ලබන වසරේ ආණ්ඩුවට මාරක තුනකට මුහුණදීමට සිදුවනු ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.



මේ වන විට නිර්මාණය වී තියෙන ඛණිජ තෙල් අර්බුදය සම්බන්ධයෙන් හා ඛණිජ තෙල් අර්බුදය හේතුවෙන් මේ රට ගමන් කරමින් තිබෙන ඉතාම අනතුරුදායක දිශාවන් පිළිබඳව පැහැදිළි කරමින් ඔහු එබව සඳහන් කළේය.

එම කාරණය තව දුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ සඳහන් කළේය.



බරපතල සැකයක් !

''විශේෂයෙන්ම මේ මොහොතේ විශාල ඛණිජතෙල් අර්බුදයක් නිර්මාණය වෙලා සාමාන්‍ය ජනතාවට තෙල් හිඟයක් ඇතිවෙලා තියෙනවා. මේ තෙල් හිඟය තුළින් සාමාන්‍ය ජනතාව තුළ විශාල පීඩනයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තෙල් හිඟයට හේතුව විදිහට ආණ්ඩුව ඉදිරිපත් කරන්නෙත් ඇමතිවරයා ඉදිරිපත් කරන්නෙත් ඩොලර් හිඟය හේතුවෙන් ගත්ත උපක්‍රමික ක්‍රියාමාර්ගයක් විදියට තමයි තෙල් පිරිපහදුවේ වැඩකටයුතු තාවකාලිකව නතර කරලා තියෙන්නේ කියන එක.

නමුත් මෙම තෙල් පිරිපහදුව තාවකාලිකව නතර කිරීමත් ඒ වගේම මේ වෙනකොට ඛණිජ තෙල් ක්ෂේත්‍රයට ඉදිරිපත්වෙලා තියෙන අනිකුත් යෝජනා දිහා බැලුවහමත් බරපතල සැකයක් නිර්මාණය කරනවා මේ පිරිපහදු කටයුතු නතර කිරීම පිළිබඳව.

ඒකට හේතුව මේ ආණ්ඩුව මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා ලංකාවේ 1961 ඉදිරිපත් කරපු අංක 12 දරණ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටුවීමට ගෙන ආව ඛණිජ තෙල් පනත සංශෝධනය කිරීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක්. මේ සංශෝධන කෙටුම්පතේ හරාත්මක අවශ්‍යතාවය තමයි ඛණිජ තෙල් සංස්ථාව සතුව තියෙන ඛණිජ තෙල් ආනයනය කිරීමේ ඒ වගේම බෙදා හැරීමේ අපනයනය කිරීමේ පිරිපහදු කිරීමේ, රඳවා තබා ගැනීමේ මේ සියලුම කටයුතු සඳහා තියෙන ඒකාධිකාරිය අවසන් කිරීම තමයි මේ පනතේ තිබෙන උවමනාව.



ඒකාධිකාරිය අවසන් කිරීම හරහා ලංකාවේ විවිධ සමාගම්වලට විදේශීය සමාගම්වලට ලංකාවේ ඛණිජ තෙල් වෙළඳපළ විවෘත කිරීම තවදුරටත් ලිබරල් කරණයට ඛණිජ තෙල් වෙළඳපළ ලක් කිරීම. මේක තමයි අපි ඉස්සරහ පිට තියෙන මේ ඉදිරි කාලපරිච්ඡේදයේ ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ, බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරිපිට තියෙන බරපතලම අභියෝගය.

 

දැන් ඒකත් එක්ක ගැටගැහිල තමයි ඉතුරු ක්‍රියාවලිය මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. ඇමතිවරයාම ඉදිරිපත් කරන මේ ඩොලර් හිඟයට ආණ්ඩුව දැන් පහුගිය මාසේ සිට ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා ඩොලර් හිඟයට මිලියන 500 ක ණයක් ලබාගන්න මේ තෙල් ආනයනය කිරීම සඳහා. ඒක ඩොලර් මිලියන 500 ක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ලබන වසර සඳහා තෙල් ආනයනය කිරීම සඳහා ලබා ගන්නා ණය මුදලක් වෙන්නත් පුළුවන්.



ඉන්දියාවෙන් ණය කොන්දේසි !

Trincomalee oil tanksත්‍රිකුණාමල තෙල් ටැංකි 


තෙල් ආනයනය සඳහා මේ ලබා ගන්න ණය සඳහා ඉන්දියාව මේ වෙනකොට කොන්දේසි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කොන්දේසිවලට අනුව මේ වෙනකොටත් ප්‍රශ්නගතවෙලා තියෙන විශේෂයෙන්ම ත්‍රිකුණාමල තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නය. මේ තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නය මුල්කරගෙන ඉතාම බරපතල රටට ඉතාම අවාසිදායක යෝජනා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා.

මේ තෙල් ටැංකි සම්බන්ධ ඉතිහාසය සැලකුවොත් එහෙම මේ තෙල් ටැංකි සම්බන්යෛන් අපි ඉන්දියාවට මෙතරම් බරපතල විදිහක උගුලක හිර කෙරුවේ 1987 අත්සන් කෙරුණු ඉන්දු ලංකා ගිවිසුම හරහායි.  මේ ඉන්දු ලංකා ගිවිසුමේ තමයි කෙලින්ම මේ තෙල් ටැංකි සම්බ්න්වධ කිසිදු රටක් සමග ගණුදෙනු කරන්න බැහැ ඒ සඳහා තියෙන අවකාශ අවහිර කරලා ගිවිසුම අත්සත් කෙරුණේ.

ඒ ගිවිසුමටම ගැලපෙන විදිහට ඊලඟට 2003 රනිල් වික්‍රමසිංහ පාලනය අවුරුදු 35 කට මේ තෙල් ටැංකිවලින් 15 ක් ඉන්දියානු තෙල් සමාගමට බදු දීම සඳහා එකඟතාවයකට ගිවිසුමක් අත්සන් කරනවා.

දැන් ඒ ගිවිසුව අත්සන් කරලා සැලකිය යුතු කාලයක් ගෙවුණට පස්සේ දැන් නැවත උත්සාහ කරනවා මේ ඉතුරු තෙල් ටැංකි ටික ලංකාවේ ඛණිජ තෙල් සංස්ථාවට පාවිච්චි කිරීම සඳහා ලබා ගැනීමට උත්සාහයක් කරනවා. ඒ උත්සාහයට සම්පූර්ණයෙන්ම බාධා කිරීම් සිද්ධවුණා දිගින් දිගටම.

ඊට පස්සේ නැවත යෝජනාවක් ආවා මේ තෙල් ටැංකිවලින් 15 ක් ඛණිජ තෙල් සංස්ථාවටත් ඉතිරි ටික ඛණිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම හා ඒකාබද්ධ වෙලා හදන තෙල් සමාගමකටත් එහි වැඩි කොටස්වල අයිතිය ලබා දෙන්න. මේක තමයි පහුගිය දවස්වල සාකච්ඡාවෙමින් තිබුණේ මේ යෝජනාව තමයි නැවත නැවත ඉදිරියට එමින් තිබෙන්නේ.

මේ යෝජනාව මෙලෙස සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන අතරතුර ඒ කියන්නේ ලංකාවට අයිතිවෙලා තියෙන මේ තෙල් ටැංකි 99 ඩැහැගැනීම සඳහා පූර්ණ වශයෙන් අත්සන් කරපු ගිවිසුම් ගණනාවකුත් ඒ වගේම මේ මොහොතේ කරන රාජ්‍ය තාන්ත්‍රික බලපෑමත් කරමින් ඉන්න අතරතුර දැන් මේ අලුතෙන් ගන්න ණය මුදලට කොන්දේසියක් විදිහට ඉන්දියාව පනවන්න ලැහැස්ති වෙනවා ත්‍රිකුණාමළ කළාපයේ සම්පූර්ණ තෙල් සඳහා වන අලෙවි කිරීම තෙල් ගොඩබෑම නැව්තෙල් අලෙවිය, මේ සියලුම ආකාරයේ ක්‍රියාවලිවලට අදාලව ඒකාධිකාරිය තෙල් සංස්ථාවෙන් ඉවත් කරලා එහි සම්පූර්ණ ඒකාධිකාරිය මේ ඉන්දියානු තෙල් සමාගමට ලබා දීමේ එකඟතාවයකට. නැත්නම් අපේ හිමිකාරිත්වය ඉන්දියානු තෙල් සමාගමට ලබා දීමට.


මේක ඉතාම බරපතල අනතුරක් ඒකට හේතුව දැන් මෙවැනිම ආකාරයේ ගිවිසුමක් හම්බන්තොට අත්සන් කරලා තියෙනවා. හම්බන්තොට වරාය විකිණීම සඳහා පහුගිය ආණ්ඩුව අත්සන් කරන ලද ගිවිසුමෙන් පස්සේ ඒ එකඟතාවලට අනුව හම්බන්තොට වරායේ සිට කිලෝමීටර් 100 ක් දෙපැත්තට කිසිම ආකාරයකට තෙල් අලෙවි කිරීමේ එහෙම නැත්නම් තෙල් සම්බන්ධයෙන් කිසිම ආකාරයක ව්‍යාපාර කටයුත්තක නිරත වීමට ලංකාවේ ඛණිජ තෙල් සංස්ථාවට අයිතියක් බලයක් නැහැ. ඒ බලය අත්හිටවලා තියෙන්නේ.

ඒක නිසා දැන් පැහැදිළිවම මේ වසරේ හම්බන්තොට චීන සමාගම් ආරම්භ කරා නැව් තෙල් ලබා දීම සඳහා, දැන් ඔවුන් කියලා තියෙනවා මේක විශාල ආදායමක් උපයන්න පුළුවන් මාර්ගයක් කියලා. මොකද විශාල මුහුදු තීරයක් මැද තමයි ලංකාව පිහිටලා තියෙන්නේ. මුහුදු ගමන් මාර්ගයක් මැද. ඒ වාසිය ඔවුන් අරන් ලංකාවට වාසියක් ලබාගතහැකි ඒ දොරටුවත් සම්පූර්ණයෙන් අවහිර වෙලා තියෙනවා. ඛණිජ  තෙල් සංස්ථාවට ඒ දොරටුව අවහිර කරලා තියෙනවා.

ඒක නිසා මේ සියල්ල අහිමි කරමින් තමයි අද මේ රටේ අර්බුදය විසඳනවා කියලා කියන, මේ අර්බුදයට උත්තර හොයනවා කියලා කියන මේ ඇමතිවරු මේ ඇමති මණ්ඩලයේ කටයුතු කරමින් ඉන්නේ. ඉතින් මේක තමයි මුළු ඉතිහාසය පුරාම මේ ඛණිජ තෙල් සංස්ථාවට සිද්ධ වුණේ.

ඇත්තවශයෙන්ම මේ ඊයේ පෙරේදා සිද්ධ වෙච්ච මේ පිරිපහදුව අත්හිටුවීම, අපි දන්නේ නැහැ තව කොච්චර කාලයකට මේක විවෘත කරන්න පුළුවන් වෙයිද කියලා. මොකද අද ඩොලර් නැත්නම් තව මාස දෙකකින් ඩොලර් පහල වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඩොලර් අර්බුදය තව එන්න එන්නම උත්සන්න වෙනවා. ඒ නිසා මේ පිරිපහදුව වැසීම ඇමතිවරයා කියන විදිහට මේක සර්විස් කරන්නත් වහනවා කියලා, නමුත් මේ පිරිපහදුව වැසීම ඉතාමත්ම තීරණාත්මක වෙන්නේ බරපතල වෙන්නේ, මේ ඩොලර් අර්බුදය අදට වඩා හෙට හොඳ වෙන්නේ නැහැ.

මේක දැන් අර්බුදයෙන් අර්බුදයට ගමන් කරනවා. ඒක නිසා මේ පිරිපහදුවට කරපු විනාශයේ අවසාන ජවනිකාවද අපි මේ දකින්නේ කියන ප්‍රශ්නය සමාජය ඉස්සරහපිට තියෙනවා. මොකද ඒකට හේතුව ලංකාවේ ඛණිජ තෙල් සංස්ථාව බිහි කරලා 1961 පනත ගෙනැල්ලා 1967 මේ පිරිපහදුව නිර්මාණය කරලා ඊට පස්සේ වසර ගණනාවක් යනකොට මේ හරහා විවිධ නිෂ්පාදන ගණනාවක් සිද්ධ වුණා. ආසන්න වශයෙන් මේ පිරිපහදුව හා මේ ඛණිජ තෙල් සංස්ථාව හරහා නිෂ්පාදන 38 කට වැඩි ප්‍රමාණයක් 1980 දශකය වෙනකොට  නිෂ්පාදනය වෙමින් තිබුණා.



ඒ සියල්ල මේ එකින් එක 79 පස්සේ ගෙන ආපු නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළ යටතේ, ආර්ථික මොඩලය යටතේ මේ ආකාරයටම විවිධාකාර හේතු ඉදිරිපත් කරමින් එකින් එක විකුණුවා. 

 

# අපි දන්නවා එල් පී ගෑස් අයිතිය තිබුණේ ඛනිජ තෙල් සංස්ථාවට. එල්පී ගෑස් සමාගම විකුණුවා ෂෙල් සමාගමකට එදා. ඒ හේතුවත් මේ ආයතනය පාඩු ලබනවා. නැත්නම් මේ ආයතන පෞද්ගලීකරණය තමයි මාවත කියන එක.


# ඊගාවට නැවිතෙල් අංශය. මේක විශාල ලාබ ලබමින් තිබුණා. ඒක විකුණුවා ජෝන් කීල්ස් සමාගමට.


# ඊගාවට ලිහිසි තෙල් විකුණුවා කැල්ටෙක්ස් එකට,


# දියර තාර සහ ඝන තාර සම්බන්ධයෙන් තිබුණ ඒවා වෙනත් පෞද්ගලික සමාගම්වලට විකුණුවා.


# ඒ වගේම තෙල් පිරවුම්හල්වලින් 1/3 ක් IOC සමාගමට විකුණුවා. ඊළඟට සීපිඑස් ස්ටීල් සමාගම නිර්මාණය කරලා කොටස්වලින් 1/3 ක් නැවත IOC එකට විකුණුවා.


# ඒ වගේම නයිලෝන් 6 කියන නිෂ්පාදනය කොරියානු සමාගමකට විකුණුවා.  


# ඊගාවට ඒ වෙනකොට නිෂ්පාදනය වෙමින් තිබුණ යූරියා පොහොර සමාගම කෑලි කෑලිවලට කඩලා යකඩවලට ඩුබායි සමාගමකට විකුණුවා. දැන් අපි මේ වෙනකොට යූරිය සම්බන්ධ ප්‍රශ්නයකටත් මුහුණ දීල තියෙනවා.


මේ ඛණිජ තෙල් සංස්ථාවට තිබිච්ච ආණ්ඩු හැම එකකින්ම කරපු අපරාධය ඉතාම අපූරු පැතිකඩක් මේ රටේ නවලිබරල් ආර්ථිකය ප්‍රතිපත්තිය තේරුම් ගන්න. සමහරු දැන් මේ ප්‍රශ්නය සීමා කරන්න හදනවා මේ ඩොලර් ප්‍රශ්නය ආවේ මේ කොරෝනාව නිසා කියලා. කොරොනා නිසා ආව ප්‍රශ්නයක් තමයි මේ ඛණිජ තෙල් සංස්ථාව කනපිට වැටිලා තියෙන්නේ කියලා.

නැහැ,  

මේ ඛණිජ තෙල් සංස්ථාව 1980 දශකයෙන් පස්සේ ක්‍රමානුකූලව විකිණීමේ කඩා වැට්ටීමේ සහ ප්‍රතිසංස්කරණය නොකර සිටීමේ ඉරණමකට ලක් කරා. අද වෙනකොටත් නැව් මේ ඛණිජ සංස්ථාවට තෙල් බොරතෙල් අරගෙන එන නල පද්ධතිය ප්‍රතිසංස්කරණය නොකරපු නිසා විශාල වියදමක් යනවා නැව් වලට. නැව් නතරකරලා තියන්න විශාල වියදමක් යනවා. නැව් රක්ෂණය කරන්න විශාල වියදමක් යනවා. මොකද ඒකට හේතුව අදාළ පීඩනයයෙන් යුක්තව මේ ගබඩාවලට තෙල් පොම්ප කරන්න හැකියාවක් නැහැ. ඉතින් මේ වෙනකොට ප්‍රශ්න ගණනාවකට ඛණිජ තෙල් සංස්ථාව මුහුණ දීල තියෙනවා.

මේ තෙල් සංස්ථාවේ ප්‍රශ්නය මේ රටේ ආර්ථිකයත් එක්ක බැඳිලා තියෙනවා. සමහරු උලුප්පලා දක්වන්න හදනවා මේ සේවකයින්ගේ බර තමයි මේකේ ප්‍රධාන ප්‍රශ්නය කියලා. ඒ පිළිබඳව අපි අභියෝග කරනවා. ආර්ථික විද්‍යාව පැත්තෙන් අපිට ඒ සම්බන්ධව වාද කරන්න පුළුවන්. කොච්චර මුදලක්ද සේවකයින් සඳහා මේ ආයතනයෙන් වැය වෙන්නේ කියලා. ඒ නිසා සේවක වැටුප් නෙවෙයි මෙතන පැහැදිළි කාරණය. ප්‍රතිපත්තිමය ලෙස මෙවැනි ආයතන සම්බන්ධයෙන් ඒ වගේම රටට ඉතාම තීරණාත්මක බලපෑමක් කරපු ආයතන සම්බන්ධයෙන් අනුගමනය කරපු ප්‍රතිපත්තියි.


ඒ නිසා අද පෙට්‍රල් පෝලිමේ ඉන්න ඩීසල් පෝලිමේ ඉන්න ජනතාවට අපි පැහැදිළිවම කියනවා. මේ රට අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තියේ වන්දිය තමයි අද අපිට ගෙවන්න සිද්ධවෙලා තියෙන්නේ. ඒ නිසා අපි ප්‍රශ්න කළ යුතුව තිබෙන්නේ මෙන්න මේ ආර්ථික ප්‍රතිපත්තිය මේ ආර්ථික පිළිවෙත මේ ආයතන ප්‍රවර්ධනය කරන්නේ නැතුව ගිය ගමනේ ප්‍රතිඵලය.
 


ඒ නිසා අපි අලුතෙන් පිරිපහදුවක් හැදිය යුතුව තිබුණා. නමුත් ඒ පිරිපහදුව නිර්මාණය කරේ නැහැ. ඒ නිසා අද රටක් විදිහට අපි විශාල අර්බුදයකට ගෙනගොස් තිබෙනවා. දැන් මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න මාර්ගයකුත් නැහැ. ඒකට හේතුව අද මේ වෙනකොට ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල වෙන්නේ ඩොලර් 81 ක්. එතකොට ඩොලර් 81 ක් වගේ මිලකට මිලදී ගනිද්දි තමයි දැන් මේ ප්‍රශ්නය තියෙන්නේ. දැනට පුරෝකථනයන් කරලා තියෙනවා ඊළඟ අවුරුද්ද වෙනකොට ඩොලර් 100 ක් දක්වා සාමාන්‍ය මිල බැරලයක් සඳහා ගමන් කරනවා. ලබන වසර අවසාන වෙනකොට ඩොලර් 120 ක් දක්වා ගමන් කරනවා. ඒ කියන්නේ දැනට තියෙන බැරල් එකක මිල වගේ හරියටම 50% කින් මිල වැඩි වෙනවා.

එතකොට මේ ඔක්කොම වැඩි වෙද්දි අපේ රුපියල අවප්‍රමාණය වෙනවා. ඒ නිසා පැහැදිළිවම මේ රටට ඉදිරියට තෙල් අර්බුදයකට මුහුණ දෙනවා. ඒක ඉතා පැහැදිළියි. ඒ නිසා ඒකට සැළැස්මක් නැහැ. පිරිපහදු වහලා අපි එතනින් නෙවෙයි මෙතනින් ගමු කියලා කරන්නේ දවස ගෙවා ගන්න කරන සැලසුම් විතරයි. මේකට දිගුකාලීන සැලසුම් නැහැ.



''ආණ්ඩුවට මාරක තුනක් පනින්න තියනවා ''

ඒ නිසා රටක් විදිහට පැහැදිළිවම බරපතල අර්බුදයක් මේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අර්බුදය ඉස්සරහ මේක විතරක් නෙවෙයි විශාල ප්‍රශ්න ගණනාවක් ඇවිත් තියෙනවා. මේකත් එක්ක ආණ්ඩුවට ඉදිරි මාස තුන හතර ඇතුළත. ඒ කියන්නේ ලබන අවුරුද්දේ පළවෙනි මාස තුන හතර ඇතුළත ආණ්ඩුවට මාරක තුනක් තියෙනවා පනින්න.


1-  අනිවාර්යයෙන්ම බලශක්ති අර්බුදයක්

එකක් තමයි මේ කියන තෙල් සහ ගල්අඟුරු මාරකය. ගල්අඟුරු ගෙන්වීම සඳහා තිබුණු ඒ ටෙන්ඩර්වල ඇණවුම් ලැබුණේ නැහැ. මේ ගල්අඟුරු සහ තෙල් අර්බුදය පැහැදිළිවම විදුලි අර්බුදයක් සඳහා ගමන් කරනවා. දැන් ආණ්ඩුව කියන්නේ වහිනවා වහිනවා ඒ නිසා අපිට පුළුවන් ජල විදුලිය ගන්න කියලා. නමුත් වැස්ස නතරවුණු ගමන් සති තුනහතරක් වෙනකොට ආපහු රස්නය එනවා. ඒ නිසා මේ වැස්ස උත්තරයක් නෙවෙයි මේකට. ඒ නිසා අනිවාර්යයෙන්ම බලශක්ති අර්බුදයකට මේ රටේ ජනතාවට ඉදිරියේදී මුහුණ දෙන්න වෙනවා.


2 - මාර්තු වෙනකොට සාගතයක් !

ඒ වගේම ආණ්ඩුව කැඳවගත්තු ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනකොට මේ රටේ වී අස්වැන්න සහ එළවළු නිෂ්පාදනය පහත වැටිලා තියෙනවා. මේ මොහොතෙත් පහත වැටෙමින් පවතිනවා. සාගතයකට රට ගමන්කිරීමේ දිසාවකට මේ රට ගමන් කරමින් සිටිනවා. ඒ නිසා හාල් මිල මේ තියෙනවා වගේ දෙගුණයකින් වැඩි වෙන්න පුළුවන්. ඒ සියල්ල ඉස්සරහපිට රටේ ජනතාවට අනිවාර්යයෙන් එන මාර්තු වෙනකොට සාගතයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.



3 - විදෙස් ණය වාරික ගෙවා ගැනීමේ අර්බුදය !

ඒ එක්කම මේ සියලු ප්‍රශ්නත් එක්ක මාර්තු වෙනකොට ණය වාරික ගෙවා ගැනීමේ ප්‍රශ්නය එනවා. ඩොලර් බිලියන 2 ක ණය වාරිකයක් ගෙවන්න නියමිතව තියෙනවා. මේ ඩොලර් බිලියන 2 ක ණය වාරිකය ගෙවීමට ආණ්ඩුවට ඩොලර් තියෙනවද? ඩොලර් කොහෙන්ද හොයන්නේ කියන ප්‍රශ්නය ආණ්ඩුවට තියෙනවා.


ඒ නිසා මේ සියලු ප්‍රශ්නත් එක්ක මේ රට ඉතාම තීරණාත්මක තැනක තියෙන්නේ. මේක එන්න එන්නම හොඳ වෙන්නේ නැහැ තව තවත් බරපතල වෙන එක තමයි වෙන්නේ.  මේ පීඩනය ජනතාව මත පටවන එකත්, ඒ වගේම කිසිම සැලැස්මක් නැතුව මේ මහා අර්බුදයකට මුහුණ දෙන එකත්, පොහොර සම්බන්ධයෙන් මේ රටට නැති අර්බුදයක් කැඳවගත්තු එකත් එක්ක ජනතාව අන්ත අසරණ වෙලා ඉන්නවා.

ඒ නිසා අපි අනේ අපෝයි කියන්නේ නැතුව, නැත්නම් මේ කොරෝනා තමයි මේකට හේතුවුණේ කියන මතයට තල්ලු වෙන්නේ නැතුව, මේ රට පාලනය කරපු විවෘත ආර්ථික නව ලිබරල් ප්‍රතිපත්තිය විසින් කැඳවපු ප්‍රශ්නය දිහා දකින්න. ඒකට කදිම උදාහරණයක් තමයි ඛණිජ තෙල් සංස්ථාවට සිදුවුණ විනාශය.''
 

 

 


 

LEADER TV

නොපෙනෙන මාස්ක් පැළඳි ජනපති...!! 
 
 
 
 
 
මෙහෙමත් බූරුවෙක් ! | මොණරවිලගේ ලියමන
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්