පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදුකිරීමට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල
ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබේ
 
ඒ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08දා රැස් වු අවස්ථාවේදීය.
 
පළාත් සභා වසර 03 කට අධික කාලයක් අක්‍රීයව පැවතීම හේතුවෙන් මේ වන විට රට තුළ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙන බව කාරක සභාවේදී පෙන්වා දුන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එක් අයෙකු විසින් පළාත් සභාව පාලනය කරනු ලැබීම සාධාරණ නොවන බවත් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ක්‍රියා කළ යුතු බව අවධාරණය කර තිබේ.
 
පවතින තත්ත්වය තුළ පැරණි ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ මෙහිදී පෙන්වා දී ඇත.
 
  
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  ලබන වසරේ ජනවාරි මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සුදුසු බව පවසා තිබේ.
 
 
එම සංශෝධන සිදු කිරීමේදී සාධාරණ කාන්තා නියෝජනයක් ලැබෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී සාකච්ඡා වී ඇත.
 
මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීතී ප්‍රතිසංස්කරණයට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරීමේ විද්වත් කමිටුවද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සිය යෝජනා ඉදිරිපත් කරන කළේය.
 
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම් ලබන 22 වැනිදා පැවැත් වේ.
 
(srilankabrief.org)
 
 
THE LEADER TV 
 
කටින් පුටින් - වැඩ ටින් ටින්
 
 
අඩු අත්දැකීම් වලට ඥාණාගේ නුවන ? 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්