The Leader News
BREAKING
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●
Top Ad
පුවත්

අපයෝජනයන්ට ලක්වන දරුවන්ගේ වීඩියෝ සාක්ෂි ගන්න ඒකක 9ක්

T

The Leader Desk

April 5, 2026 • 5:28 AM

අපයෝජනයන්ට ලක්වන දරුවන්ගේ වීඩියෝ සාක්ෂි ගන්න ඒකක 9ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය කාලයේ මෙම කටයුතු කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟයක් පැවැති බවත් මේ වනවිට එම කාර්ය මණ්ඩලය බඳවාගෙන අවසන් බවත් සභාපතිවරිය ප්‍රකාශ කළාය.
  • අනුරාධපුරයේ හා ගාල්ලේ රෝහල් ඒකකවල එම පටිගත කිරිම් ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ අවශ්‍යතාව සපුරා ගැනීමට අධිකාරියට හැකියාව ලැබුණු බවද ඇය සඳහන් කළාය.
  • ඒ අනුව ඉදිරියේදි එම පළාත් දෙකෙහි අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම් සිදුකරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය කාලයේ මෙම කටයුතු කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟයක් පැවැති බවත් මේ වනවිට එම කාර්ය මණ්ඩලය බඳවාගෙන අවසන් බවත් සභාපතිවරිය ප්‍රකාශ කළාය.

මේ වන විට දරුවන්ගේ සාක්ෂි පටිගත කරන්නේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ රාගම රෝහලේ පිහිටි ඒකක දෙකේ පමණි. අනුරාධපුරයේ හා ගාල්ලේ රෝහල් ඒකකවල එම පටිගත කිරිම් ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ අවශ්‍යතාව සපුරා ගැනීමට අධිකාරියට හැකියාව ලැබුණු බවද ඇය සඳහන් කළාය.

ඒ අනුව ඉදිරියේදි එම පළාත් දෙකෙහි අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම් සිදුකරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.

ජාතික ළමාරක්ෂක අධිකාරියට මෙම කටයුතු සිදුකිරීමට කැබිනට් අනුමැතිය ලබා දී මේ වන විට පස් වසරකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් මේ දක්වා ආරම්භ කර ඇත්තේ ඒකක දෙකක් පමණක් බවත් පළාත් මට්ටමින් මෙම ඒකක පිහිටුවා සාක්ෂි පටිගත කිරීම් සිදුකර විමර්ශන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවටත් ජාතික විගණන කාර්යාලය සිදුකළ පරික්ෂණයකින් අනතුරුව පසුගියදා නිර්දේශ කර තිබිණි.

(aruna | වරුණි පෙරමුණ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපයෝජනයන්ට ලක්වන දරුවන්ගේ වීඩියෝ සාක්ෂි ගන්න ඒකක 9ක් | The Leader