කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගමට විකිනීමේ ගිවිසුම සකස් කර ඇත්තේ ඇමරිකානු සමාගක් විසින් බව
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙළි කර තිබේ.
 
ආණ්ඩුවේ පවත්නා නොවිසඳුන ප්‍රශ්න ගැන සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති පක්ෂනායක හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇතැයි පසුගිය 28 වනදා 'දෙරණ' රූපවාහිනී නාලිකාව අනාවරණය කළේය. 
 
යුගදවි බලාගාරය විකිනීමට අදාල ගිවිසුම ඇමරිකානු සමාගමක් විසින් සකස් කර ඇති බවත් එහි දුර්වලතා ඇත්නම් නැවත ලිඛිතව පෙන්වා දෙන ලෙසත් ජනාධිපති පැවසූ බව එම ප්‍රවෘත්ති විකාශනයේදී හෙළි කළේය.
 
 
'පක්ෂ නායක අවසරයක් උවමනා නෑ..' - ජනාධිපති කියල !
 
emanisaa 
 
මේ අතර ආණ්ඩුවට පක්ෂපාති emanisa.lk වාර්තා කර ඇත්තේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එකරටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධානියා ලෙස පත්කළේ රටට නීති සැදීමට නොව තමන්ට උපදෙස් දීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම රැස්වීමේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවයි.
 
තමන්ට උපදෙස් දීම සඳහා පත්කරන කාර්යසාධන බලකායට ජනවරම ලත් විධායක ජනාධිපතිවරයා ලෙස තමන්ට අභිමත කෙනෙක් පත්කර ගැනීමට අවකාශ ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී  අවදාරණය කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
තමන් කරන කියන සෑම කරුණක් ගැනම පක්ෂ නායකයන්ගෙන් උපදෙස් ගන්නට ගියහොත් තමන්ට මිත්‍රයන් ඇසුරු කිරීම ගැනත් පක්ෂ නායකයන් ගෙන අවසර ගන්නට සිදුවිය හැකි යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා ඇත.
 
 
 

THE LEADER TV 
 
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන
 
 
 
හොර පෝර චොර වෙයි ?| "ස" ගේ දැනගැනීම පිණිසයි 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්