ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීන රජයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක් ලබාදීමට එකඟතාවය පළකර ඇතැයි

මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය දින කිහිපයේ ඉන්දියාවෙන් ණය මුදලක් ලබාගැනීමට උත්සාහ දරමින් සිටි නමුත් එය සාර්ථක නොවුණු පසුබිමක, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ මැදිහත්වීම මත ඩොලර් බිලියන 1.5ක මුදලක් චීනයෙන් ලබාගැනීමට කටයුතු කර ඇතැයි ද වැඩිදුරත් වාර්තා වේ.

මේ අතර පසුගිය දා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව CC මට්ටමේ සිට CCC මට්ටම දක්වා පහත හෙළා ඇත.

ෆිච් රේටින්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ පොලී අනුපාත හා ද්‍රවශීලතා ප්‍රතිපත්ති තීරණ හේතුවෙන් මූල්‍ය සංචිත පහත වැටී ඇති බව සහ විදේශ විනිමය හිඟයක් නිර්මාණය වී ඇති බව දක්වමින් මෙලෙස ණය ශ්‍රේණිගත කිරීම පහත දමා ඇත.

කෙසේ නමුත් ෆිච් රේටින්ස් ආයතනය වෙත මහ බැංකු අධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් බිලියන 1.5ක චීන ආධාර මුදල සම්බන්ධයෙන් වාර්තා කර ඇතැයි ද එසේ තිබියදී මෙම ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට කටයුතු කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

 

Leader Whats app

 
 
 

මහින්දට බායි! අගමැති පුටුවට හායි!

 

 

ඒ සීයට දුන්නට මේ සීයා ගේමක ! | මොණරවිලගේ ලියමන

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්