දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඊයේ ඔක්තෝබර් 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ජාත්‍යන්තරයට පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කරනු
ලැබුවේ නම් මේ වන විට රඳවා ගෙන සිටින  දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනා නිදහස් බවයි.
 
''හදුන්වා දීලා වසර 41 කට පස්සේ තමයි ත්‍රස්ත පනත යටතේ රඳවා සිටින අය ගැන සොයා බලන්න අශෝක ද සිල්වා විනිසුරුතුමා යටතේ උපදේශක කමිටුවක් පත් කළේ. තමන් වැරදි විදිහට රඳවා ගෙන ඉන්නවා කියලා පුද්ගලයන් 46 කගෙන් ඉල්ලීම් මේ කමිටුවට ලැබිලා තියෙනවා. ඒ සියල්ලම ජනාධිපතිතුමාගේ නිර්දේශයට යොමු කළා. නුදුරේදීම එතුමා ඒ ගැන අවශ්‍ය පියවර ගනීවි,''`යි අධිකරණ ඇමැති අලි සබ්රි පවසයි.
 
 ඊට අමතරව අධිකරණ ඇමැතිවරයා කියා සිටියේ ත්‍රස්ත පනත සමාලෝචනය කිරීමට විදේශ ඇමැති ජි.ඇල්.පීරිස් සභාපතිත්වය දරන ඇමැති කමිටුවක් ද පත් කර ඇති බවයි.
 
මේ කමිටුවේ වාර්තාව ලැබුනාම රටට ගැලපෙන, ජාතික ආරක්ෂාවට හානියක් නොවන, පුද්ගල නිදහසට බාධා නොවන ''සමතුලිත ත්‍රස්ත පනතක්` ගේනවා''` යැයි ද අධිකරණ ඇමැති අවධාරණය කරයි.
 
 
අහිමිව තිබු ජි.එස්. පී.ප්ලස් සහනය යළි ලබා දීමේදී පුද්ගලයන් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන, නඩු නොමැතිව දිගු කලක් රඳවා ගැනීමට යොදා ගන්නා ත්‍රස්ත පනත සංශෝධනය කරන බවට එවකට යහපාලන ආණ්ඩුව යුරෝපා සංගමයට පොරොන්දු වී තිබිණි.
 
 
 ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ ත්‍රස්ත පනත යොදා ගනිමින් විරුද්ධවාදීන් දඩයම් කිරීම ඇරඹීමත් සමඟ යුරෝපා සංගමයේ දුත පිරිසක් මෙරට නිරීක්ෂණයක යෙදුනේ ජි.එස්. පී.ප්ලස් සහනය තවදුරටත් ලබා දීමට සුදුසු ද යන්න සොයා බැලීමටයි.
 
 ත්‍රස්ත පනත සංශෝධනය කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ද යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම හමුවේ පොරොන්දු වී තිබිණි.
 
 
 
THE LEADER TV 
 
හොරුන්ට රෙද්දෙ ගිය ගුරු සටන | මොණරවිලගේ ලියමන
 
විමල්ට බැසිල්ගෙන් විශේෂ සැලකිලි ! | The Leader TV | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්