1200 x 80 DMirror

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඔබ්බට ගොස්

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යායුතු යැයි උතුරේ නගරාධිපතිවරයකු ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර  තිබේ.

ජර්මනියේ කොළඹ තානාපති හොල්ජර් සියුබර්ට් යාපනයේ කළ සංචාරයකදී යාපන පුරපති විශ්වලිංගම් මනිවන්නන් සමග පැවති විශේෂ හමුවක දී මේ බව අනාවරණය කෙරිණි.

''මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත් කරන ගමන්, යුද්ධයෙන් හානියට පත් ප්‍රදේශ සංවර්ධනයට ජාත්‍යන්තරය උදව් කරන්න ඕනේ,'' යැයි යාපනය මහ නගරාධිපති මනිවන්නන් ජර්මන් තානාපති හමුවේ පැවසීය.

නගර සභාවේ නගරාධිපතිවරයාගේ නිල කාර්යාලයේදී 29 වැනිදා පැවති මෙම කතා බහේදී දෙමළ ජනයාගේ ගැටලුවට විසදුම් ලෙස පෙඩරල් පාලන ක්‍රමයක් ගැන ද අවධානයට ලක් වී තිබේ.

''දෙමළ ජනයාගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වන පෙඩරල් ක්‍රමයක් පිලිබඳ තීන්දුවක් ලබා දීමටත්, දෙමළ ජනයාට සිදු වන හිංසාවන්ට එරෙහිව සාධාරණය ඉටු කිරීමටත්, ජර්මනිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ  මැදිහත් වීම අවශ්‍යය,'' යි පුරපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජර්මනියේ ප්‍රධාන නගර සමග ගිවිසුම් ගතව ඒකාබද්ධව ක්‍රියා කිරීමට යාපනය මහ නගර සභාවේ ඇති කැමැත්ත ද මෙහිදී ප්‍රකාශ කර තිබේ.  

රාජපක්‍ෂ ආණ්ඩුව බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම හා සිංහල ජනාවාසකරණය ගැන විශේෂ අවධානයක් යොමු කර, ඉඩම් හා පොලිස් බලතල සහිතව 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ඉකුත් 24 වැනිදා කොළඹදී ජර්මානු තානාපතිවරයා හා තමිල් ඊළාම් විමුක්ති සංවිධානය නොහොත් ටෙලෝ හි නායකයන් අතර සාකච්ජාවක් පැවැත්විණි.

එහිදී ටෙලෝ නායකත්වය තානාපතිවරයාගෙන් ඉල්ලා තිබුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ ලංකාව සම්බන්ධ යෝජනාවත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් මුලිමනින්ම ක්‍රියාත්මක කර පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමටත්, ආණ්ඩුවට බලපෑම් කරන ලෙසය.

උතුරට ගිය ජර්මන් තානාපති එහි ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ද  මුණ ගැසී තිබුණි.

 ghfgdhdfg

 

 


THE  LEADER  TV
 
 
 

බඩුමිල වැඩි කළාම සියය 10 ක් ඇමතිට !| මොණරවිලගේ ලියමන

 
PB පස්සේ ගිය BOI ලොක්කට වෙච්ච දෙයක් !
 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය