ලිට්‍රෝ සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා තිබේ.
 
 
ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් වැඩිකර තිබේ.
 
එහි නව මිල වන්නේ රුපියල් 2,750කි.
 
එසේම කිලෝ 5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
 
ඒ අනුව, කිලෝ 5 ගෑස්  සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝ 2.5 ක සිලින්ඩරයක් රුපියල් 520ක් වේ.
 
මෙම නව මිල මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව එම සමාගම පැවසීය.
 
 
 
ලාෆ්ස් ගෑස් මිලත් ඉහල දමයි 
 
වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහල දමා ඇත. 
 
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ ලාෆ්ස් ගෑස් සංශෝදිත මිල ගණන් පහත පරිදි වේ.
 
කිලෝ 12.5ක සිලින්ඩරයක පැවති මිල රු 984/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 2840/- වේ.
 
කිලෝ 5ක ගෑස් සිලින්ඩරය පැවති මිල රු 393/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 1136/- වේ
 
මෙම මිල ගණන් 2021 ඔක්තෝම්බර් 11 දින සිට ක්‍රියාත්මක වේ.
 
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබු යෝජනාවකට අනුව සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදීතීරණය කළේය. 
 
 
කෙසේවුවද ජනාධිපතිවරයා විසින් මෙහිදී විෂය බාර අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබුනේ, එම භාණ්ඩවල මිල අනවශ්‍ය ලෙස ඉහළයෑමට ඉඩ නොතබන ලෙසයි.
 
  
අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් එලෙස උපදෙස්දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේය.

 

 

 


 

THE LEADER TV 
 
 

 

වඳින්නම් බෑ නං යන්න?

 

  

 
වඳ වෙන ලකුණු ? 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්