ප්‍රශ්නගත අධිකරණ තීන්දුවක් මගින් රන්ජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිව් වසරකට බන්ධනාගාරගත කරනු ලැබ සිටීම පිළිබඳව

තමන් ‘තැති ගැනී’ සිටින බව ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය එක්වරම එම දඬුවම නියම කරනු ලැබ තිබෙන්නේ සාධාරණ නඩු විභාගයක් පිළිබඳ සියලු සම්මුතීන් උල්ලංඝනය කරමින් එම දඬුවම හෝ තීන්දුව කිසිදු ලෙසකින් අධිකරණ විමර්ශනයකට ලක් කිරීමේ ඉඩ ප්‍රස්තාව අහුරමින් බව ද අන්තර් පාර්ලිමේන්තු සංගමය සඳහන් කරයි.

 

එමෙන්ම අදාළ නඩු තීන්දුව උපයෝගී කරගෙන ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම මෙන්ම හත් වසරකට ඔහුගේ ප්‍රජා අයිතිය අහිමිවීම පිළිබඳව ද සංගමය සිය බරපතල අවධානය පළ කර තිබේ.

 

එබැවින් රන්ජන් රාමනායකට සමාවක් ප්‍රදානය කර අධිකරණයට අපහාස කිරීමේ අධිකරණ ක්‍රියාදාමය හේතුවෙන් ඔහුට සිදුකරන ලද අසාධාරණය නිවැරදි කරන මෙන් ලොව පුරා පාර්ලිමේන්තු නියෝජනය කරන ජාත්‍යන්තර සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.

එම සංගමය පවසන්නේ, ජනාධිපතිවරයා සිය ඉල්ලීමට සාවධානව කන් දෙනු ඇතැයි බලාපොරොත්තුවන බවය.

සංගමයේ පාලක මණ්ඩලය ඉහත කරුණු සඳහන් කරන්නේ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායකට පනවනු ලැබූ සිර දඬුවම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් විභාගයට ගැනීමට නියම කරමින් ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත්කරමිනි.


තවදුරටත් කරුණු දක්වන පාලක මණ්ඩලය, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මතු වූ තත්වය සැලකිල්ලට ගෙන, අධිකරණයට අපහාස කිරීම පැහැදිලිව අර්ථකතනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.


රන්ජන් රාමනායකගේ සෞඛ්‍ය තත්වය මෙන්ම ඔහු රඳවා සිටින බන්ධනාගාරයේ පවතින තත්වය පිළිබඳව ද බරපතල අවධානය පළ කරන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ පාලක මණ්ඩලය, සිය ඉල්ලීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ අදාළ බලධාරීන් වෙත යොමුකරන මෙන් සංගමයේ මහ ලේකම්වරයාට නියම කරන අතර, පැමිණිල්ල පිළිබඳව තවදුරටත් විභාග කරන මෙන් අදාළ කමිටුවට නියෝග කර තිබේ.

D LKA 78 166 E 1

D LKA 78 166 E 2

D LKA 78 166 E3

 

 


Leader Whats app

 

 
 
මොණරෙට සීයයි සීයලාට අමාරුයි ! | මොණරවිලගේ ලියමන
 
 
 
රට ගිය බැසිල් ආයේ එන්නෙ අගමැති වෙන්න! | Gossip

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්