සර්ගේ කාබනික පොහොර වැඩේ රිවර්ස් කරපු ඕඩරේ තීන්ත වේලෙන්නත් ඉස්සර, අද වෙච්ච තවත් රිවර්ස් වැඩක් ගැන කියන්නයි මේ හදන්නේ.

 

ජල සම්පාදන මණ්ඩලය අද ලංකාවේ ප්‍රදේශ ගණනාවකම බිල් නොගෙවපු ගෙවල් වල වතුර කපලා.

මුලු හිඟ බිලට අමතරව, එකට එකතු කරපු 2.5% ක අධිභාරයක් එක්ක, තව රුපියල් 1000ක නැවත සේවා සැපයීම් ගාස්තුත් ගෙවන්න කියලා.

රට පුරාම එකම ජරමරයක්!

සමහරුන්ගේ එකතු වෙච්ච බිල් රුපියල් දහ දාහ පැනලා. දහ දාහ මොකක්ද කියලා සර්ලට නම් හිතෙන්න පුලුවන්, දහ දාල අපට නම් ලොකු ගාණක් සර්.

ගෙදරට ඇවිත් වතුර කපලා යනකොට, ගොඩක් අය ඔෆිස් වල, වතුර කැපුවා කියලා දැන ගත්තු ගමන් කට්ටියට හීන් දාඩිය දාලා.

 ඒ හවස තුනට කලින් සල්ලිත් හොයාගෙන බිල ගෙවලා, ජල සම්පාදන මණ්ඩලේ ගෙදර ලඟ ඔෆිස් එකට පෙන්නුවේ නැත්නම්, මේ කෝවිඩ් කාලේ ගෙදර ගිහින් මූණ කට හෝදගන්නවත් වතුර ටිකක් නෑ කියලා කල්පනා වෙච්ච හින්දා.
 
සමහරු බිල් ගෙවන්න සල්ලි හොයා ගන්න බැරි නිසා මඟුල් මුද්දත් උකස් කරාලු. මොන මඟුල් ද නේද සර් ඔෆිස් ඇරිලා ගෙදර ගිහින් මූණ කට හෝදගන්නවත් බැරි වෙනකොට කෝවිඩ් කාලේ.

වතුර පාවිච්චි කළා නම් බිල ගෙවන්න ඕනේ, ඒක හැමෝටම තේරෙනවා, ඒත් මේකෙ වෙලා තියෙන්නේ කෝවිඩ් කාලේ මිනිස්සු අමාරුවෙන් ඉන්න නිසා, වතුර කපන්න එපා කියලා සර් කිව්වා කියලා කියපු නිසා අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු වතුර බිල නොගෙවා ඉඳලා මාස කීපකම.


බඩු මිල ගැනත් සර් දන්නවනේ. වතුර බිලේ ගාණෙන් සමහරු කන්න බඩු ටිකක් අරගෙන. දැන් බිල එකතු වෙලා. ඒ එකතු වෙච්ච බිල එකපාරටම ගෙවන්න කියලා අද ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ජල සම්පාදන මණ්ඩලයෙන් වතුර කපා ගෙන ගිහිල්ලා.


වතුර කපන්න ආපුවම ගෙවල් වල හිටපු අය ඇහුවලු ඇයි ජනාධිපතිතුමා කිව්වනේ සහනයක් දෙනවා කියලා, වතුර කපන්නේ නෑ කියලා කෝවිඩ් කාලේ. තාම කොවිඩ් කාලෙ නේද සර්? ඊයෙත් හත්සියයකට කිට්ටුවෙන් අලුත් කෝවිඩ් රෝගීන් හමුවුණා.

එතකොට සර්ගේ සහනය ගැන වතුර කපන්න ආපු අය කිව්වලු සර් ඒක කට වචනයෙන් විතරයි කියලා තියෙන්නේ, ගැසට් එකක් ගහලා නෑ කියලා. ජල සම්පාදනේ ලේකම්තුමා දන්නේ නැද්ද? සර්, සර්ගේ වචනයෙන් පවා නිකුත් කරන නියෝග චක්‍රලේඛයක් නැත්නම් ගැසට් එකක් කියලා.

සර්, මිනිස්සු කියන්නේ, එක පාරටම කලුවරේ හොරු එන්නා වගේ ඇවිත් වතුර කපලා යන්නේ නැතුව, අඩුම ගාණේ සර් කිව්වනම්, ලබන මාසේ ඉඳන් හිඟ බිලෙන් යම් කොටසක් ගෙවන්න කියලා, අපි ටික ටික හිඟය ගෙවන්න පටන් ගන්නවා කියලා. මේ වතුර කපපු වැඩේ අමාත්‍යාංශ ලේකම්තුමා දැනුවත්ව වුණේ කියලා මණ්ඩලේ ලොක්කෙක් කියලා තියෙනවලු.

(සමාජ මධ්‍යයේ පළවූ සටහනකි.)

 

 


 

THE  LEADER  TV
 
 
කඩුව වඳුරට දෙන්නෙ බලාගෙන!
 


හිටං ඔහේ නිකං හිටියා! | මොණරවිලගේ ලියමන
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්