The Leader News
BREAKING
කෘත්‍රිම බුද්ධියෙන් පොත් 370ක් ලියූ ලේඛිකාවකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව●බටහිර දොර වැසෙද්දී ශ්‍රී ලංකාවට මතුවන අලුත් මාවත●රුවන්වැලි සෑය ස්මාරකයක් ද: බෙල්-හරිශ්චන්ද්‍ර ගැටුම යළිත් කරලියට●අලියා නැගිට්ටවන ඇත් රජු කවුද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය●නැගෙනහිර බහාලුම් පර්යන්තය: අවිනිශ්චිතතාවේ දශකයක ආර්ථික පාඩම●වදනක: නිසරු භාවය, අශිෂ්ට භාවය හෝ තක්කඩි භාවය යනු කුමක් ද…?●සයිබර් වංචා සැකකරුවන් දහසක් දැලේ: නීතිය හමුවට නොපැමිණීමේ අර්බුදය●සෞදි අර්බුදය හමුවේ ලාංකික උම්රා බැතිමතුන් ගැන අවධානයක්●ශ්‍රීලංකන් සයිබර් ප්‍රහාරය වසන් කළාද? විමර්ශන දෙකක්●උතුරු-නැගෙනහිර රක්ෂිත අර්බුදයට අදියර දෙකක කඩිනම් විසඳුමක්●
Top Ad
පුවත්

ත්‍රස්ත පොලිසිය දිගටම උතුරේ දෙමළ ක්‍රියාකාරීන් පස්සේ පන්නයි

T

The Leader Desk

October 29, 2021 • 4:45 PM

ත්‍රස්ත පොලිසිය දිගටම උතුරේ දෙමළ ක්‍රියාකාරීන් පස්සේ පන්නයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවත් දෙමළ සමාජ ක්‍රියාකාරිකයකුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ.
  • මුලතිව් දිස්ත්‍රික්කයේ සමාජ කටයුතු වල නිරත කනගසබේ විමලදාස් ඔක්තෝබර් 28 දා වවුනියාවට කැඳවා ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පැය හතරහමාරකට වඩා ප්‍රශ්න කළ බව පලාතේ මාධ්‍යවේදීහු වාර්තා කරති.
  • මබ්රූක්ද නොවැම්බර් 8 වැනිදා කොළඹ 5 පිහිටි ත්‍රස්ත මර්දන මර්දන හා විමර්ශන ඒකකයේ ප්‍රධාන කාර්යාලයේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තවත් දෙමළ සමාජ ක්‍රියාකාරිකයකුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ.  

 
මුලතිව් දිස්ත්‍රික්කයේ සමාජ කටයුතු වල නිරත කනගසබේ විමලදාස් ඔක්තෝබර් 28 දා වවුනියාවට කැඳවා ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පැය හතරහමාරකට වඩා ප්‍රශ්න කළ බව පලාතේ මාධ්‍යවේදීහු වාර්තා කරති.
 
තමන් සම්බන්ධ වී සිටින ප්‍රජා සංවිධාන මෙන්ම ෆේස්බුක්, වට්සැප් සහ වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ගිනුම් ද ත්‍රස්ත මර්දන පොලිසියේ විමර්ශනයට පදනම් වූ බව විමලදාස් දෙමළ මාධ්‍යවේදීන්ට පවසා තිබේ. 
 
මෙම ප්‍රශ්න කිරීම සිදුවී ඇත්තේ උතුරේ ජන සංයුතිය වෙනස් කිරීමේ අරමුණින් ආණ්ඩුව වවුනියා මායිමේ සිංහලයන් දහස් ගණනක් පදිංචි කිරීමට විරෝධය පාන උද්ඝෝෂණයක් පැවැත්වීමට පෙර දිනයේය. 
 
මීට දින දෙකකට පෙර වව්නියාවේ ප්‍රාදේශීය ප්‍රජා සංවිධානයක් සම්බන්ධයෙන්  ප්‍රදේශයේ දෙමළ මාධ්‍යවේදියකු වන නවරත්නම් කපිලනාත්ගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකය ප්‍රශ්න කර තිබුණි.
 
මුස්ලිම් නිදහස් මාධ්‍යවේදියකු හා බීබීසී දෙමළ සේවයේ වාර්තාකරුවකු වන අම්පාර අඩ්ඩාලචේනෛ ප්‍රදේශයේ පදිංචි යූ. එල්. මබ්රූක්ද නොවැම්බර් 8 වැනිදා කොළඹ 5 පිහිටි ත්‍රස්ත මර්දන මර්දන හා විමර්ශන ඒකකයේ ප්‍රධාන කාර්යාලයේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
 

 

 

 


 

THE LEADER TV 
 
 
කෙරවලපිටියෙන් කෙළවෙන තැනට ? | මොණරවිලගේ ලියමන
 
 
 
එක රටට, නීතියට අලි වලි ? | අද ගොසිප් එක | The Leader TV
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...