මුදල් අමාත්‍යංශය විසින් බැංකු කළමනාකාරිත්වයේ අනුමැතිය ලද රාජ්‍ය බැංකු සේවක වැටුප් වැඩිවීම ලබා නොදී කල් මරමින් සිටින බවට චෝදනා එල්ල වී තිබේ.



සේව්‍ය සේවක සාමුහික ගිවිසුම අනුව ඉදිරි වසර තුනකට අදාළ වැටුප් වැඩිවීම් බැංකු කළමනාකාරිත්වය විසින් අනුමත කර මුදල් අමාත්‍යංශයට යොමු කොට දැනට මාස දෙකක් ගත වුවත් මෙතෙක් එය ලබා දෙන්නට කටයුතු කර නොමැති බව රාජ්‍ය බැංකු සේවකයන්ගේ වෘත්තීය සමිති පෙන්වා දෙති.

 ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, උකස් හා ආයෝජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු වල සේවකයන් 25 000 ක් මේ නිසා දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ඊයේ [16] පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්ය.

''ආණ්ඩුව විසින්ම පත් කළ බැංකු කලමනාකාරිත්වය විසින් 2021-2023 වසර වලට අදාළ වැටුප් වැඩිවීම අනුමත කර තිබියදී, මුදල් අමාත්‍යංශය කල් මැරීම මගින් රාජ්‍ය සේවකයන් අධෛර්යමත් කරනවා,'' යැයි විපක්‍ෂ නායකයා පවසයි.

මෙම වැටුප් වැඩිවීමට අදාළ මුදල් රාජ්‍ය බැංකු උපයාගත් ලාභය යොදා ගන්නා බැවින් මුදල් සොයා ගැනීමේ අර්බුදයකට අමාතයශය මුහුණ නොදෙන බවද ඔහු ප්‍රකාශ කළේය. 


මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු සභා ගැබේ නොමැති හෙයින් විපක්‍ෂනායක ගේ ප්‍රකාශය ගැන අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයෙක් වූ ෂෙහාන් සේමසිංහ කියා සිටියේ, බැංකු සේවක වෘත්තීය සමිති සමඟ සාකච්ජා කිරීමට දැනටමත් දින නියම කරගෙන ඇති බවයි.

බැංකු සේවකයන්ගේ උසස්වීම් සහ වැටුප් වැඩිවීම කිරීමද ඇතුලත් සේවා කොන්දේසි සහිතව වසර තුනකට වරක් අත්සන් කරනු ලබන සාමුහික ගිවිසුම මුදල් අමාත්‍යාංශයට යොමුකර මාස දෙකක් ගත වී ඇතත් එයට අනුමැතිය ලබා දී නොමැති වීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය විසින් උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන නගර පහකදී පසුගියදා උද්ඝෝෂණ පවත්වා තිබුණි.

 

  


 

THE LEADER TV

ආනන්ද පිටුපසින් ගන්ධබ්බයෙක් ! | මොණරවිලගේ ලියමන
 



ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්