පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිළ සහභාගී වන තවත් තීරණාත්මක තරගයක් සාජා හිදී අද රාත්‍රීයේ පැවැත්වේ. 
 
ඒ, එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි. එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 07.30 ට ආරම්භ වේ. 
 
අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැත්වෙන තරගය සහ ලබන 04 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි. 
 
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග 02 ජය ගත්ත ද, පළමු කාණ්ඩයේ සෙසු කණ්ඩායම්වල තරග ප්‍රථිඵල ද ශ්‍රී ලංකා පිළේ ඉදිරි ගමනට බලපානු ඇත. 
 
ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවන්නේ සහභාගී වූ තරග 03 න් එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු 02 ක් හිමිකර ගනිමිනි.
 
එංගලන්ත කණ්ඩායම අද තරගය ජයගත හොත්, ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. 
 
අද තරගය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රි ලංකා පිළේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවසුවේ ප්‍රතිවාදී කණ්ඩායම්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිළිබඳ මේවනවිට අවබෝධයකින් පසුවන බවයි. 
 
 
ඉන්දියාව අවධානමක !
 
 
මේ අතර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග ඊයේ පැවැති තරගය ඉන්දීය කණ්ඩායම පරාජයට පත්විය. දෙවන කාණ්ඩය යටතේ ඩුබායි හි පැවැති මෙම තරගය නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේ කඩුළු 08 කිනි.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 07 ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 110 ක් පමණි.
 
 නවසීලන්ත පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලබා නොදුන් අතර රෝහිත් ශර්මා ලකුණු 14 කටත්, නායක විරාත් කෝලි ලකුණු 9 කටත් දැවී ගියේය. 
 
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවීන්ද්‍ර ජඩේජා පන්දු 19 කදී ලකුණු 26 ක් රැස් කළේය.
 
ලකුණු 111 ක ජයග්‍රාහී ඉලක්කය, කඩුළු 02 ක් පමණක් දැවී පසුකර යාමට නවසීලන්ත කණ්ඩායම සමත් වු අතර ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දුවාර 14 යි පන්දු 03 ක් පමණි.
 
 ඉන්දීය කණ්ඩායම මේවනවිට සහභාගී වූ තරග 02 ම පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන්ගේ අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු ද අවදානම ලක්ව තිබේ. 
 
 
(නෙත් නිව්ස්)
 
 

 


THE LEADER TV 
 
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන
 
 
 
හොර පෝර චොර වෙයි ?| "ස" ගේ දැනගැනීම පිණිසයි 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්