති වුණා.
 
එහෙනම් මේ ක්‍රමය තුළින් ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු හැටියට සාම්ප්‍රදායක කැබිනට් පාලනයකට යන එක හොඳයි. එතකොට කරන්න තියෙන්නේ ඒ නිසා 20 වෙනි සංශෝධනය අහෝසි කරලා  ව්‍යාවස්ථාවෙන් 19 වැනි සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙනියන්න. 
 
ජනාධිපතිතුමා පත්වුණෙත් 19 වැනි සංශෝධනය යටතේ ආණ්ඩුවක් ගෙනියන්න. ඒ වගේම පාර්ලිමේන්තුව පත්වුණේත් 19 වැනි සංශෝධනය යටතේ ආණ්ඩුවක් ගෙනියන්න. මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරාම කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියනවා. 
 
 
 
විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව බෙදුනේ 20 වැනි සංශෝධනය නිසා. එබැවින් විපක්ෂයෙත් එයින් පිට අයගෙත් විශ්වාසය කඩ වුණා. 
 
ආණ්ඩුව 19 වැනි සංශෝධනය ඉදිරිපත් කරනවා නම් ඊළඟට පාර්ලිමේන්තුවටත් තියෙන්නේ ජනතාවගේ විශ්වාසය දිනාගන්න. ඒ සඳහා ආණ්ඩුව විපක්ෂයත් සමඟ සාකච්චා කරලා එකඟතාවයකට එන්න මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය විසඳන්න. ඒක අපි හැම කෙනාටම බලපානවා. 
 
ඒවගේම තවත් වැදගත් කරුණක් තමයි විශේෂයෙන්ම මේ කොවිඩ් නිසා ඇති වුණු අනික් ප්‍රශ්න විසඳන්න, ඒවගේම GSP+ආරක්ෂා කරලා දෙන්න. අපිට මේවා කරන්න පුළුවන් නම් සුළු ජාතීන්ගේ ප්‍රශ්නත් විසඳගෙන  අපිට පුළුවන් වෙයි ශක්තිමත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කර ගන්න. 
 
ඒ නිසා එතුමා 20 වැනි සංශෝධනය අසාර්ථක බව ප්‍රකාශ කිරීම පිළිබඳව මම යළිත් එතුමට ප්‍රශංසා කරනවා. 
 
ඒ වගේම අපි ඔක්කොම එකතුවෙලා 20 වැනි සංශෝධනය අහෝසි කරලා 19 වැනි සංශෝධනය  ඉදිරිපත් කරලා මුළු පාර්ලිමේන්තුවම එකතුවෙලා මේ ප්‍රශ්න ගැන තීරණ අරගෙන හොඳ වාතාවරණයක් ඇති කරමු.''
 


 
THE LEADER TV 
 
 
වඳ වෙන ලකුණු ? 
 
 
මෙන්න නා, ලෝ ,? 
 
 
පැන්ඩෝරා යටගහන්න හදපු අලුත්ම ප්ලෑන් එක! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්