2021 දෙසැම්බර් 15 දින කොළඹදී පැවති ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ අයිතීන් සහ ඩිජිටල් මාධ්‍ය උද්දේශනය පිළිබඳ වැඩමුළුව

අවසානයේ දී ඩිජිටල් මාධ්‍යවේදීන් වෘත්තීයමය වශයෙන් සංවිධානගත වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම සහ ගුණාත්මක ඩිජිටල් ජනමාධ්‍යකරණයක් සඳහා වන ආචාරධර්ම පද්ධතියක මූලික එකඟතා ලියවිල්ලක් කෙටුම්පත් කිරීම සිදු විය.

ඩිජිටල් මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් හා දේශීය භාවිතාවන් පිළිබඳ පුළුල් අධ්‍යනයකින් පසුව, නව ආචාර ධර්ම පද්ධතියක් උදෙසා මූලික එකඟතා ලියැවිල්ල සකස් කිරීම ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරී සුකුමාර් රොක්වුඩ් ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක අධීක්ෂණය යටතේ සිදු විය.

කමිටුවේ සෙසු සාමාජිකයෝ වූයේ මාධ්‍යවේදී හා මාධ්‍ය පුහුණුකරු ආනන්ද ජයසේකර, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරී කමල් ලියන ආරච්චි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික මාධ්‍යවේදී චන්ද්‍රසේකර දොඩාවත්ත, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකා සීතා රංජනී, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ භාරකරු මාධ්‍යවේදී ලක්ෂ්මන් ගුණසේකර යන මහත්ම මහත්මීන්ය.


මෙම එකඟතා ලියැවිල්ල පදනම් කරගනිමින් වඩා පුළුල් සහභාගිත්ව ක්‍රියාවලියක් ඔස්සේ ඩිජිටල් මාධ්‍යවේදීන් සඳහා වෘත්තීය ප්‍රතිපත්ති මාලාවක් සහ ආචාර ධර්ම සංග්‍රහයක් ප්‍රකාශයට පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදු කිරීමට නියමිතය.



ඩිජිටල් මාධ්‍යවේදීන් සංවිධාන ගත කිරීමේ වැඩපිළිවෙළක්

එදින ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය එකමුතුවක් පිහිටුවීම සඳහා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කරගන්නා ලදී. එහි කැඳවුම්කරු ලෙස මංජුල සමරසේකර මහතා තේරී පත් වූ අතර කේෂනී එඩ්මන්ඩ් සහ කේ. එම්. රසූල් යන මහත්ම මහත්මීන් සම ලේකම් තනතුරු සඳහා තේරී පත් විය.
යෝශිතා පෙරේරා, සඳුන් අරෝෂ ප්‍රනාන්දු, රිස්වාන් සේගු මොහිදීන්, යසාරා චතුරංගි, චතුරංග එම්. ප්‍රදීප් කුමාර දිනේෂ් ද අල්විස්, එල්. තේවාතිරන්, තංගවේල් සාරණ්‍යා, කාමිලා බේගම් යන මහත්ම මහත්මීන් ක්‍රියාකාරී කමිටුව සඳහා තේරී පත් විය.

ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සාමූහිකත්වය ගොඩනැගීම සහ වෘත්තීය සංවර්ධනය අරමුණු කර ගනිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ක්‍රියාත්මක කර තිබෙන දිගුකාලීන වැඩ පිළිවෙලක එක් පියවරක් ලෙස මෙම එකඟතා ලියැවිල්ල කෙටුම්පත් කිරීම හා සංවිධානගත වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම සිදු විය.

 

 

Leader Whats app

 
 
 

 

මහින්දට බායි! අගමැති පුටුවට හායි!

 

ඒ සීයට දුන්නට මේ සීයා ගේමක ! | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්