රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමෙරිකානු වාදී කටයුතුවලට එරෙහිව නීතිමය පියවර ගැනීම සිදු කළ

වෘත්තිය සමිති නායකයෝ ඉන් නොනැවති දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

 
 ඇමෙරිකානු විරෝධී බවක් දක්වමින් සිටි රාජපක්‍ෂ ආණ්ඩුව සහයෝගිතා ප්‍රතිපත්තියකට මාරු වීමේ පියවරක් ලෙස කෙරවලපිටිය යුගදනවී තාප බලාගාරයේ රජය සතු කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබා දීමට තිරණය කර තිබුණි.
 
 එයට විරෝධය පාමින් නොවැම්බර් 3 වැනි බදාදා විදුලි, වරාය සහ තෙල් සේවකයෝ ලංකා විදුල්බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට, කොළඹ වරාය  ඛාන් ඔරලෝසු කණූව ඉදිරිපිට, කොළොන්නාව තෙල් සංස්ථා නිමාව ඉදිරිපිටදී සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට දී දැවැන්ත  විරෝධතා දියත් කර තිබුනි.
 
 ඇමෙරිකාවට පමණක් නොව චීනය හා ඉන්දියාවටත් රටේ සම්පත් විකිණිමට එරෙහිව   වරාය සේවකයෝ එහිදී ආණ්ඩුවට  විරෝධය පළ කළේය. 
 
 අගනගරයේ වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසදීමට බලකරමින් මාස 3 කට වැඩි කාලයක් තිස්සේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ගෙන යන අරගලයටද ඔවුන්ගේ සහාය පළ කළ බවයි.
 
 ලංකා විදුලි සේවක සංගමයේ මහ ලේකම් රංජන් ජයලාල් පවසන්නේ කොළඹදී ඊයේ පැවැති විරෝධතාවය සදහා උතුර නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විදුලි වෘත්තිය සමිති රැසක් නියෝජනය කරමින්  විදුලිබල සේවකයන් එක් වු බවයි.
  

 
 
වෘත්තීය සමිති රැසක් නියෝජිතයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක්  ගොනු කරමින් නොවැම්බර් 02 වැනිදා ඉල්ලා සිටියේ යුගදනවී තාප බලාගාරයේ රාජ්‍ය සතු සියයට හතලිහක කොටස් ඇමෙරිකාවට ලබා දීමේ රාජපක්‍ෂ ආණ්ඩුවේ කැබිනට් තීරණය බල රහිත කරන ලෙසයි. 
 
  
යුගදනවී තාප බලාගාරයේ කොටස් හා ගෑස් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා විදුලිබල, තෙල්, ගෑස් කම්කරු සමිති උද්ඝෝෂණ වලට පමණක් සීමා නොවී වෘත්තීය ක්‍රියා මාර්ග වලට එළඹෙන බවටත් ඔවුන් අනතුරු අගවා තිබුනි.
 
 ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ලංකා විදුලි සේවක සංගමයේ මහ ලේකම් රංජන් ජයලාල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ප්‍රියන්ත ප්‍රභාත්, එක්සත් ජාතික පක්ෂයේ අනුබද්ධ වෘත්තීය සමිතියක් වන ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික සෙවක සංගමයේ ලේකම් දොන් අජිත් දේවප්‍රිය, සමස්ත ලංකා විදුලි පාරිභෝගික සංගම් සභාපති කේ .එම්. ප්‍රියන්ත යන වෘත්තීය සමිති නියෝජිතයෝ‍ නීතීඥ සුනිල් වටගල  මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
 
 මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් , වේස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම, ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි නිව් ෆෝට්‍රස් සමාගම, ලංකා විදුලි බල මණ්ඩලය, ලක්දනවි සමාගම, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපති ඇතුළු සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශ ලේකම්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලය ඇතුළු 44 දෙනෙක් නම් කර තිබුණි.                                                    
 
 ඉකුත්  සැප්තැම්බර් 6 වැනිදා ගෙන ඇති අදාළ  කැබිනට් මණ්ඩල තීරණය බලරහිත කරන ලෙසත්, සිය පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ  ඉල්ලා සිටිති.
 
 ඊට අමතරව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවේ මෙම ක්‍රියාවලිය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙසයි.
 
 මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සමඟ එක්ව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ඉකුත් 26 වැනිදා  අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේද යුගදනවී බලාගාරයේ සියයට හතලිහක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමේ කැබිනට් තීන්දුව බල රහිත කරන ලෙසයි.
 
  
එවැනිම පෙත්සමක් ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් ද අභියාචනාධිකරණය වෙත තවත් පෙත්සමක් ඉකුත් දා ගොනු කළේය.
 
  
ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ අමෙරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා  සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉකුත් 21 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
 
 ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව විසින් එළඹී මෙම තීරණයට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක් ද විරෝධය දක්වා ඇත.
 

 

 


 

THE LEADER TV 
 
 
‘එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි?
 

 
 69 ලක්ෂයට වහ ඔනේ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්