දෙමළ යුද පීඩිතයන් විසින් වසරක් පාසා පවත්වන මහවිරු සතියේ සම්ප්‍රදයට අවහිර නොකර ඊට දායක වන මෙන් උතුරු නැගෙනහිර කතෝලික සභාව

වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

කතෝලික සභාවේ උතුරු නැගෙනහිර නායකත්වය සිය අනුගාමිකයන්ගෙන් මින් පෙර නොවූ විරූ ආකාරයෙන් ඉල්ලා තිබුනේ යුද්ධයෙන් මියගිය අය සැමරීම සඳහා නොවැම්බර් 20 වැනිදා පහන් දල්වන ලෙසයි.

 

මහවිරු මාසයේ ගෞරවය රැකෙන අයුරින් උතුරු නැගෙනහිර රදගුරුවරු තම තීරණය නැවත සිතා බලන ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා එහි ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් දෙපොළගේ අත්සනින් ඉරිදා නිකුත් කළ නිවේදනයකින් ඉල්ලා තිබේ.

 

''නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය දෙමළ ජනයාගේ ඓතිහාසික සටන් ඉතිහාසයේ ඉමහත් වැදගත් සතියකි. දෙමළ ජනයාගේ නිදහස වෙනුවෙන් සටන් කොට මිය ගිය සටන්කාමීන් දෙමළ නිජබිමේ සැතපී සිටින බවට සිතාගෙන ජනතාව මල්, පහන් දල්වා ඔවුන් අනුස්මරණය කරති,'' යැයි එම නිවේදනයේ සඳහන්වේ.

''දෙමළ ජනයාගේ නිදහස පතා සටන් කොට මිය ගියවුන් සමරා වෙනත් දිනයක් යොදා ගැනීම සටන්කාමීන්ට කරන අගෞරවයක්,'' යැයි ද දෙමළ ජාතික ජනතා පෙරමුණ පෙන්වා දෙයි.

 

යුද්ධයෙන් මිය ගිය, අතුරුදහන් කළවුන් සමරා සියලු ආගමික පුද පුජා පවත්වන ලෙසත්, එසේ නොහැකි නම් නිවසේ සිට පහනක් දල්වා ඔවුන් සිහිකරන ලෙස මන්නාරමේ ෆිඩලිස් ප්‍රනාන්දු, යාපනයේ ජස්ටින් ඥාණප්‍රකාශම්, ත්‍රිකුණාමලයේ නොයෙල් එම්මානුවෙල් සහ මඩකළපුවේ ජෝශප් පොන්නයියා රදගුරුවරු සිව් කට්ටුව ඉකුත් සතියේදී නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා තිබුණි.

 

විරු සැමරුම් නොවැම්බර් 20 වැනිදාට යොදා ගැනීමේ උතුරු නැගෙනහිර කතෝලික සභාවේ තීරණය ගැන 'මහ විරුවන්ගේ දෙමාපියන් හා ඥාති මිත්‍රාදීන් කනස්සල්ල පළ කරන බවට' දැනගන්නට ඇතැයි දෙමළ ජාතික ජනතා පෙරමුණ සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


 

THE LEADER TV



ජීතයේ දුශ්තා මැඩලන්න වැදි දියුනු සංවද්දන සැලැස්මක් !
 


මහින්දට කල දේ බැසිල්ට පල දේ !
 


සගේ විශ්වාසය දිනූ අලුත් කණ්ඩායම කවුද ? | "ස" ගේ දැනගැනීම පිණිසයි

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්