පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා, විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් දිගින් දිගටම සංවිධානය කරනු ලබන විරෝධතාමාලාවේ තවත් එක්
අදියරක් පෙරේදා (ඔක්. 23) කැනඩාවේ දී සංවිධානය කර තිබිණ.
 
Markham & Ellesmere Intersection හිදී මෙම සාමකාමී විරෝධතාවය සංවිධානය කර තිබුනේ, පාස්කු දින ප්‍රහාරයට යුක්තිය ඉටුකරගැනීමේ කැනඩා සහයෝගීතාව" විසිනි.
 
ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව  Markham & Ellesmere Intersection හී එක්වුන කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව එක හඬින්  වත්මන් ආණ්ඩුවට බලකරමින් ඉල්ලා සිටියේ,  පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් එළිදරව් කර වින්දිතයින්ට යුක්තිය ඉටුකරන ලෙසයි.
 
පාස්කු ඉරුදින ප්‍රාහරයට මාස 30ක කාලයක් ඉක්ම ගොස් තිබියදී මෙතෙක් එහි වින්දිතයින්ට යුක්තිය ඉටුකර දීමටත්, එහි සැබෑ මොළකරුවන් නීතිය හමුවට පැමිණවීමත් නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට ඒ සඳහා බල කරමින් සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රාහරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමට පමා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරවීමට විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ජනතාව ඔවුන් විසින්ම සංවිධානය වී මෙම විරෝධතාවල නිරත වේ.
 
තවදුරටත් දිගින් දිගටම පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමට පමා වුවහොත් ඉදිරි සති වලදී ලොව ප්‍රධාන නගර වලදී තවත් මෙවැනිම විරෝධතාවන් සංවිධානය කිරීමට විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. 
 
 
unnamed 54image 6483441image 6483441 1image 6483441 2
 
(Malith Wijenayake) 
 
 
THE LEADER TV 
 
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්