යුගදනවි තාප බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම තමාවත් මෙතෙක් දැක නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්ගේ රැස්වීමේදීය.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර පැවති එම සාකච්ඡාව සඳහා වූ න්‍යාය පත්‍රයේ මුලික කරුණු 14ක් සඳහන් කර තිබී ඇති අතර ඒවාට පිළිතුරුදීම සඳහා විෂය බාර අමාත්‍ය වරුන්ද කැඳවා තිබිණ.
යුගදනවි තාප විදුලිබලාගාරය සම්බන්ධ කාරණය එහි සඳහන්ව තිබී ඇත්තේ අංක 12 යටතේය. ඒ අනුව සාකච්ඡාව ආරම්භයේදීම අදහස් දක්වා ඇති අමාත්‍ය විමල් විරවංශ, මෙම සාකච්ඡාවේ මුලික නිමිත්ත ඇමරිකානු ගිවිසුම බැවින් එය පළමුකොට සාකච්ජාවට ගන්නා ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපතිවරයා ඊට අනුකුලත්වය දැක්වීමෙන් පසු පළමුව අදහස් දක්වා ඇති විමල් විරවංශ අමාත්‍යවරයා, යුගදනවි තාප විදුලිබලාගාරයේ කොටස් සියයට 40ක් ඇමෙරිකා සමාගමකට විකිණීමේ ගිවිසුම හා එහි ඇතැම් කරුණු කැබිනට් මණ්ඩලයෙන් පවා වසන් කිරීමට කටයුතු කල ආකාරය එකින් එක කාරණා ගෙනහැර දක්වමින් පැහැදිලිකර තිබේ.
මුලසිටම මෙහි පැවති රහසිගත ගුප්තභාවය ප්‍රශ්නකර ඇති ඇමතිවරයා, මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට අනාගතයේදී මතුවියහැකි භයානක තත්වය පැහැදිලිකර ඇත.
ගිවිසුම තමාවත් දැක නැතිබව මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේදීය.
අනතුරුව අදහස් දක්වා ඇති උදය ගම්මන්පිල අමාත්‍යවරයා, මෙම ගිවිසුමේ සඳහන් ශ්‍රී ලංකාවට අවාසිසහගත කරුණු දීර්ඝ වශයෙන් පැහැදිලිකර ඇත.
පැය කිහිපයක් පුරා පැවති මෙම සාකච්ඡාව නිමවී ඇත්තේ කිසිඳු පැහැදිලි තීන්දුවකින් තොරවය.
මේ අතර යුගදනවි ගිවිසුමට විරුද්ධව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කොළඹදී හෙට මහජන සභාව නමින් රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

THE LEADER TV
නැව ඉන්දු - චීන යුද්ධයකට ? | අද ගොසිප් එක
රට නං ඉවරයි වහ බොමු | මොණරවිලගේ ලියමන