උසාවි නියෝග, බිය වැද්දීම් හා සමරු ස්මාරක බිඳ දමමින් රාජපක්‍ෂ ආණ්ඩුව දෙමළ මහවිරු සැමරුම කඩාකප්පල් කිරීමට

සංවිධානාත්මක වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බවට චෝදනා එල්ල වී තිබේ.

යුද වැදී ඇද වැටුණු සිය ස්නේහවන්තයන් ඉදිරි සතියේ අනුස්මරණය කිරීමට සැරසෙන උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන හා බිම් මට්ටමේ නායකයන්ට එරෙහිව පොලිසිය විසින් මේ වනවිට ලබාගෙන තිබෙන අධිකරණ තහනම් නියෝග හැටකට අධිකය.

අදින් ඇරැඹෙන දෙමළ මහවිරු සතිය යාපනයේ පැවැත්වීම තහනම් කිරීම සඳහා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගැනීම සඳහා පොලිසිය විසින් කළ ඉල්ලීමට උසාවිය විසින් අවසර දී තිබේ. මඩකලපුව අධිකරණය විසින්ද දෙමළ ක්‍රියාධාරීන්ව එරෙහිව තහනම් නියෝග ලබාගැනීම ආරම්භ කර තිබේ.

යුද හමුදාව විසින් කෝපායිහි පිහිටි මහවිරු සුසාන භූමිය ඩෝසර් කර පිහිටවූ 512 බලසේනා මුලස්ථානය අසල සහ යාපනය විශ්ව විද්‍යාලය ඇතුළු තවත් ස්ථාන කිහිපයක අනුස්මරණ කටයුතු සංවිධානය කර ඇති බව පොලිසිය අධිකරණයට පවසා තිබේ.

මන්නාරම, මාන්තායි බටහිර, ආට්කාට්ටිවෙලියේ ඉදිකර තිබෙන මහවිරු සුසානයට ගිය ප්‍රදේශවාසීන්ට එහි ඇති සමරු ප්‍රදීපස්තම්භය 19 සිකුරාදා රාත්‍රියේ කඩාබිඳ දමා ඇති ආකාරය දැක ගන්නට ලැබී ඇත.

fghtyey

''මහවිරු සොහොනට යන ප්‍රධාන මාර්ගය අසල හමුදාව රැකවල් දාගෙන ඉන්න නිසා අපිට තේරෙනවා කවුද මේක විනාශ කරන්න ඇත්තේ කියලා. අවුරුදු ගණනාවක් නිරුපද්‍රිතව තිබුණු මේ පහන් දල්වන ස්මාරකය විනාශ කර දැමීම මිලේච්ජ ක්‍රියාවක්,'' යැයි මහවිරු සුසාන භූමි බාර ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානි මෙන්ම, 'දෙමළ ජාතියේ  ජීවත්වීමේ අයිතිය' සංවිධානයේ නායක වී.එස්.සිවකරන් පවසයි.

ස්මාරක කඩා බිඳ දමා ඇති බවට තොරතුරු ලැබුණු විගසම, මහවිරු සොහොන් බිම් ක්‍රියාකාරී කමිටුවේ භාණ්ඩාගාරික මන්නාරම නගර සභාවේ සභාපති ඇන්ටනී ඩේවිඩ්සන් සමග එම ස්ථානයට පැමිණි සිවකරන් කියා සිටියේ මෙවැනි ස්මාරක විනාශ කරමින් ආණ්ඩුවට සතුටු විය නොහැකි බවයි.

මෙම ක්‍රියාව මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතුළු දෙමළ මහවිරුවන්ගේ දෙමාපියන්ගේ මහත් කම්පාවට හේතුවී තිබේ.

 ''නිදහස් සටන්කාමීන්ගේ කැප කිරීම් හා ඔවුන්ගේ ශක්තිය දෙමළ ජනයාගේ හිත් තුල සෑම දිනෙකම ආලෝකමත්ව දැල්වෙනවා. මේ ආණ්ඩුවට ඒක විනාශ කරන්න බැහැ,'' යැයි ද සිවකරන්  අවධාරණය කරයි.


මහවිරු ස්මාරකය විනාශ කිරීම හෙලා දකිමින්  යේ [19] පාර්ලිමේන්තුවේදී කතා කළ දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙය දෙමළ ජනයාගේ හිත් සසල කරන්නට සිදු කළ ක්‍රියාවක් බවයි. ''මේ සොහොන් බිම් මත මිහිදන් කර ඉන්නේ අපේ ජාතිය වෙනුවෙන් සටන් කරලා මියගිය සටන්කාමින්,''යැයි ද ඔහු පැවසීය.

 


ඉල් මහේ සිංහල සහ දෙමළ විරු සමරු

දකුණේ සිංහල ඉල්මහ විරුවන් සැමරීමට අවසර ලබා දෙන රාජපක්‍ෂ ආණ්ඩුව උතුරේ දෙමළ මහවිරුවන් සැමරීමට බාධා කරන බවට චෝදනා කරමින්, යුද නිමාවට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ, දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළාය.

''ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ මිය ගිය සටන්කාමීන් සමරන්න ඉඩ දෙන රාජපක්‍ෂ ආණ්ඩුව දෙමළ ජනයාගේ නිදහස වෙනුවෙන් සටන් කර මිය ගිය අපේ ඥාතින් සිහිකරන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම ඉඩ දෙන්නේ නැත්තේ ඇයි කියා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි.'' ඇය සිය නිවේදනය මගින් ආණ්ඩුවට අභියෝග  කර තිබේ.


ජනතා විමුක්ති පෙරමුණ සිය ඉල්මහ විරු සමරුවක් පළමු වරට යාපනයේදී පවත්වා තිබුනේ මේ වසරේදීය. එය ඉකුත් 13 වැනිදා එම පෙරමුණේ යාපන දිස්ත්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 


වෘත්තියෙන් පාසැල් ගුරුවරියක් වන හිටපු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා ඇතුළු 40 කට ආසන්න පිරිසකට එරෙහිව පොලිසිය විසින් මහවිරු සැමරුම් හා උත්සව සංවිධානය තහනම් කරමින් උසාවි නියෝග හැටකට වැඩි ගණනක් ලබා ගෙන තිබේ..

 විරු සැමරුම් සතිය ආසන්නව වෙත්ම කිලිනොච්චියේ පදිංචි මහවිරු පවුල් හමුවට යන හමුදා රහස් ඔත්තු සේවා හා පොලීසිය ඔවුන්ගේ තොරතුරු ලබා ගනිමින් බිය වැද්දීමක නිරතව සිටින බව ප්‍රදේශයේ මාධ්‍යකරුවෝ පවසති.



ඉල්මහ කවිය :

මතක නදිය - රෝහිත භාෂණ අබේවර්ධන

  

 


 

LEADER TV

පෝර හොරා ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
සර් තවත් හෙනහුරෙක් කඩාපාත් වෙන්න ද යන්නේ ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
 
නොපෙනෙන මාස්ක් පැළඳි ජනපති...!!  ‍| Gossip
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්