1200 x 80 DMirror
 
 

මේක ගොවියාට පාරිභෝගිකයාට වඩා හරකුන්ට ආදරේ ‘හරක් ආණ්ඩුවක්’ යයි හිටපු ආණ්ඩුකාරවරයකු පවසයි. 

 
දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් එබව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි. 
 
කෘෂි ඉතිහාසයේ ලොකුම මිනිස්සු හදාගත් ව්‍යසනය විදිහට ලංකාවේ කාබනික නාඩගම ඉතිහාසගත වනු ඇතැයි ද ඔහු කියා සිටියි. 
 
''කිසිම වල් නාශකයක් නැතිව, කෘමි නාශක - දිලීර නාශක විතරක් ගෙන්න ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා.  කාබනික නාඩගමේ ඔස්තාර් ලා හිතාගෙන ඉන්නේ කෘමිනාශක - දිලීර නාශකවලට වැඩිය වල්නාශක ‘විෂයි’ කියලයි. වෙච්ච වරද නිවැරදි කරනකොට නැට්ටේ ඉදන් ගොම ගාන්න හරක් වගේ හැසිරෙන්න හොඳ නෑ...'' යයි පවසන හිටපු ආණ්ඩුකාරවරයා,  මේ ආණ්ඩුව කිසිම විශේෂඥ මතයකට ඇහුම්කන් නොදෙන බවද කියා සිටියි.
 
'' ගොවියාට වඩා තණ කොළ කන හරක් එළුවෝ කුකුලන්ගේ සෞඛ්‍ය ගැන හිතන රටක් බව ලංකාව පත් වෙලා තියෙනවා.'' යයි ඔහු අවදාරණය කරයි.
 
rajith ad psd 
 
ඔහු තව දුරටත් මෙසේද කියා සිටියි.
 
''මහ වැස්ස නිසා උඩරට එළවළු වගාව විනාශ වෙනවා.  උඩරට තේ වගාවට දිලීර රෝග හැදිලා කුඩා තේ වතු විනාශයි. මහ වතු සමාගම්වලට දිලීර නාශක විතරක් නෙවෙයි, වල් නාශකත් තියෙනවා. කුඩා තේ වතු හිමියෝ, පොඩි වගාකරුවන්නට පොහොර බෙහෙත් මොකවත් නෑ. මේක ධපතියාට සලකන, දුප්පතා කාබාසිනියා කරන ප්‍රතිපත්තියක්. විනාශය කරා රට ගෙනියන මාවතක්.
 
  
පොහොර තහනමට වැඩි විනාශයක් බෙහෙත් පළිබෝධ නාශක තහනම නිසා වගාවට සිදු වෙනවා. ආණ්ඩුව ඉන්නේ අමු මිත්‍යාවන් එක්කයි.  
 
 
නිලධාරීන්ට අං තට්ටුවක්  
 
 
පලිබෝධ නාශකවලින් අඩුම විෂ තියෙන්නේ වල්නාශකවල.  එවා ගහන්නේ තේ වගාවේ, බඩ ඉරිඟු වගාවේ වල්වලට මිසක් ගහට නෙවෙයි. දැන් කාබනික වගාව ඉවරයි. හෙට කැබිනට් මණ්ඩලය පලිබෝධ නාශක කිහිපයක් ගෙන්නන්න අනුමැතිය දෙනවා. හැබැයි හැම වගාවකටම, කර්මාන්තයකට අවශ්‍ය වන වල් නාශක තහනම් කරලා. 
 
මේක ගොවියොන්ට වඩා හරකුන්ට ආදරේ ‘හරක් ආණ්ඩුවක්’.  මේකේ තියෙන්නේ මිනිස් ප්‍රේමයක් නෙවෙයි හරක් ප්‍රේමයක්.  ආණ්ඩුව හරකුන්ට, කුකුලොන්නට කොච්චර ආදරේ ද කිව්වොත් උන්ට හදන බඩඉරිඟු ගහ අහලකටවත් වස විස වදින්න ඉඩක් නැති කරනවා. කෘමි නාශක අනුමත කරලා, වල් නාශක තහනම් කරන මැටි මෝල් ප්‍රතිපත්ති හදපු නිලධාරීන්ට අං තට්ටුවක් පලන්දන්න ඕන ..''
 
 

THE LEADER TV 
 
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන
 
 
 
හොර පෝර චොර වෙයි ?| "ස" ගේ දැනගැනීම පිණිසයි 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58