චීනයට විකුණන ලද ද හම්බන්තොට වරාය ආපසු පවරා ගන්නා බවට පොරොන්දු වී බලයට පැමිණි අය අද රටේ දේපළ විකුණා දමමින් සිටින බව ශ්‍රී ලංකා

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.

විපක්ෂයේ සිටියදී පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියමින් පපුවට ගහගෙන මහපොළොව සිපගත් මහින්ද රාජපක්‍ෂ ගේ හදවත අද කම්ප වෙනු ඇතැයි තමන් සිතන බවත් ඔහු සදහන් කරයි.

ඔහු එබව සඳහන් කලේ ඊයේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට සහභාගී වෙමිනි.

අද වන විට චීනයට රටේ හදවත විකුණා දමා ඇති බවත් ඇමරිකාවට පෙනහළ විකුණා දමා ඇති බවත් ඔහු කියා සිටියේය.

විදේශිකයන්ට මෙරට සම්පත් විකුණා දැමීම සාප වන පාපකර්මයක් යයිද ඔහු පැවසීය.

අද අපට කිසිවක් ඉතුරු නොවී සියල්ල එකින් එක විකුණමින් පවතින බවද ඔහු අය-වැය විවාදයේ දී අවදාරණය කළේය.






 

THE LEADER TV
 
 
ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

 
 
මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්