පාස්කු ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට පියවර නොගත් බවට චෝදනා නැගී ඇති හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ට

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී අධිචෝදනා 855කින් යුත් පත්‍රය කියවා දින තුනක් ගත වෙද්දී, වසර දෙක හමාරකට වැඩි කලක් නඩු නැතිව රඳවාගෙන සිටින හැට තුන් දෙනකු තව දුරටත්   රිමාන්ඩ් භාරයේම තැබීමට මඩකලපුව අධිකරණය  නියෝග කර තිබේ.

 මාරාන්තික වසංගත ව්‍යාප්තියේ අනතුර තවමත් පහව ගොස් නොමැති බැවින් සැකකරුවන් හැට තුන් දෙනා ශාරිරික ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් නොකළත් විනිසුරුවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.




එම සැකකරුවන්ට දෙවසරක් තිස්සේම නඩු පවරා නැත.

නොවැම්බර් 25 වැනි  බ්‍රහස්පතින්දා මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන් නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙසැම්බර් 09  වැනි දා  දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

 පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇති සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත වසර දෙකකට ඉහතදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 69 දෙනා අතුරින් හය දෙනකු මේ වන විටත් අධිකරණය මගින් නිදහස් කර ඇති බව නැගෙනහිර  වාර්තාකරුවෝ පවසති.



අත්අඩංගුවේ සිටින සැකකරුවන් අතර සහරාන් හෂීම්ගේ නැගනියද වේ.

 වීඩියෝ  තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු සැකකරුවන් දිවයිනේ විවිධ පළාත් තුළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිසක් බව වාර්තාකරුවෝ තව දුරටත් පවසති.

 සැකකරුවන් අතුරින් වැඩි පිරිසක් කාත්තන්කුඩි, කල්මුනේ, සයින්දමරදු, සම්මන්තුරේ ආදී ප්‍රදේශ වල පදිංචි කරුවන් වේ.




පුජිතට අධිචෝදනා


පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේ විත්තිකාර පූජිත් ජයසුන්දර ට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී අධිචෝදනා 855කින් යුත් චෝදනා පත්‍රය පසුගියදා කියවා දෙනු ලැබී ය.

 


 ඒ එම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන විනිසුරු මඩුල්ල හමුවේ නොවැම්බර් 22 වැනිදා කැඳවූ අවස්ථාවේදී ය.

අන්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එකී ප්‍රහාර මාලාව මැඩ පැවැත්වීමට පියවර නොගැනීම ඇතුළු අධිචෝදනා ගොනු කරමින් නීතිපතිවරයා නඩුව ගොනුකර තිබුණි.

 විනිසුරු මඩුල්ලේ නියෝගය පරිදි මහාධිකරණ භාෂා පරිවර්තිකාව විසින් පුරා පැයක පමණ කාලයක් ගත කරමින් කියවා දුන් එකී අධිචෝදනා පත්‍රයේ සඳහන් සියලු අධිචෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකාර පූජිත් ජයසුන්දර විත්ති කුඩුවේ සිට ප්‍රකාශ කළ බව අධිකරණ වාර්තාකරුවෝ පවසති.

 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකකරුවන් හත්සීයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන සිටින පොලීසිය  පාස්කු ප්‍රහාරයට අනුබල දීමේ චෝදනාවට පසුගියදා තවත් අයකු අත්අඩංගුවට ගෙන තිබුනි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාර මාලාවේ මහමොළකරු ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇති  “සහරාන් හෂීම්ගේ ගෝලයන් සමග සබඳතා පැවැත්වූ අයෙක්” බව කොළඹින් පලකෙරෙන ජනමාධ්‍ය වාර්තා කර ඇත.

 පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරක් මත කාත්තන්කුඩියේ පදිංචි වන අබ්දුල් ජෆාර් මොහමදු ජෆ්රාස් තරුණයා නොවැම්බර් 16 වැනි දින අත්අඩංගුවට ගෙන ඇති බවයි.



700 ක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ලෙස ශ්‍රී ලංකාවේ අත් අඩංගුවේ ඉන්නා තිදෙනකුට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය චෝදනා ගොනු කොට ඇති අතර, ත්‍රස්ත නීති යොදාගෙන දිවයින තුල සිරකොටගෙන ඉන්නා සිය ගණනකගෙන් නඩු පවරා ඇත්තේ පනහකටත් අඩු පිරිසකට පමණි.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විමර්ශන, විවේචනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට විශේෂ ප්‍රකාශයක් කරමින් පසුගියදා අනතුරු ඇඟවු පොලිස්පති සී.ඩි වික්‍රමරත්න එහිදී අනාවරණය කර තිබුනේ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයන් 723 කගෙන් 311 දෙනෙක් තවමත් රිමාන්ඩ් බාරයේ සිිටින බවයි.

 "පොලිස් පරීක්ෂණ වලින් සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයන් 723 කගෙන් 311 දෙනෙක් තවමත් රිමාන්ඩ් බාරයේ සිටිනවා, රුපියල් මිලියන 360 මුදල් රාජසන්තක කර තවත් රුපියල් මිලියන 168 ක දේපොළ තහනම් කර තිබෙනවා."  පැවසූ පොලිස්පති " සැකකරුවන් 46 දෙනකුට එරෙහිව  මහාධිකරණයේ අධිචෝදනා 11 ක් ගොනු කර තිබෙනවා"  යැයි වැඩි දුරටත් සදහන් කළේය.



මිනිස් ජීවිත 268 ක්

 දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියහ.

 කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල දෙවසරකට ඉහතදී  බෝම්බ පිපිරීම් සිදු වුයේ  පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.

 පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව කොළඹ අගරදගුරු කාදිනල්  මැල්කම් රංජිත් හිමියෝ දිගින් දිගටම අවධාරණය කරමින් සිටිති.

 

 

 


THE  LEADER  TV
 

2024 දී පොහොට්ටුවේ කැරැට්ටුව ?
 

 
 
අගමැති නිකමෙක් ලු ! | The Leader TV
 

 
 
අයියගෙයි මල්ලිගෙයි මරු කාන්තා විමුක්තිය ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්