ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්විමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත ඊයේ (2) යවා ඇතැයි

වාර්තා වෙයි.

සභාපති සංජය මොහොට්ටාල අධ්‍යක්ෂ  මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ සුබසිංහ, ආචාර්ය හර්ෂ කබ්රාල් සංජය කුලතුංග සහ ජෙයමින් පැල්පොළ  යන මහත්වරුන් මෙසේ සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත.

මේ අතර ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර ද ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා ඉහළ වැටුප් තල යටතේ නිලධාරීන් රැසක් බඳවා ගෙන ඇති බවට සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් එම බඳවා ගැනීම් කර ඇති බවට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ද පසුගියදා චෝදනා එල්ල විය.

මෙ අතර, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරෝධය පළ කරමින් එහි සේවකයන් අතිබහුතරයක් ජනාධිපතිවරයාට බාරදිම සඳහා පෙත්සමක්ද අත්සන් කළ  අතර, ආයෝජන මණ්ඩලයේ සේවකයන් 1100ක පමණ  පිරිසෙන්  අටසිය පනස් දෙනකු පමණ ඊයේ (2) වන විට ඊට අත්සන් තබා ඇතැයිද වාර්තා වේ .


චරිත හේරත් වගකීම භාරගත යුතුයි ! - පොහොට්ටුවෙන්ම චෝදනා


මේ අතර පොහොට්ටු පක්ෂයේ නොනිල මාධ්‍ය ප්‍රකාශක ලෙස සැලකෙන පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් පවසන්නේ, ආයෝජන මණ්ඩලයේ සභාපති හා අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඉල්ලා අස්විය යුතු තැනට පත් කළේ පාර්ලිමේන්තු 'කෝප්' කමිටුව බවයි.

බැසිල් වාදියකු වන මහින්ද පතිරණ සිය ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් කර තිබේ.


''ආයෝජන මණ්ඩලයේ සභාපති හා අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඉල්ලා අස්විය යුතු තැනට පත් කළ කෝප් සභාව ගැන මම ඉතාම කණගාටු වෙනවා. විශේෂයෙන්ම ආචාර්ය චරිත හේරත් මේකෙ වගකීම ගන්න ඕන. ඔහු මගෙන් හිතවතෙක්. ඒත් තමන්ගේ දේශපාලන අනාගතය හදාගන්න කෝප් එක භාවිත කිරීම මම අනුමත කරන්නෙ නැ. එහෙම කළත් ඒකෙ විනයක්, දැක්මක්, පාලනයක් තියෙන්නෙ ඕන.

මේ කරපු වැඩේ ගැන මට දැඩි විරෝධයක් තිබෙනවා. රටට ආයෝජන අවශ්‍ය ම මොහොතක ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙනව. ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු පිරිස මතින් ගියේ 2017 හා 2019 යහපාලන කාලෙ සිදුවන අක්‍රමිකතා. ඒව වර්තමානයේ සිදුවුන විදියටයි එළියට දැම්මෙ. කරුණු කාරණා පැහැදිලි ව තිබියදීත් කෝප් එකේ දී මේ අයට සාධාරණය වුනේ නැ. ඒ අයව ඩිෆෙන්ඩ් කළේ නැ.  

ඔය සංජය මොහොට්ටාල සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකෙ පුරාම නමක් තියෙන ව්‍යාපාරික ලෝකෙ නම්දරාපු අය. ඒක ව්‍යාපාර ලෝකය, පුද්ගල සන්නාම ගැන දන්න අය දන්නව.

මේ අය කුණු කතා අහගන්න කැමති නැ. ඒ අය ආවේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ආණ්ඩුවට රට ගොඩදාන්න උදව් කරන්න. අන්තිමට මේව ගැන හාන්කවිසියක් නොදන්නා පාර්ශවයක දෝශ දර්ශනයට ලක් වෙන්නෙ ඇයි කියල හිතල මේ පිරිස ඉල්ලා අස්වෙලා.''


මිලියන 3352.92 ක අනාවරණය !

 

පොහොට්ටු පක්ෂයේ නොනිල මාධ්‍ය ප්‍රකාශක එසේ පැවසුවද පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති කෝප් කාරක සභාවේදී අනාවරණය වුයේ, විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් මිලියන 3352.92 ක මුදලක් ගෙවා ඇති බවයි. මේ සම්බන්ධයෙන් වූ ප්‍රශ්න කිරීම් හමුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපතිවරයා රැස්වීමෙන් නැගිට ගොස් තිබු බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

 

එම කෝප් කමිටු රැස්වීම ට අදාලව පාර්ලිමේන්තුවෙන් නිකුත්කල මාධ්‍ය නිවේදනය පහත පළවේ.




BOI නිවේදනය :

 

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ, අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ දැමීම සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවන් සාර්ථක කරගැනීමට නොහැකි වූ බව පවසමිනි.

 

අදාළ ඉල්ලා අස්වීම් පිළිබඳව දැනුම්දෙමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින්.


''ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව දන්වා සිටිමු.

සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිය තනතුරු වල වැඩ භාර ගන්න ලද්දේ, අප රට තුල ශක්තිමත් ආයෝජන වාතාවරණයක් ඇති කරමින්, මෙම දශකය තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මට සහාය දැක්වීමේ ඒකීය චේතනාවෙනි.

මීට අදාළ උපායමාර්ගික න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ප්‍රවර්ධන ආයතන 1,000 කට අධික සංඛ්‍යාවක් අභිබවා තරඟ කිරීමට ආයෝජන මණ්ඩලයට පසුබිම සකසා ගැනීමට අභ්‍යන්තරව බොහෝ වෙනස්කම් අවශ්‍ය බව කැබිනට් මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලයේ නායකත්වය හඳුනා ගත්හ.

තවද, මෙම කර්තව්‍යය හුදෙකලාව සාක්ෂාත් කරගත නොහැකි බවත්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් හරහා සහයෝගී උත්සාහයන් අත්‍යවශ්‍ය බවත්, නව නිපුණතා එකතුවක් මෙන්ම විශේෂඥ වෘත්තීය සේවා හරහා රටේ නව සංවර්ධන දිශානතිය උත්තේජනය කිරීම සඳහා අවශ්‍ය ආයෝජන සංචිත වෙත නව ප්‍රවේශයන් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බවත් අවබෝධ කරගෙන තිබිණ.

 

අවාසනාවකට මෙන්, මෙම අවශ්‍ය පරිවර්තනය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම නිලධාරීන් දැරු උත්සාහය, ආයෝජන මණ්ඩලය තුළ සහ ඉන් පිටත, තම ආත්ම අභිලාෂය ගැන පමණක් සලකා ක්‍රියා කරන කණ්ඩායම් වල දැඩි සහ අඛණ්ඩව ප්‍රතිරෝධය ලක් වුනි.

 

රටට අවශ්‍ය පරිමාණයෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නම්, ජාත්‍යන්තර වේදිකාවේ තරඟ කිරීමට අවශ්‍ය සාධකද, එහි යථාර්ථයන් ද අවබෝධ කර ගැනීමට එම කන්ඩායම් අසමත් අතර, ඊට අවශ්‍ය ක්‍රියාවලි ද ප්‍රතික්ෂේප කළහ.

වර්තමාන නායකත්වයට පෙර, 2017 සහ 2019 අතර කාල වකවානු තුලදී, සිදුවූ සහ, මණ්ඩලයට පරිබාහිරව ගැනුණු තීන්දු තීරණ අදාළ කරගනිමින්, ආයෝජන මණ්ඩලය පිළිබඳව ප්‍රචාරය වූ බොහෝ වැරදි මතයන් ආයෝජන මණ්ඩලයේ කීර්ති නාමයට මෙන්ම එහි වර්තමාන නායකත්වයේ කීර්ති නාමයට ද, පිළිසකර කළ නොහැකි හානියක් සිදුවී ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම් හේතු කොටගෙන, ආයෝජන මණ්ඩලයේ නායකත්වය ඔවුන් විසින් හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට යෙදුනේ නම්, එය ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට රුකුලක් වන බව ඔවුන්ගේ දැඩි විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ සහ එහි සියලුම පුරවැසියන්ගේ යහපත සඳහා සියලු පාර්ශ්වකරුවන් සාමූහිකව කටයුතු කරනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.';


පී. බී. කකුලෙන් ඇද්ද ද?

 

මේ අතර මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙසේ ඉල්ලා අස්වීමට බලපෑ ප්‍රධානම කාරණය, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරගෙන් දිගින් දිගටම එල්ල වූ අනිසි බලපෑම් හා නොසැලකිලිමත් භාවය බවයි.

 

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම නිලධාරියා මෙසේ පැවසිය.

''ආයෝජන මන්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල ඉල්ලා අස්වුනේ ඔහු අසාර්ථක වීම නිසා නම් එහි වැඩි වගකීම ගත යුත්තේ මොහොට්ටාලව සේවකයෙකුමෙන් තබා ගෙන පාලනය කල ජනාධිපති ලේකම් වරයායි. මොහොට්ටාලගේ කාලයෙන් වැඩි කොටසක් ගෙවුනේ ජනාධිපති ලේකම් පි බී ජයසුන්දරගේ කාර්යාලය ලඟ ‍රැදී සිටිමින් ඔහුගෙන් උපදෙස් අනුව නටමිනි.

වසර 20 තිස්සේ ලංකාවේ ආර්ථිකයේ දිශානතිය ගැන සම්පූර්නයෙන්ම වගකිව යුතු පී බී ජයසුන්දර රටට ආයෝජන නොඑන්නට ප්‍රධාන හේතුවකි. ඔහුගේ උපදෙස් අනුව නටන ආයෝජන මන්ඩල සභාපතිවරයෙක් සාර්ථ්ක වීමට කිසිදු ඉඩක් නැත.

ආයෝජක මන්ඩලය තමුන්ට ඕනෑ ආකාරයට නටවන පී බී, කොළඹ වරාය නගර කොමිසමත් පාලනය කරන්නට ගොස් එහි සභාපති මාරපනගෙන් කන පැලෙන්නට අසාගත්තේ මීට මාසයකට පමන ඉස්සර. මොහොට්ටාලට මාරපනට තිබූ කොන්ද නැතිවීම නිසා අවසානයේ තනතුර නැති වූයේ ඔහුටය. පී බී තවමත් යහතින් හිටපු තැනම ඉන්නවා.  ලංකාවේ  ආර්ථිකයට දෙවියන්ගේ පිහිටයි..''



 

THE  LEADER  TV
 
 
 
ගෑස් සිලින්ඩරයක් පුරවගන්න බැරි අමන මරි ආණ්ඩුවක් ! 
 
 
  
සර් ශ්‍රීලනිපය ගියත් හතුරා තවම ඇතුළේ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්