මේ දිනවල වාර්තා වෙන ආකාරයේ සිදුවීම් 233ක් 2015 සිට වාර්තා වී ඇතැයි සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ (නොවැම්බර් 29) පාර්ලිමේන්තුවේදී

ප්‍රකාශ කළේය.

එහෙත් වර්තමානයේදී කෙටි කාලයක් තුළ එවැනි සිදුවීම් වාර්තා වීම ගැන විශේෂ අවදානය යොමු කළ යුතුව ඇතැයි පැවසු ඔහු පෙන්වා දුන්නේ මේ පිළිබඳව තවම අවසන් තීරණයක් ගත නොහැකි බවයි.

ගෑස් නියාමනය විවිධ ආයතනවලට පැවරී තිබුණ ද කිසිඳු රාජ්‍ය ආයතනයක් එම වගකීම ඉටුකර නොමැති බව ද ඔහු කියා සිටියේය.



 මොරටුව සරසවියෙන් වාර්තාවක්


ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාවක් මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීමට නියමිත බව ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා ඛනිජ තෙල් සංස්ථාවට යැවූ නියැදිවල වාර්තාවක් සැලකිල්ලට ගනිමින් ය.

ඒ අනුව ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට පිට පළාත්වලින් නියැදි 20ක් ඊයේ දිනයේ ලබා ගත්‌තේ ය.

මේ අතර, පෙරේදා (28) දිනයේත් ගෑස් පිපිරීම් 03ක් වාර්තා වේ.

කල්මුණේ, වට්ටවිදානෙයි ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් නිසා ගෑස් ලිපක් පුපුරා ගියේ ය. ඉන් නිවසේ මුළුතැන්ගෙයට හානි විය.

මේ අතර කෑගල්ල, රොක්හීල්, කහටපිටිය ප්‍රදේශයේ නිවසක පෙරේදා පෙරවරුවේ ගෑස් ලිපක් පුපුරා ගියේ ය. සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් වී නොමැත.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවසක ද ගෑස් කන්දුවක් නිසා ගිනි ගැනීමක් සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, පසුව නිවැසියන් ගෑස් සිලින්ඩරය හා ලිප නිවසින් පිටතට විසි කර ඇති බවය. ඒ හේතුවෙන් නිවසට හානියක් සිදුව නොමැති අතර අදාළ අවස්ථාවේ විශාල ගින්නක් හට ගත් බව නිවැසියන් පැවසුවේ ය.


පිපිරීම් ගැන වාසුදේව ගෙන් විද්වත් මතයක් !


 දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ වන විට ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව සිදු වන ගිනි ගැනීම් පිළිබදව ඊයේ පැවති  අමාත්‍ය මණ්ඩල හමුවේ දී කතාබහට ලක් වී ඇත.

තවත් රටවල් කිහිපයක දැනට මෙරට භාවිතා වන ගෑස් සංයුතිය යොදා ගන්නා බවත් එම රටවල මෙවැනි සිද්ධීන් වාර්තා නොවන බවත් අමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇති බව 'අරුණ' පුවත්පත වාර්තා කරයි. එබැවින් මෙම සිදුවීම් සංයුතියෙහි ගැටලුවක් නොවන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

මේ අතර, ගෑස් භාවිතා කරන ප්‍රමාණය ඉහළ යාමත් සමඟ ගෑස් සම්බන්ධ අනතුරුවල ඉහළ යාමක් පවතින බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.

Gas 2021.1130 1සමාජ මධ්‍යයේ පලවී ඇති පොස්ටු කිහිපයක්



ඇඹිලිපිටියෙත් ගෑස් පිපිරීමක් !


මේ අතර තවත් ගෑස් පිපිරීමක් ඇඹිලිපිටියෙන් වාර්තාවේ. ඇඹිලිපිටිය කදුරුගස්ආර හංදියේ වෙළද සැලක් පිටුපස ඇති එම වෙළද සැල් හිමියාගේ නිවසේ මුලුතැන්ගෙයි මෙම පිපිරීම සිදුව ඇතැයි 'ලංකා සී නිව්ස්' වාර්තා කර තිබේ.  29 දා සවස මෙම පිපිරීම සිදුව ඇත.

ගෙහිමියා වන මොහම්දිරම්ගේ ඉන්දික (43)  යන අය මාධ්‍ය වෙත කියා සිටියේ සවස්කාලයේ වතුර උණු කිරීම සදහා වතුර තබා තමන් සාලයට පැමිණි බවත් මද වේලාවකින් විශාල ශබ්දයක් ඇසී බලන විට ගෑස් කුකරය පිපිරී ගොස් ගිනිගනිමින් තිබෙන අයුරු තමන්ට දක්නට ලැබුනු බවත් වහාම ඔහු විසින් මෙම ගින්න නිවා දැමීමට කටයුතු කල බවද කීය.

මෙහිදී ගෑස් කුකරය වීදුරු සහිත එකක් බැවින් පිපිරී  එහි කොටස් විසිවී තිබෙනු දක්නට හැකි විය.

පිපිරීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කිසිවකු සිට නොමැති අතර එබැවින් කිසිවෙකුට කිසිදු අනතුරක් සිදුව නොමැත.  ශබ්දය ඇසුනු බැවින් තමන් ගින්න නිවූ බව පවසන ගෙහිමියා එසේ නොමැති වූවානම් විශාල අනතුරක් සිදුවිය හැකි බවද පවසයි.

මේ සම්බන්ධයෙන් නිවෙස් හිමිකරු විසින් ඇඹිලිපිටිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

 
 
 

THE  LEADER  TV



කුස්සියක් ගානේ පුපුරණ දෙවර්ෂ පූර්ණ මල් වෙඩි ! | මොණරවිලගේ ලියමන  



ජනාධිපති උගුලක හිරවෙලා ! | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්