ජාත්‍යන්තර සහයෝගීතාව සහ සම්බන්ධීකරණය වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිදෙන ''ජාත්‍යන්තර සහයෝගිතා

සම්මානය'' ශ්‍රී ලංකා - රුසියානු මිත්‍රත්ව සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සමන් වීරසිංහ ට මොස්කව් නුවර දී පසුගිය 25 දා ප්‍රදානය කර ඇත.

ශ්‍රී ලාංකිකයකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර මෙයට පෙර ස්ලෝවේනියාව, ඉන්දියාව, ප්‍රංශය, බල්ගේරියාව රටවලින් තෝරාගත් පුරවැසියන් සඳහා මෙම සම්මානය ප්‍රදානය කර තිබේ.

 රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන්, රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශ සම්මේලනයේ පාර්ලිමේන්තු සහ මහජන සංගම් විෂයයන් සබඳතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙමෝන් ග්‍රිගෝරියෙව් විසින් මෙම සම්මානය වෛද්‍ය සමන් වීරසිංහ වෙත පිරිනමන ලදී.

විදේශීය රාජ්‍ය සමග ද්වීපාර්ශික සම්බන්ධතා වර්ධනය කරමින් රාජ්‍ය අතර සහයෝගිතාවය වර්ධනය කිරීමට එරට විදේශ අමාත්‍යංශය හා ක්‍රියාකාරීව සම්බන්ධවන රුසියානු පුරවැසියන් හා විදේශීය පුරවැසියන් වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුව මෙම සුවිශේෂී සම්මානය ප්‍රදානය කරයි.

 

“රුසියානු සමූහාන්ඩුවේ වීරයා” සම්මානයෙන් පිදුම් ලද අභ්‍යාවකාශගාමී වැලේරී තකාරෙව් ද වෛද්‍ය සමන් වීරසිංහ සමඟ මෙම සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි.

 

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම සඳහා වෛද්‍ය සමන් වීරසිංහ වසර ගණනාවක් තිස්සේ ඉටු කළ සුවිශේෂ කාර්යභාරය ඇගයීම ද මෙම සම්මාන ප්‍රදානයට සමඟාමීව සිදුවිය.

මේවනවිට අගමැති මහින්ද රාජපක්ෂගේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන වෛද්‍ය සමන් වීරසිංහ, මංගල සමරවීර විදේශ අමාත්‍ය ධුරය දැරූ සමයේදී  රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015-2018) රුසියානු-ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා ඉහළ දැමීමට වටිනා මෙහෙවරක් ඉටු කළේය.

ඔහු මේවන විට ශ්‍රී ලංකා - රුසියානු මිත්‍රත්ව සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස ද කැලණිය රජ මහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ලෙස ද කටයුතු කරයි.

මොස්කව් නුවර රුසියානු සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයේ පැවති උත්සව අවස්ථාවට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සෙමෝන් ග්‍රිගෝරියෙව්, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා අබේවික්‍රම සහ රුසියානු විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ පිරිසක් එක්ව සිටියහ.

rusd


 

THE  LEADER  TV



අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන

 

 

සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන

 



සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්