අධිකරණ ඇමැතිවරයා වහා ඉවත් කළ යුතු බවට එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා

කර ඇති ඉල්ලීමක් දෙමළ මන්ත්‍රීවරයකු විසින් දැඩි ලෙස හෙලා දැක තිබේ.


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් එක රටක් එක නීතියක් නමින් පසුගියදා පත් කරනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, බොදුබල සේනාවේ නායක, ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ ඇමැති අලි සබ්රි එම තනතුරින් වහා ඉවත් කළ යුතු බවය.

''ඔහු අධිකරණ ඇමැති ධුරයේ දරන තාක් සහරාන් කරපු අපරාධවලට සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ,'' යැයි ඥානසාර හිමියන් මාධ්‍යයට ප්‍රකාශ කර ඇති බව වීරකේසරී පුවත් පත වාර්තා කර තිබේ.



මෙය ''ජනාධිපති පත් කළ ඇමැතිවරයකුට අස්වන ලෙස ජනාධිපතිගේ නියෝජිතයකු කරන බලකිරීමක්'' ලෙස හඳුන්වන දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා, ඥානසාර හිමියන්ගේ ප්‍රකාශයට විරෝධය පා එක රටක් එක නීතියක් බලකායේ දෙමළ හා මුස්ලිම් නියෝජිතයන් ඉල්ලා අස්විය යුතු බව තම මුහුණු පොතේ සටහනක් තබමින් ඉල්ලා සිටී.



අලි සබ්රි සහ ඩග්ලස් දේවානන්ද වැනි ඇමැතිවරුන් ආණ්ඩුවේ සිටීමෙන් දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ‘අවම මට්ටමින් හෝ’ රජයේ අවධානයට යොමු කිරීමට ඉඩ සැලසෙන බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ විශ්වාසයයි.

එක් රටක් එක් නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායට ඥානසාර හිමියන් පත් කිරීම ගැන අධිකරණ ඇමැති අලි සබ්රි ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවා සිය කනස්සල්ල පළ කර ඇති බව පෙන්වා දෙමින් මාධ්‍යවේදීන් විසින් ඒ හිමියන් වෙත යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා ඇත්තේ අධිකරණ ඇමැති ඉල්ලා අස් විය යුතු බවයි.

''මාව සභාපති ලෙස පත් කළාට විවේචන ගොඩාක් තිබුණා, ඔක්කොම පුද්ගලික විවේචන කරපුවා, මම බලා ගෙන ඉන්නවා, මේවා ගණන් ගන්නේ නැහැ,'' යැයි ද ඥානසාර හිමියෝ පවසති.



ජනාධිපතිවරයාගේ සමීපතමයෙක්

අධිකරණ ඇමැති අලි සබ්රි ද ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් වන අතර  ඔහුගේ පෞද්ගලික නීතිඥයා ද වේ. පසුව ජනාධිපති ගෝඨාභය විසින් අලි සබ්රි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කොට අධිකරණ ඇමැති ධුරය පිරිනැමිණි.

මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් පිළිස්සීම සිදු කළ ආණ්ඩුවක නොඉඳ ඉල්ලා අස්වන ලෙස තම ප්‍රජාවගෙන්ම මතුවූ ඉල්ලීම් අලි සබ්රි විසින් ඒ සමයේ නොතකා හරින ලදී.  

 
 

 

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

 

අගමැති හදිසියේම තිරුපති ගියේ ඇයි ? | The Leader TV | Gossipa

 

බැසිල් රට ගිය රහස හෙළිවෙයි! | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්