ජාතික ළමා රක්ෂක අධිකාරිය සඳහා වත්මන් ‍රජය විසින් පත් කරන ලද  කාර්‍යක්ෂම සභාපතිවරයකු වශයෙන් ප්‍රකට මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා

එයින් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචි සඳහන් කරයි.

මහාචාර්ය මුදිත මුල් වරට ජාතික ළමා රක්ෂක අධිකාරියට පත් කරන ලද්දේ 2020 වසරේ ජනවාරි 01 වැනි දිනදීය. ඒ පුරප්පාඩු වූ හිටපු සභාපතිවරයාගේ වසර එකහාමාරක කාලය සම්පූර්ණ කිරීම සදහාය.

එම වසර එකහාමාර අවසානයේ දී ද මහාචාර්ය මුදිත ඉවත් කිරීමට සැලසුමක් තිබුනද එය සාර්ථක නොවීය.

විෂය භාර ඇමැතිවරයා වූ පියල් නිශාන්ත එවූ ලිස්ට් එක පසෙකින් තබා සුදුසුකම් ඇත්තන් පමණක් අධිකාරියට බඳවාගැනීමට මහාචාර්යවරයා කටයුතු කළ අතර මේ පිළිබදව ඇමැතිවරයා පසුවූයේ දැඩි නොසතුටකිනි.

ජාතික ළමා රක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තා වසර ගණනක්ම ඉදිරිපත් කර නොතිබූ අතර එසේ ගොඩ ගැසී තිබුනු වසර 5 කට අදාළ වාර්ෂික  වාර්තා ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමට පටන් ගැනුනේ මහාචාර්ය මුදිත සභාපති ධූරයට පත් වූ පසුවය.


මහාචාර්ය මුදිත විදානපතිරණට අත් වන්නට යන ඉරණම  සිස්ටම් චේන්ජ්  ආණ්ඩුව යටතේ දක්ෂ  රාජ්‍ය නිලධාරින්ගේ ඛේදවාචකය පැහැදිලි කිරීමක් බව විද්වතුන් ගේ මතයයි.


 
THE LEADER TV 
 
සර්පයා නොදුටු ආනන්ද ! | මොණරවිල ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්